ඓතිහාසික ගඩලාදෙණිය විහාරය සහ ගිරිමත කෙටූ දම්කිතු හිමි හසුන
බොරලැස්ගමුව මහා විද්‍යාලයේ,
චිත්‍ර කලා ආචාරිනී,
එම්. නිලන්ති මානෙල්
මහනුවර දිසාවට අයත් උඩුනුවර ගඩලාදෙණියේ සුන්දර වූ පුළුල් ගල්තලාවක් මත
ක්‍රි.ව. දහහතරවැනි සියවසේ පමණ කර වූ බෞද්ධ සිද්ධස්ථානයකි. ආරම්භයේදී
සම්පූර්ණයෙන්ම කළුගලින් තනන ලද මෙය විශේෂ වූ අවධානයට යොමුවන්නේ දකුණු
ඉන්දියානු වාස්තු විද්‍යාත්මක අංගයන්ගෙන් යුතු බෞද්ධ විහාරස්ථානයක්
බැවිනි. දකුණු ඉන්දීය විජය නගර් ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගම්පල යුගයේදී
නිර්මාණය වූ ගඩලාදෙණි විහාරය ගම්පල රජකළ සිව්වන බුවනෙකබාහු රජු දවස
(ක්‍රි.ව. 1341 - 1351) ධම්මකීර්ති හිමිපාණන් වහන්සේගේ් අනුශාසනා පරිදි
සේනාධිලංකාර ඇමතිවරයා විසින් ගොඩනගන ලදී.
එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා වූයේ දකුණු ඉන්දීය ආචාර්යවරයකු වූ
ගණේශ්වරාචාර්යයන් ය. එහි පාදමෙහි නටන වයන රූපාවලියක් අල්ප උන්නතව ජීවමය
බවින් යුතුව කැටයමට නගා ඇත. විහාරය ඉදිරිපිට ශෛලමය ත්‍රිත්ව ගල්කුළුණු
මත සිංහ රූප දක්වා ඇත. එහි කුළුණු බඳෙහි ජනේලයක වෘෂභයක පිට නැගි
මිනිස් රුවක්ද මත්ස්‍යයකු පිට නැගි මිනිස් රුවක්ද කැටයම් කොට ඇත.
විහාරයට පිිවිසෙන දොරටුව දෙපස සිංහ රුවක් සහිත ශෛලමය කොරවක්ගල් දෙකකි.
විහාරයට දකුණු පසින් උපුල්වන් දෙවියන් වෙනුවෙන් ඉදි වූ කුඩා දෙවොලකි.
ගර්භාගෘහයේ හිඳිපිළිමයක් හා හිටිපිළිම සතරක් දක්නට ඇත. එම ප්‍රතිමා
පසුකාලයේ මහනුවර යුගයේ ලක්ෂණවලින් යුක්ත වේ. විවෘත දෙනෙත් දියරැලි ආකාර
චීවරය, වෘත්තාකාර මුහුණින් යුතු එය භක්තිය මතු කරවන්නකි.
චීරාසන ක්‍රමයෙන් හා ධ්‍යාන මුද්‍රාවෙන් යුතු එම බුද්ධ ප්‍රතිමාවේ
උෂ්ණීෂය මත සිරස්පතකි. මකර තොරණක්ද දක්වා ඒ මත ශක්‍ර, සුයාම, සන්තුසිත
හා නාථ මෛත්‍රී දේවරූප මූර්තිමත් කර ඇත. විහාරයේ වහලය පැතලි ගල් පුවරු
වලින් යුක්ත වන අතර උඩුමහලෙහි අටැස් වූ කළුගලින් නිම වු දාගැබ් හැඩැති
ගෙඩිගේ නම් හින්දු ගෘහ නිර්මාණ ලක්ෂණයකි.
විහාරය ඉදිරිපිට විජයොත්පාය නම් වූ චෛත්‍යයක් ගල්තලාව මත ඉදිකොට ඇත. එය
වටා සිවු දෙසින් කුඩා දාගැබ් සතරක් ද පහලින් ප්‍රතිමා ගෘහ සතරක් ද
දක්නට ඇත. ප්‍රතිමා ගෘහ තුළ වැඩහුන් ප්‍රතිමා හිඳුවා විජයොත්පායට
ඉහළින් වහලයක් ද තනවා ඇත. පසු කාලයෙහි, එනම් මහනුවර යුගයෙහි ශෛලිය අනුව
ගඩොල් හා දැව භාවිතයෙන් ගඩලාදෙණි විහාරය ප්‍රතිසංස්කරණය කොට ඇත.
