සුනාමි විපතින් මිය ගිය ජනතාවට පින් දෙන පින්කම 25 – 26 දිනවල ශ්‍රී
දළදා මාළිගාවේ දී
වසර හතරකට (4) පෙර ඇති වූ සුනාමි විපතින් මියගිය රටවැසි ජනතාව
සිහිපත්කර එම පවුල් වල උදවිය වෙනුවෙන් පින් අනුමෝදන් කරවන ආගමික
වැඩසටහනක් දෙසැම්බර් 25, 26 දිනවල ශ්‍රී දළදා මාලිගාවේ දී අස්ගිරි මහා
විහාරයීය, සමාජ සත්කාර පදනම මගින් සංවිධානය කර ඇත.
ඉතිරිය» ධර්ම දේශනාව: පමා නොවී හැසිරිය යුතු
දහම් පිළිවෙත
දැහැමිව විසීමට නම් තමාගේ සිත සතර
අගතියෙන් තොර විය යුතුය. මේවායෙන් අගතියට යන්නේ නම් ඔහුගේ
ජීවිතය නියම මග ගමන් නොකරයි. නියම මඟ ගමන් නොකරන ජීවිතයට
දහසක් කරදර ළඟා වෙයි. එසේ වනුයේ සිය සිත අධාර්මිකව
හැසිරුණහොත් පමණකි. අපගේ සිත කෙබඳු තත්ත්වයක පවතී ද? යන්න
අප විසින්ම විමසා බැලිය යුතු වේ.
ඉතිරිය»
ඓතිහාසික ගඩලාදෙණිය විහාරය සහ ගිරිමත කෙටූ දම්කිතු හිමි හසුන
මහනුවර දිසාවට අයත් උඩුනුවර ගඩලාදෙණියේ සුන්දර වූ පුළුල් ගල්තලාවක් මත
ක්‍රි.ව. දහහතරවැනි සියවසේ පමණ කර වූ බෞද්ධ සිද්ධස්ථානයකි. ආරම්භයේදී
සම්පූර්ණයෙන්ම කළුගලින් තනන ලද මෙය විශේෂ වූ අවධානයට යොමුවන්නේ දකුණු
ඉන්දියානු වාස්තු විද්‍යාත්මක අංගයන්ගෙන් යුතු බෞද්ධ විහාරස්ථානයක්
බැවිනි. දකුණු ඉන්දීය විජය නගර් ගෘහනිර්මාණ ශිල්පයට අනුව ගම්පල යුගයේදී
නිර්මාණය වූ ගඩලාදෙණි විහාරය ගම්පල රජකළ සිව්වන බුවනෙකබාහු රජු දවස
(ක්‍රි.ව. 1341 - 1351) ධම්මකීර්ති හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි
සේනාධිලංකාර ඇමතිවරයා විසින් ගොඩනගන ලදී.
ඉතිරිය»
|