Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුනාමි විපතින් මිය ගිය ජනතාවට පින් දෙන පින්කම 25 – 26 දිනවල ශ්‍රී දළදා මාළිගාවේ දී

වසර හතරකට (4) පෙර ඇති වූ සුනාමි විපතින් මියගිය රටවැසි ජනතාව සිහිපත්කර එම පවුල් වල උදවිය වෙනුවෙන් පින් අනුමෝදන් කරවන ආගමික වැඩසටහනක් දෙසැම්බර් 25, 26 දිනවල ශ්‍රී දළදා මාලිගාවේ දී අස්ගිරි මහා විහාරයීය, සමාජ සත්කාර පදනම මගින් සංවිධානය කර ඇත.

පදනමේ සභාපති, මධ්‍යම පළාත් දේශීය වෛද්‍ය සංගමයේ සහ මහනුවර ගඟවට කෝරළයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ ද සභාපති වෛද්‍ය බෝගමුවේ ඉන්දරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම පින්කම දෙසැම්බර් මස 25 වන දා සවස ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනැමෙන ගිලන් පස මල් පහන් පූජාවකින් ආරම්භ කෙරේ. පසුදින මහා සංඝරත්නය හැටනමක් විෂයෙහි පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාවකි. එම පින්කම රට, ජාතියේ ආරක්‍ෂාවත්, සෞභාග්‍යයත් එවැනි අකල් විපත් කිසි දිනක ඇති නොවී මව්බිම නිරුපද්‍රිතව රැකේවා යන ප්‍රාර්ථනා රැසක් මුල් කරගෙන පැවැත්වෙන බව, වෛද්‍ය ඉන්දරතන හිමියෝ සඳහන් කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.