අතීතයේ ගඩලාදෙණි විහාරයට පිවිසිය යුතු වූයේ ඊසාන දෙසිනි. එම පිවිසුම්
පියගැට පෙළට දකුණ පැත්තෙහි වූ ගල්තලාවෙහි අඩි 24 ය 13 ක විශාල කොටසක්
සෙල්ලිපිවලින් වැසී ඇත.
1. ගල්තලාවේ ඉහලින්ම පිහිටි සෙල්ලිපිය පසළොස්වන සියවසට අයත් සිරි සඟබෝ
ශ්‍රී පරාක්‍රමබාහු නමින් හඳුන්වන ලද නරපතියකුගේ කෙටි ලිපියකි.
2. එයට පහළින් එම කාලයටම අයත් එතුමාගේම තෙවැනි අවුරුද්දෙහි ලියැවුණු
පේලි පහකින් යුත් සෙල් ලිපියකි.
3. පැරැණි වූද, දිගු විස්තරයක් සහිත තෙවැනි ලිපිය ඒ සමගම පහළින් කොටා
ඇත. ධම්මකිර්ති හිමියන් විසින් කර වූ ලේඛනය වන්නේ ද පසුව සවිස්තරාත්මකව
පැහැදිලි වන්නේ්ද එයයි.
4. අනතුරුව සේනා සම්මත වික්‍රමබාහුගේ ලිපිය දක්වා ඇත.
5. එයට පහළින් බුද්ධ වර්ෂ 2054 දින යෙදූ ලේඛනයකි.
6. එම ලේඛනයට පසුව බෝගස සමීපයෙහි පිහිටි මැකී ගිය සෙල්ලිපි දෙකකි.
7. අනතුරුව, වැදගත්වන ලිපියක් සිද්ධස්ථාන දොරටුව ඉදිරිපස පිහිටි පුවරු
කණුවක ඇත.
ධම්මකීර්ති ස්ථවිර පාදයන්ගේ් ගිරිලිපිය
ගඩලාදෙණිය විහාර බිමේ කළුගල්තලාවෙහි ලියැවී ඇති තෙවැනි ශිලා ලිපිය වන
මෙය පැරැණිම හා දීර්ඝතම ශිලා ලිපියයි. අඩි 14 ය අඩි 13 1/2 ප්‍රමාණයක්
පුරා ගල්තලය මත පැතිර ඇති මෙය පේළි 45 කින් යුක්ත වූ අතර අවසන් පේළි
තුන සම්පූර්ණයෙන් මැකී ඇත. ලිපියෙහි පළමු පෙළ අනෙක් ඒවාට වඩා අඩියක්
පමණ දකුණට විහිද ඇත. එම පෙළෙහි සෑහෙන ගැඹුරු අක්ෂරවලින් කොටන ලද
සංස්කෘත ශ්ලෝකයකි.
ශිලා ලිපියේ ඇතැම් තැනෙක පතුරු ගැලවී ඇති බැවින් හිස්තැන්ද පවතී. මෙම
දිගු ලිපිය දහහතරවැනි සියවසෙහි භාවිත වූ සිංහල අක්ෂරයෙන් ලියැ වී ඇත.
මෙහි අක්ෂර නැමීයන නව හැඩයන් පිළිබඳව අවධාරණය කරමින් ලියා ඇත. අක්ෂරවල
සමතාවයක් දක්නට නැත. ශිලා ලිපිය මංගල වචනයන්ගෙන් ආරම්භ වෙයි. පසුව
‘ඉන්ද්‍රවඡ්‍ර’ වෘත්තයෙන් කළ සංස්කෘත ශ්ලෝකයකි. පසුව එන කරුණු නිවැරැදි
සිංහල භාෂා ශෛලියෙන් ව්‍යාකරණානුකුලව ලියැවී ඇත. ‘ස්ථපති’ යන සංස්කෘත
වචනය අනෙක් සිංහල ලේඛනයක සඳහන්ව නැත.
