බටදූව විෂ්ණු දේවාලයේ වාර්ෂික මංගල්‍යය
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, රණවිරුවන් ඇතුළු ලක්වැසියන්ට සෙත් පතා
ගාල්ල බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය, මහ පෙරහර හා
බෝධි පුජාව දෙසැම්බර් මස 25 , 26 , 27 සහ 28 දිනවලදී පැවැත්වේ.
රටට සාමය, රණවිරුවන්ට චිත්ත ධෛර්්‍යය , ලක්වැසි ජනතාවට සෙත ශාන්තිය ,
ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන, බටදූව ශ්‍රී විෂ්ණූ මහා දේවාලයේ
වාර්ෂික දේව මංගල්‍යය මෙවරද දෙසැම්බර් මස 25 , 26, 27 , 28 දිනයන්හි
ප්‍රදේශවාසී දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගිත්වයෙන්, ජනාධිපති මහජන
සම්බන්ධතා අංශයේ පූර්ණ අනුග්‍රහයෙන්, පැවැත්වීමට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
ප්‍රජා සංවර්ධන පදනම කටයුතු යොදා ඇත.
ඒ අනුව දෙසැම්බර් මස 25 වන දින ප.ව. 1.00 ට අලි ඇතුන් සහිත මහා පෙරහර
වීථී සංචාරය කිරීමට නියමිත අතර 26 වන දින රණවිරුවන්ට සෙත් ශාන්තිය හා
සුනාමි ව්‍යසනයට ගොදුරු වූවන්ට පින් පැමිණවීම වෙනුවෙන් පවත්වන්නා වු
මහා බෝධි පූජාව ද 27 වන දින සවස 6.00 ට ආරම්භ වී රාත්‍රිය පුරා
පැවැත්වෙන දේව හාස්කම් සහිත දේව මංගල්‍යය ද 28 වන දින අළුයම අග්නිජාලා
තරණය සහ උදෑසන දේව දානය පැවැත්වේ. |