කැලණි විහාරයේ දී දිනපතා දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා
විහාරස්ථානයේදී දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක්
පැවැත්වේ.
ඉතිරිය» බෝධි වන්දනාව සහ සංස්කෘතික ප්‍රබෝධය
භෞතික වස්තුවක් වශයෙන් මනුලොව වෙනත් කිසිම අචේතනික ද්‍රව්‍යයකට වඩා
බෝධි වෘක්‍ෂය ගරුසරු, පුද පූජා, තුති පූජා ලබා ඇතිවාක් මෙන්ම සම්බුදු
සසුන පවතිනාතාක් අපරාජිත
ස්ථානය වශයෙන් ජයභූමිය වශයෙන් සඟමොක් සුව පිළිබඳ ප්‍රධානතම නිමිත්ත
වශයෙන්
අපමණ වන්දන මානනයට භාජනය වන්නේ ය. බෞද්ධ කලාකරුවාට, සංචාරකයාට,
ශ්‍රද්ධාවන්තයාට, පුරාවිද්‍යාඥයා, හා ඉතිහාසඥයාට, ලේඛකයාට තම තමන්ගේ
අභිමතාර්ථ නිදහස් චින්තන මාර්ගයන්ගෙන් ඉෂ්ට සිද්ධ කරගැනීමට
‘ජයසිරි මහ බෝධිය’ සජීවී තේමාවක් වන්නේ ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බිය නොවන - බිය නොදෙන
වෛර නැති නැණවතා
ලොව ඇති දසුන් අතුරින් බුදු රුව දැකීම උතුම්ම දැකීම වේ. ඇසුමෙන් උතුම්
ම ඇසුම
ධර්මය ඇසීමයි. ලොව ඇති උතුම් ම ලාභය වනුයේ සද්ධා සීල ත්‍යාග ආදි ධන
ලැබීමය.
උපස්ථාන කිරීම් අතුරින් උතුම්ම උපස්ථානය වනුයේ,
බුදු පසේ බුදු මහරහතන් වහන්සේ වෙත උපස්ථාන කිරීම ය. අපේ බුදුන් වහන්සේ
යම් දිසාවකට වඩින්නේ ද, ඒ වඩිනා මං මාවත් ඉතා පිරිසුදුව බාධක වලින් තොර
වෙයි. එයට හේතුව පෙර පසේ බුදුරජාණන්
වහන්සේ නමකගේ ධාතු චෛත්‍ය වෙත ගොස්
පිරිසුදු කොට කොඩියක් පූජා කිරීමේ
ආනිශංස වශයෙනි.
ඉතිරිය»
|