මෙහි සඳහන් දිනය ලෙස පිළිගැනෙන්නේ ශකවර්ෂ 1266 වෛශාඛ හෙවත් වෙසග මස
පුන්පෝය දිනයයි. එනම් ක්‍රි.ව. 1344 අපේ‍්‍රල් මස 28 වැනි බදාදා
දිනයයි. එය සිව්වැනි බුවනෙකබාහු රජුගේ තෙවැනි වර්ෂය ලෙසද හඳුන්වා ඇත.
ඔහු ගම්පළ රජකළ ප්‍රථම සිංහල රජතුමාද විය. එකල වඩාත් බලසම්පන්න
ඇමතිවරයා වූයේ සේනාධිලංකාරයන් ය.
මෙම ශිලා ලේඛනයේ අන්තර්ගත වන්නේ ගණවැසි පරපුරෙන් ආ මහා ස්ථවිර
ධර්මකීර්ති ස්වාමීන් වහන්සේ විසින් ගඩලාදෙණි විහාරය ගොඩනැගීමේ පුවතයි.
එහි ඉදිකිරීම් පිළිබඳ විස්තර සඳහා ලේඛනයෙන් තුනෙන් එක් කොටසක් වෙන්ව
ඇත. පසුව සඳහන් වන්නේ නොයෙක් ප්‍රභූවරුන් විසින් විහාරයට පූජාකරන ලද
ඉඩකඩම් පිළිබඳවයි. ගණවැසි පරපුර විසින් ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධි
වෘක්ෂය රැගෙන ආ බව අනතුරුව සඳහන් වේ. මහාබෝධි ශාඛාව සමග ලක්දිව පැමිණි
සුමිත්‍ර සහ බෝධිගුප්ත නම් ශාක්‍ය කුමාරවරුන් අයත් වු ලමැනි පරපුරට අපර
නාමයක් ලෙස ‘ගණවැසි’ යන්න යෙදී ඇතැයි සද්ධර්මරත්නාකරයේ එයි.
ධර්මකීර්ති හිමිපාණන් දහහතරවැනි සියවස මැද කාලයෙහි ලක්දිව විසූ
අතිශ්‍රේෂ්ඨ උත්තමයෙකි. උන්වහන්සේ දෙවැනි පැරකුම්බා රජ සමයෙහි ශ්‍රී
පාද කන්ද අසල කරවන ලද පළාබත්ගල (පුටභත්තසෙල) ආරාමය මධ්‍යස්ථානය කරගත්
වනවාසී භික්ෂූ නිකායට අයත් වූහ. උන්වහන්සේ පාරමි ශතකය හා ජනානුරාගචරිත
නම් ආදි පාලි ග්‍රන්ථයන්හි කතෘවරයාණන් ද වූහ. කෑගල්ල දිස්ත්‍රික්කයේ
අලවතුර නම් වූ ශෛලමය විහාරයක් ද උන්වහන්සේ විසින් තනවන ලද බව සඳහන්ව
ඇත. ශ්‍රේෂ්ඨ අලකේෂ්වරයන්ගේ් සමයෙහි සංඝ ශුද්ධියද නිකායාන්තර
සාමගි‍්‍රයද උන්වහන්සේ නිසා සිදු වූ අතර නාහිමිපාණෝ වසර 110 ක් ආයු
වැළඳු බව කියැවේ.
ගඩලාදෙණි විහාර කර්මාන්තයට පෙර ධර්මකීර්ති ස්ථවිරයෝ අමරාවතියේ
(ඉන්දියාවේ ශ්‍රී ධාන්‍යකටකයේ) දෙමහල් පිළිමගෙයක් පිළිසකර කරවූ බව මෙම
සෙල්ලිපියේ සඳහන් ය. විහාරයේ වාස්තු විද්‍යාත්මක අංගයන් හා එය අලංකාර
කළ පිළිම, සිතුවම් පිළිබඳව ද එහි විස්තර කොට ඇත. ඒ අනුව ගඩලාදෙණි
විහාරය මුලින්ම තෙමහල්ව ගොඩනගා තිබූ බව අනාවරණය වෙයි. එනම් (1)
බිම්මාලය (2) අර්ධ මණ්ඩපයේ හා අන්තරාලයේ වහල , (3) විමානයේ කුටිය
ලෙසයි.
