සෝම හිමි
ගුණ සමරා
පින්කම්
ගංගොඩවිල සෝම හිමියන්ගේ පස්වන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් මෙම පෝදා
පස්වරු 3 සිට පින්කම් මාලාවක් කොළඹ 10 කුප්පියාවත්ත ජයශේඛරාරාමයේදී
පැවැත්වේ.
ඒ නිමිත්තෙන් සවස 3 -5 දක්වා ධර්ම සාකච්ඡාව කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස
හිමියන් හා මාවරලේ භද්දිය හිමියන් විසින් මෙහෙයවනු ලැබේ. අනතුරුව ගුණ
සමරු දෙසුමක් හා සමරු බැති ගී ද පැවැත්වේ.
පාද අහිමි රණවිරුවන් 75 දෙනකු වෙත සනීපාරක්‍ෂක පහසුකම් සළසාදීම සඳහා
වැසිකිළි උපකරණ පිරිනැමීම හා රෝද පුටු ප්‍රදානයක්ද පැවැත්වේ.
අනතුරුව රණවිරුන්වන්ට සෙත්පතා පහන් දහසක ආලෝක පූජාවක්ද සිදු කැරේ.
ජයශේඛරාරාමාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමියන්ගේ අනුශාසනා පරිදි
සෝම හිමි ගුණ සමරු පදනම සහ දේශාභිමානි ජාතික ව්‍යාපාරයේ එකමුතුවෙන් එම
පින්කම් මාලාව සිදුකැරේ. |