අචල සිතක ගොඩනැඟෙන
නිසල කුසල පිළිවෙත
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ කො/ප්‍රාදේශීය සංඝ සභාවේ දිසා පාලක,
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
නාගොඩ නන්දපාල හිමි
කුසල් යනු දෙලොව යහපතට හේතුවන යහපත් වැඩ යි.
සබ්බ පාපස්ස අකරණ
ªසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධාන සාසනං
යහපත් සමාජ සේවාවන්හි නිරත වන අය ලෝකයාගේ
ප්‍රශංසාවට උපහාරවලට ලක්වීම වැළැක්විය නොහැකි ය. සමහරවිට කුසල් කරන
කරවන අය ප්‍රශංසා බලාපොරොත්තු වන අවස්ථා ද ඇත. කෙසේ වෙතත් අවබෝධයක්
ඇතිව කුසල් කරන්නාට ප්‍රශංසා අවශ්‍ය නැත. නමුත් නිස්සරණාධ්‍යාශයෙන්
පරිත්‍යාගශීලීව කටයුතු කරන අයට පරිත්‍යාග ලබන අයගෙන් ප්‍රශංසාත්මක
කෘතගුණෝපහාර දැක්වීමට බුදු දහම හරස් නොවේ.
යන ගාථාවේ සඳහන් වන්නේ ද පව් කිරීමෙන් වැළකී කුසල්වලට හිමිකරුවකු වන බව
යි. කායික, වාචසික මානසික යන තුන් ආකාරයකින්ම කුසල් අකුසල් රැස් වන
ආකාරය බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් සේක. කායික වශයෙන් ගත් කල සත්ව
ඝාතනය, හොරකම, කාමයේ වරදවා හැසිරීම අකුසල් ලෙසත්, සත්ව ඝාතනයෙන් වැළකීම
හොරකම් නොකිරීම්, කාමාස්වාද වැරැදි ආකාරයෙන් ලබා නොගැනීම කයින් සිදුවන
කුසල් ලෙසත් සැලකිය යුතු යි. වචනයෙන් සිදුවන අකුසල් නම් බොරු කීම,
කේලාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන ප්‍රලාපකියමින් කාලය ගෙවා දැමීම
යි. මේවා අකුසල් වන අතර, මේ අසුභ අවැඩ ක්‍රියාමාර්ග වලින් වැළකී සිටීම
කුසල් බව දත යුතු යි. මේ සියල්ලටම වඩා සිතින් සිදුවන අහිතකර අකුසල්
වශයෙන් අභිධ්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන අකුසල ද හඳුනාගත යුතු යි.
දැඩි ලෝභකම, අන්සතු දේපල නිලතල තනතුරු හිමිකරුවන්ගේ අයිතිය විවිධ
ක්‍රමෝපායවලින් නැතිකර තම අතට ඒවා පවරා ගැනීමට ඇති දැඩි ආශාව යි. මෙය
අති භයානක මානසික රෝගයක් වශයෙන්ද සැලකිය හැකි යි.එම ආශාවේ ආදීනව සලකා
අනර්ථකාරී බව වටහාගෙන එයින් වැළකී සිටීමට අධිෂ්ඨාන කර ගැනීම කුසලයකි.
ව්‍යාපාද නම් ගතිය යි.
තමාගේ හිත තමාටම පාලනය කරගත නොහැකි ආවේගවලින් පිරීම, අකුසලයකි. මෙය
අනිවාර්යයෙන්ම පාලනය කරගත යුත්තකි. එසේ නොවුණහොත් මිනිස් ජීවිතයේ
වටිනාකම වැනසෙනවාම යි. මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ගුණාත්මක
වශයෙන් නුවණින් හා ඉවසීමෙන් වැඩි දියුණු කර ගැනීමෙන් කටයුතු කිරීම
කුසල් කිරීමකි. බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ නුවණ ඇති කවරෙකු හෝ
අප්‍රසාදය පළ කරන සුළු හෝ වරදක් නොකළ යුතු බව යි. කරණීය මෙත්ත සූත්‍රයේ
එන ‘නචඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤුපරෙ උපවදෙය්‍යුං සුඛිනොවා ඛේමිනො
හොන්තු සබෙබව සත්තා භවන්තු සුඛිතත්තා’, මේ වටිනා තථාගත උපදේශය තම තමාගේ
ජීවිතවලට ප්‍රගුණ කර ගැනීම කුසල් දහම්වලින් ජීවිත සකසා ගැනීමට මං
විවරකර ගැනීමකි.