සෙල් ලිපියට අනුව බිම්මාලයේ හිටි පිළිම දෙකක් මැද වැඩහිඳින බුද්ධ
ප්‍රතිමාවක් විය. ඒ පසුපස මකර තොරණක් දේව රූප සහිතව නිර්මාණය වී ඇත.
අතීතයේ බුදු පිළිමය නිර්මාණය වී ඇත්තේ බෝධි වෘක්ෂයක් යට වැඩහිඳි
අයුරිනි. බුදුරදුන් විසින් දෙවිවරුන් ට විජම්බණ දෙසීම මූර්තිමත් වූ
පිළිමයක් විමාන කුටියෙහි තිබූ බව සෙල්ලිපියේ සඳහන් ය. පසු කාලයේ එම
ප්‍රතිමාව අතුරුදන් වූ අතර මහනුවර යුගයේදී විමානයේ වෙස්සන්තර ජාතකය
සිතුවම් කර ඇත.
ශිලා ලේඛනාගතව ඇති ආකාරයට ගඩලාදෙණි ගෘහනිර්මාණ ශිල්පියා දකුණු ඉන්දීය
ශිල්පී ගණේශ්වරාචාරිය. අනුග්‍රහය දැක්වූවන් අතර වැදගත් තැනක් ගන්නේ
සේනාධිලංකාර ඇමතිවරයා ය. ගොඩනැගූ සමයෙහි ගඩලාදෙණි විහාරය පිහිටියේ
උඩුනුවර හා යටිනුවර ප්‍රදේශයන් මායිමේ ය. එකල එය ‘සිඟුරුවාන’ හෙවත්
‘සිදුරුවාන’ නමින් හඳුන්වා ඇත. එකල ගඩලාදෙණි විහාරයට පූජාකළ ඉඩම්
පිහිටි ප්‍රදේශ රැසක් වේ. එනම් ඉලුපැන්දෙනිය. මායත්ගමු, නාරංරියන,
මිඟිනියාපොත්ත උණපතාගෙ, පමුණුව, රන්ගම, දැලිවෙල, කිරිවවුල පිලිගම,
ඇම්බැක්ක, සෑපාණ, සන්දෙස්ස, පිළිමතලවුව, ඇඹුල්මීගම, ගන්නෝරුව, මංගලගම,
උඩුවෙල, අළුදෙණිය, බිසෝවල, ඉද්දවෙල සහ උතුරාල්ලයි. වර්තමානයේ මෙම
නාමයන් වෙනස්වීම් වලට බඳුන්ව ඇත.
අතීතයේ විසූ යහපත් පුරවැසියන්ගේ ශ්‍රමයෙන් නිර්මාණය වූ ගඩලාදෙණි විහාරය
රැක ගැනීම ලක්වැසි සියලු බෞද්ධයන්ගේ පරම යුතුකමයි.
1. ස්වස්ති ශුභමසතු ශ්‍රී ධර්මකීර්ති ස්ථවිරාධි (කාෙරෙ) ජනාන්වි තු (ං)
පුණ්‍යමනෛකරූපා කාරාපයන් ශ්‍රීඝන ශ්‍රී විහාරං
2. ශ්‍රී ශකවර්ෂයෙන් එක්වා (දහස්) දෙසිය සසැට අවුරු (ද්දක්පි) රුණු (ස)
න්ද (මෙ) කල් රජ පැමිණි ත්‍රිසිංහ
3.ළාධීශ්වර භුවනෛකබා (හු න) රෙන්ද්‍රයහට තුන්වනු (වෙසග (පුර) පසළොස්වක
ශ්‍රී මහා බෝධි වඩා
4. ශ්‍රී ලංකාද්වීපයට පැමිණි (ගණ) වැ (සි) වංශාභිඡාත ධම්මකීර්තිති
ස්ථවිරපාදයන් වහන්සේ ද
5. මබදිවැත් ශ්‍රී ධාන්‍යකටයෙ (දෙමා) ල් පිළිමගෙයක්.. බොහො (ර) න්
(රුවන්).. (ලං)කාද්වීප
6. යෙහිත් (බොහො) කාලයක් පවත්නා ලෙසැ සි (ලාමය පිළ) මගෙයක් කරවනු
කැමැති වැ රජ යුව
7. රජ අ(ධිකාර සෙ) නෙවිරත් (අÀථී) නාය (ක).... නායක.... නායක.... ලිය
8. න්නන් ආ (දි වූ පෘ) ථුවීශ්වරයන් ද ..... න් ද (ක්‍ෂත්‍රිය) බ්‍රා
(හමණ වෛ) ශ්‍ය ශුද්‍රාදි (උත්ත) මා
9. ධම ජනයන් ද සිංහල දෙමළ ආදි වූ..... සෙනාකෙ... තන .... කරවා පණමින් ල
(ක්)
10. ෂයක් විචරත් වී තුන්සියයක් යාළ විචරත් (දී) වාසතුශාස්ත්‍ර
ප්‍රතිමාශ (ා සත්‍රාදි) යෙහි වී...
