Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලවතුගොඩ සුගතාරාමයේ බුද්ධ මන්දිරය හා ධර්ම ශාලාව විවෘත කැරේ

තලවතුගොඩ හෝකන්දර පාරේ රුහුණුපුර ශ්‍රී සුගතාරාමයේ අභිනව විහාර මන්දිරය හා ධර්ම ශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් විහාරාධිපති මෙදේරිපිටියේ තපස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි දෙසැම්බර් 21 වනදා සිට 31 වනදා දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.

21 වනදා පස්වරු 5 ට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් අතින් නව විහාර මන්දිරය විවෘත කිරීමද, ශ්‍යාමෝපාලි වංශික සියම් මහා නිකායේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ගැට්ටේපොල විමලරතන මහනාහිමියන් අතින් නව ධර්ම ශාලා මන්දිරය විවෘත කිරීමට ද නියමිතව තිබිණි. එම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි වීමට නියමිතව තිබිණි.

ඉකුත් 21 වනදා සම්භාවනීය ගිහි පැවිදි ආරාධිත අමුත්තන් අතින් විහාර මන්දිරය විවෘත කැරුණු අතර එදින පදලංගල ධම්මදේව හිමියන් මෙහෙයවන ලද ආශිර්වාද පින්කමක් ද එදින සිට 28 වනදා දක්වා ධර්ම දේශනා මාලාවක්ද දිනපතා රාත්‍රී 7.30 ට පැවැත්වේ. ඒ අනුව 22 වනදා මාවරලේ භද්දිය හිමි, 23 වනදා මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, 24 වනදා ආචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි, 25 බොරැල්ලේ අතුල නාහිමි, 26 වනදා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති අගලකඩ සිරිසුමන හිමි, 27 වනදා දොඩම්පහළ රාහුල හිමි, 28 වනදා ආචාර්ය ඉත්තෑපානේ් ධම්මාලංකාර අනුනාහිමි එම දහම් දෙසුම් පවත්වති. 29 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද 30 වනදා හැත්තෑපස් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවද 31 වනදා ආශිර්වාද පින්කමක්ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.