කුසල්වල බලය අසීමිත යි. එය හරිහැටියටම අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ
වදාළේ පාප කර්ම පවා කුසල් බලයෙන් පරාජය කළ හැකි බව යි. ධම්ම පදයේ ලෝක
වග්ගයේ 7 වන ගාථාව ඔබගේ අවධානයට යොමු කර බලන්න.
යසස්පාපං කතං කම්මං
කුසලෙන පිථී යති
සො ඉමං ලොකං පභාසෙති
අබ්භා මුතෙතාව චන්දිමා
කළ පාප කර්ම ඔහු කළ තවත් ප්‍රබල කුසල කර්මයක් නිසා වැසී යා හැකි අවස්ථා
ඇති විය හැකි යි. ඒ තැනැත්තා වළාකුලින් නිකුත් වූ සඳ මෙන් ලෝකය බබළවයි.
මෙවැනි බලයක් ඇති කුසල් කිරීමට කාගේවත් ප්‍රශංසා කුමටද? අවශ්‍ය වන්නේ
කුසල් හා අකුසල් නිවැරැදිව පහදා දිය හැකි කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය යි.
බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ පාප මිත්‍ර ආශ්‍රයෙන් ඈත්වීමේ
වටිනාකමයි. කළණ මිතුරන් හඳුනා ගෙන ඇසුරු කිරීමටයි. කළ්‍යාණ මිතුරා තම
ඇසුරු කරන්නා යහමඟට දිරිගන්වයි. “කත්තබ්බං කුසලං” යන බුදුවදනින් දෙසූ
ලෙස ආශ්‍රය කරන්නන් සාමූහිකව පින් දහම් වලට පෙළගස්වයි.
යහපත් සමාජ සේවාවන්හි නිරත වන අය ලෝකයාගේ ප්‍රශංසාවට උපහාරවලට ලක්වීම
වැළැක්විය නොහැකි ය. සමහරවිට කුසල් කරන කරවන අය ප්‍රශංසා බලාපොරොත්තු
වන අවස්ථා ද ඇත. කෙසේ වෙතත් අවබෝධයක් ඇතිව කුසල් කරන්නාට ප්‍රශංසා
අවශ්‍ය නැත. නමුත් නිස්සරණාධ්‍යාශයෙන් පරිත්‍යාගශීලීව කටයුතු කරන අයට
පරිත්‍යාග ලබන අයගෙන් ප්‍රශංසාත්මක කෘතගුණෝපහාර දැක්වීමට බුදුදහම හරස්
නොවේ. එයින් සිදුවන්නේ බලා සිටින අයද කුසල් දහම් සඳහා පෙළඹවීමකි. එය
සමාජයම යහමගට යොමුකිරීමක් නොවන්නේ ද? කුසල් කරන්නාට ප්‍රශංසාව අවශ්‍ය
නූනත් සමාජය සුඛිත මුදිත කිරීමට කුසල් කරන්නන් හඳුන්වාදීම
පුණ්‍යකාමීන්ගේ වගකීමක් නොවන්නේ දැයි සිතා බලන්න. ප්‍රශංසා ලැබුණත්
නැතත් හැම කෙනෙක්ම පින් දහම් කරගත යුතු යි. ඒ බව බුදුරජාණන් වහන්සේම
නොයෙක් අවස්ථාවලදී දේශනා කළ බව මතක තබා ගන්න.
පුඤ්ඤං චෙ පුරිසො කයිරා
කයිරා තෙ තං පුනප්පුනං
තම්හි ජන්දං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස උච්චයො
පින් කිරීමට කෙනෙකුගේ බලකිරීමක් අවශ්‍ය නැත. බුදුරජාණන් වහන්සේ ද කිසිම
කෙනකුට බලකිරීමක් කළේ නැත. ‘කන්තබ්බං කුසලං’ යනුවෙන් කුසල් කළ යුතු ය.