11. ස්ථපතිගණාධිපති ග (ණෙ) ශ්වරාචාරින් ප්‍රධාන කොට ඇති ආචාරිවරුන් ලවා
සි (ඟුරු) වාණො දෙ
12. නුවර මද්ධයෙ දික්ගල අතළෙ තුන්මාල් පිළිමගෙය කරවනසෙක් පල්ලෙ මාලෙ
ශක්‍ර බ්‍රහ්ම
13. සූයාම සන්තුෂිත නාථ මයිත්‍රී ආදි දෙවියන් විසින් පිරිවරන ලද
වජ්‍රාසනාරූඪවැ බෝධීන්වහ
14. න්සෙට පිට ලා වැඩැහුන් සධාතුක මහපිළිමසාමී (නුත්) අනුපිළිම දෙදෙනා
වහන්සේත් (නො)
5.යෙක් චිත්‍රකම්මාන්තයෙන් විචිත්‍ර කොට මුදුන්මාලෙ චෛත්‍ය ගබ¢ගයෙහි
පා(රිඡාත) වෘ
16. ක්‍ෂමූලයෙහි පාණ්ඩුකමබලා (සනා) රූ) ඩවැ මාතෘදෙව පුත්‍ර ප්‍රමුඛ
ශක්‍රබ්‍රහ්මාදි දෙ (වියන් පි) රි
17. වරා විජම්දෙශනාවට වැඩහුන් (බුද්ධ) රූපය කරවා වි (හාර) යට
ආරක්‍ෂාවකුත් උව මැනැවයි... දෙ
18. විරජගෙයකුත් කරවා බෝධි චෛත්‍ය පුෂ්පාරාම ඵලාරාමා (දීන්) සරහා
තමන්වහන්සෙ ...... ය.
19. න් කරවන ලද... ධර්‍මමකීර්ති නම් මෙවිහා (රය දැකැ) සමාධිවැ...
දෙණි...ඉ
20. රියා 6.... (කර්‍මමා)නතයට පණම් තුන්දාසක් වි(චරත්)... ගෙවළ දී
(වෙල් වහ) ල්
21. සරක් ස... නරබත්ගමින් පිදු බිජු... සෙ (නෙවි) රඳු
22. න් හා වීරසිංහ පතිරාජයන් (හා) දෙන්නා ෙ...... ඉලුපැ(න්දෙණියෙ)න්
පිදු මුල් බිජු
23. සාමුණෙක් සෙනාලංකාධිකාරයන් තම(න්ට දිවෙලට) සිටි
24. සං (දෙස්සෙ) න් පිදු කුමබුරු බි
24. ඡු එක්යාළ දසාමුණෙක් කෙසව වණ්ණකකන් හා දන් (ගමු) ..... මන් හා
දෙන්නා.
25. සතු ස... (ගඩි) ලා දෙණිගම් දෙභාගයෙන් මුල්බිජු... මුණක් මූලාරම්භ
(යෙහි පි)
26. දූය ෙ(ද) වගිරි පතිරාජ (යන්) තමන්ට දිවෙලට සිටි.... ල්පිටිගමින්
බිජු සාමුණක්
27. පුදා... සරක් රූ දසයෙක් බිසොවළ දෙපතිරාජයන් එළිරට උතුරාලි
28. ලන් (පිදු කුමබු) රු බිජු යාළෙක් කළු සිටාණන් මායත්ගමු බත්ගමින්
පිදු කු
29. මබුරු (බිජු) ... ක් හා ගෙවත්තෙක් නිශ්ශංක පතිරාජයන් පමුණුවෙන්
30.පිදු බි(ජු අමුණෙ)ක් විජයා පතිරාජයන් රන්ගමින් පිදූ කුමබුරු බිජු
දෑමුණක් හා
31. වහල් රූ තුණෙක් වීරසුනන්දර (කුමාර) කුමාරයන්ගෙ නාරංරිය (නින්) පිදු
කුමබුරු බිජු
32. අමුණෙක් අනුරා අත්තරුන් ගන්නොරුගමින් (ගමින්) අය ඔතු දී බන් (ධුනු)
ත්
33. ප්‍රයෝජන වින්දිනා ලෙසට පිදූ කුමබුරු බිජු පසමුණෙක් (දෙසිම දෙකෙක්)
ජීවසිං(හ) කුමාරයන්
34. මිඟිනියාපොත්තෙන් පිදූ කුමබුරු බිජු දසාමුණෙක් සුව කුමාරයන් සංදෙස්
(සෙන් පිදූ) කුමබුරු
35. බිජු... මුණක් හා ගම්කඩවර එකෙක් සුව (පතිරා) ජයන් උඩුවෙලින් පිදු
ගම්කඩවරක් හා කු
36. මබුරු (බිජු අ) මු (ණෙ) ක් මෙසෙම දැලිවෙලි (න් කුමබුරු) බිජු
දෑමුණෙක් අළුදෙණියෙ ගත් තරදි.
37. වෙලින් අමුණෙක් පිළිමතලවුවෙ (න් අමුණෙක්) කිරිවවුලෙන් අමුණෙක්
සෑපාණින් අ
38. මුණෙක් ඉද්දවෙලින් අමුණෙක් අ..... න් අමුණෙක් ඇමබුල්මිගමින්
තුන්පැළෙ
39. ක් උණපතාඟෙන් තුන්පැළෙක් මංගලගමින් තුන්පැළෙක් පිළිගමින් දෙපැළෙක්
දිගි
40. ළි සෙනානායකයන් ඇම්බැක්කේ බොකේකුමබුරරන් පිදූ බිජු දෑමුණෙක්
41. මින් දහම්පසක්නාවන් කිරිවවුලෙන් පිදූ බිජු (අමුණෙක්).... දෙපැළෙ
42. ක් වටනාපස දෙපැලෙක් යටිමීගෙන් දෙරුවෙ (ක්) කුමබු(රු බිජු) ..... ක්
43. (සෙට්ටි) ..... ක් (බෙ) රෙගමින් පණම්.... ක් දිග (ත්) ... ක්
44. පෙරගම (සෙ) නානාය (කයන්) අ.... (විළියාය)....
45..... කොට නාර... න් උඩතැනූ කුමබුරු බිජුනව....
මෙම සතලිස් පස්වන පෙළින් පසුව එන පේළි තුනක් සම්පූර්ණයෙන් මැකී ගොස්
ඇති බැවින් සෙල්ලිපිය අවසාන වූ ආකාරය පිළිබඳ අනාවරණය කිරීම දුෂ්කර වී
ඇත.
පෙළෙහි අනුවර්තනය
සවසති, ශුභමසතු
ශ්‍රී ධර්මකීර්ති ස්ථවිරයන් වහන්සේගේ, ප්‍රයත්නයෙන්.... ජනයා... බුදු
(රජාණ) න්ට විහාරයක් තැනවීමෙන් අනෙකවිධ පින්... ශ්‍රී ශක වර්ෂයෙන්
අවුරුදු එක්දහස් දෙසිය හැටහයක් සම්පූර්ණ වුණු කළ, දැන් රජ පැමිණ සිටින
ත්‍රි සිංහලයට අධිපති වූ භුවනෙකබාහු රජුගේ තුන්වන වර්ෂයේ වෙසක් මස පුර
පසළොස්වක් දිනදී ය.