යනු උන්වහන්සේගේ ඉගැන්වීම යි. නැවත නැවතත් එසේ ඉගැන්වූයේ කුසල ධර්ම වල
නිරතවීම සැපතටම හේතු වන නිසයි. සසර සැප පිණිසම හේතුවන පින්කම් නිසා
කෙලෙසුන්ගේ බලය හීන වෙයි. කෙලෙස් ශක්තිය දුබලකිරීම මහත් වෑයමකින්ම කළ
යුතු දෙයකි. බුදුරජාණන් වහන්සේත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ ද බොහෝ සේ
වෑයම් කිරීමේ ප්‍රතිඵල වශයෙන් සසරින් ජයගත්හ. එය එසේ නම් කුසල් රැස් කර
ගැනීමට කාගෙන්වත් ප්‍රශංසා අවශ්‍ය නැත.
පින් කිරීමට බුද්ධිය ද අවශ්‍ය යි. මෙලොව පහළ වූ අසමසම බුද්ධිමතා වන
බුදුරජාණන් වහන්සේ ඒ බව ධම්ම පදයේ පාප වග්ගයේ හත් වන ගාථාවෙන් පෙන්වා
දී ඇත. පින් කිරීමට උනන්දු කරවන ආකාරය දෙස අවධානය යොමු කර බලන්න.
මාප්පමඤේඤථ පුඤ්ඤසස
නමනතං ආගමිස්සති
උදබින්දු නිපාතෙන
උදකුම්භොපි පුරති
පුරතී ධීරො පුඤ්ඤස්ස
ථොක ථොකම්පි ආච්නං
පිනේ විපාකය සුළු කොට නොසිතිය යුතු යි. දිය බිඳ බිඳ වැටීමෙන් කළය
පිරෙන්නා සේ ටික ටික වරින් වර කරන පින් නිසා බුද්ධිමතා පිනෙන් පිරී
යයි. මෙවැනි අසිරියක් ඇති පින හඳුනාගත් බුද්ධිමතා පින් කරන්නේ,
කාගෙන්වත් පැසසුම් බලාගෙන නොවෙයි. පින් කරන බුද්ධිමතා සමාජයට
හඳුන්වාදීම ප්‍රශංසා කර පින අගය කිරීම, පසු පස සිටින්නන් දිරි
ගැන්වීමක් ද වනවා ඇත.
එබඳු අවස්ථාවකදී පින්කම්වල ආනිශංස ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කිරීම
නොපැහැදුණු අයගේ පැහැදීමටත් පැහැදුනවුන්ගේ සිත් සතන් වඩ වඩාත්
පුබුදුවාලීමටත් ප්‍රයෝජනවත් වෙයි. කුසල ධර්ම තමාටද අනුන්ට ද වැඩදායක
යි. එබඳු ඵලදායක කුසල් සිදු කිරීම ස්වභාවයෙන්ම අසීරු යි. අමාරු යි.
තමාගේ ජීවිතයට දෙලොවෙන්ම අහිතකර අයහපත් දේ ළඟා කර ගැනීමට වෙහෙසිය යුතු
නැත. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ආත්ම වග්ගයේ දී
සුකරානි අසාධූනි
අත්තනො අහතකානිච
යං මේ හිතං ච සාධුංච
තංවෙ පරම දුක්කරං
යනුවෙන් දේශනා කරන්නේ එහි යථා තත්ත්වයයි. මේ සියලු දේශනා වලින් වටහාගත
යුතු වන්නේ අනුන් දෙස බලා නොසිට බුදු දහම තේරුම්ගෙන, අනුන්ගේ ගුණදොස්
විවේචන වලට වහල් නොවී හිතට එකඟව ප්‍රශංසා දොස් පරොස් පසෙක දමා හැකි හැම
මොහොතකදීම කුසල් කළ යුතු බව යි. |