ශ්‍රී මහා බෝධි (ශාඛාව) රැගෙන ශ්‍රී ලංකාද්වීපයට සැපත් වූ ගණවැසි වංශයේ
උපන් ධර්මකීර්ති ස්ථවිරපාදයාණන් වහන්සේ බොහෝ රන් රුවන් (වැයකොට)
දඹදිවත් ශ්‍රී ධාන්‍යකටකයේ දෙමහල් ප්‍රතිමා ගෘහයක් (පිළිසකර) කළ සේක.
ලක්දිවත් බොහෝ කාලයක් පවතින සේ සෙල්පිළිම ගෘහයක් කරවන්නට අදහස් කොට
රාජ, යුවරාජ, අධිකාරම්, සේනාධිපති, විනිසුරු... නායක .... නායක,
ලේඛකයින් ආදී වූ පෘථිවි ප්‍රධානීන් ද... න්ද (ක්‍ෂත්‍රිය) බ්‍රාහ්මණ,
වෛශ්‍ය ශුද්‍ර ආදී උසස් හා පහත් ජනයන්ද සිංහල, දෙමළ ආදි වූ, සෙනාකෙ..
තත... කරවා පනම් ලක්‍ෂයක් පමණ ද වී යාළ තුන්සියයක් පමණ ද දී ගෘහ
නිර්මාණ ශිල්පය හා පිළිම (නෙළීම්) ශිල්පය ආදියෙහි වි....වාස්තුවිද්‍යා
ශ්‍රේණි ප්‍රධාන වූ ගණෙශ්වරාචාරීන් ප්‍රමුඛ ශිල්පීන් ලවා සිඟුරුවාණ
දෙනුවර මැද වූ දික්ගල ගල්තලාවේ තුන්මහල් ප්‍රතිමා ගෘහය කරවූ සේක. (එම
පිළිම ගෙයි) අනේක චිත්‍ර කර්මවලින් විසිතුරු කර කර වූ පහත මාලකයේ
ශක්‍ර, බ්‍රහ්ම, සූයාම, සන්තුෂිත, නාථ, මෛත්‍රී ආදී දෙවිවරුන් පිරිවර
කරගෙන බෝධීන් වහන්සේට පිටදී විදුරසුන් අරා වැඩහිඳි ධාතූන් ඇතුළත්
ප්‍රධාන පිළිම වහන්සේත් පරිවාර පිළිම වහන්සේලා දෙනමක් ඉහළම මාලයෙහි
චෛත්‍ය ගර්භයේ පරසතු ගසමුල පඬුපුල් අසුනට නැඟ මාතෘ දිව්‍ය පුත්‍රයා
ප්‍රධාන ශක්‍ර බ්‍රහ්ම යනාදි දෙවිවරුන් පිරිවරා අභි ධර්ම දේශනාව සඳහා
වැඩහිඳින (බුද්ධ) රූපය කරවා විහාරයට රැකවලකුත් අවශ්‍ය වන බව සිතා .....
දෙවිරජ දේවාලයකුත් කරවා, බෝධි (වෘක්‍ෂ) චෛත්‍ය, මල්උයන්, පලතුරු වතු
ආදියෙන් (පරිසරය) අලංකාර කොට තමන් වහන්සේ.... යන් කරවන ලද......
ධර්මකීර්ති නම් මෙම විහාරය දැක සතුටුව... දෙණි... ඉමියා... ෙ...
කර්‍මමානතයට පණම් තුන්දාහක් පමණ ද... ගෙවළ, දිවෙල් වහලුන් සහ ගවයන්
දස.... නර බත්ගමින් පූජා කළ බිත්තර වී.... සෙනෙවිරදුන් හා වීරසිංහ
පතිරාජයන් යන දෙදෙනා ෙ..... ඉලුපැන්දෙනියෙන් පූජා කළ ඉකිරි ඇදුණු
බිත්තර වී අමුණු හයක (වපසරිය) ද, සෙනාලංකාධිකාර තමන්ට දිවෙල් වූ
සාදෙස්සෙන් පූජා කළ බිත්තර වී යාළකුත් දස අමුණක් (වපසරිය ඇති) කුඹුරු
ද, කෙසව වණ්ණකක හා දන්ගමු... මන් යන දෙදෙනා සන්තක ගඩලාදෙණිය ගමේ කොටස්
දෙකෙන් ඉතිරි ඇදුණු බිත්තර වී.... මූණක් (වපසරිය) ද.. (වැඩ) පටන්
ගැනීමේදීම පූජා කළෝ ය. 18 වන පිටුවට
දෙවගිරි පතිරාජ තමන්ට දිවෙල්ව තිබූ... ල්පිටිගමින් බිත්තර වී අමුණු
හයක් (වපසරිය) ද පූජා කර... හරකුන් දහදෙනෙකු ද බිසොවළ දෙපතිරාජයන්
එළිරට උතුරාල්ලෙන් පූජා කළ බිත්තර වී යාළක (වපසරිය ඇති) කුඹුරද, කළු
සිටාණන් මායත්ගමු බත්ගමින් පූජා කළ බිත්තර වී..... ක (වපසරිය ඇති)
කුඹුරු හා ගෙවත්තද, නිශ්ශංක පතිරාජ පමුණුවෙන් පූජා කරන ලද බිත්තර වී
(අමුණක්) (වපසරිය) ද, විජයා පතිරාජ රත්ගමින් පූජා කළ බිත්තර වී අමුණු
දෙකක් (වපසරිය ඇති ) කුඹුරු ද, වහලුන් තුන්දෙනෙකු ද වීරසුන්දර
කුමාරයින්ගේ නාරරියනින් පූජා කළ බිත්තර වී අමුණක (වපසරිය ඇති) කුඹුරු ද
අනුරා ඇත්තරුන් (සුපුරුදු) බදු හා විහාර පංගුව ගෙවා තම ඥාතීන් විසින්
පරිභෝග කිරීමේ අයිතිය තබාගෙන ගන්නොරු ගමින් පූජා කළ බිත්තර වී අමුණු
පහක (වපසරිය ඇති) කුඹුරු ද, දෙසිම දෙකක් ද, ජීවසිංහ කුමාරයා
මිඟිනියාපොත්තෙන් පූජා කළ බිත්තර වී අමුණු දහයක (වපසරිය ඇති) කුඹුරුද,
සුවකුමාරයා සංදෙස්සෙන් පූජා කළ බිත්තර වී... මුණක් (වපසරිය ඇති )
කුඹුරු ද එක් ගම් කඩවරක් ද, සුවපතිරාජ උඩුවෙලින් පූජා කළ ගම් කඩවරක් හා
බිත්තර වී අමුණක (වපසරිය) ඇති කුඹුරද, (එම අය) එසේම පූජා කළ දැලිවෙලින්
බිත්තර වී අමුණු දෙකක් (වපසරිය ඇති) කුඹුරු ද, අළුදෙණියේ ගත්තරදිවෙලින්
අමුණක් ද පිළිමතලව්වෙන් අමුණක් ද, කිරිවවුලෙන් අමුණක් ද, සැපණින්
අමුණක් ද, ඉද්දවෙලින් අමුණක් ද, අ..... න් අමුණක් ද අඹබුල්මී, ගමින්
පෑළ තුනක්ද උණපතාගෙන් පෑළ තුනක්ද, මංගලගමින් පෑළ තුනක්ද, පිළිගමින් පෑළ
දෙකක් ද, (වන වපසරිය ඇති) කුඹුරුද, දිගිළි සේනානායක විසින් ඇම්බැක්කේ
බොකේ කුඹුරෙන් පූජා කළ බිත්තර වී අමුණු දෙකක් (වපසරිය ඇති) (කුඹුරුද)
මින් දහම්පසක්නා කිරිවවුලෙන් පූජා කළ බිත්තර වී අමුණක (වපසරිය ඇති)
කුඹුරුද)... දෙපෑළක් (සිවු) පසය සඳහා දෙපෑළක්, යටි මීගොන් දෙන්නෙක්,
බිත්තර වී.... ක් (වපසරිය ඇති) (කුඹුරුද) (සෙටටි) ..... පණම් ක් දී
බෙරගමින් ගත්.... ක් පෙරගම සේනානායක අ.... විළියාය.... කොට නාරං.... න්
උඩ තැනූ බිත්තර වී කුඹුරු නව යනුවෙනි. |