කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා
විහාරයේදී නොවැම්බර් 1 වන දා ඇරැඹුනු පින්කම් මාලාව 2009 ජනවාරි 9 වන
දා දක්වා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන්ගේ
අනුශාසනා පරිදි පැවැත්වේ.
ඒ අනුව ජනවාරි 02 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා
පින්කම් මාලාව සිදු කැරේ. ජනවාරි 3 වන දා සිට 6 වන දා දක්වා පරිත්‍රාණ
ධර්ම දේශනාවද ජනවාරි 7 දා රාත්‍රී උඩමළුවේ පෙරහරද 8 වන දා රාත්‍රී දෙවන
වීථි පෙරහරද 9 වන දා රාත්‍රී 9 ට මහ පෙරහරද පැවැත්වේ. මෙම උඳුවප් පුර
පෝදා පෙරවරු 9 – 10 දක්වා දහම් දෙසුම කිරින්දේ රේවත හිමි සවස 3 – 4
දහම් දෙසුම මොරවක සෝරත නා හිමි, රාත්‍රී 7 – 8 දහම් දෙසුම මාරපන විජිත
නා හිමි 13 වන දා රාත්‍රී 7 – 8 දහම් දෙසුම ආචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන
හිමි, 14 වන දා මල්වානේ චන්දරතන හිමි, 15 වන දා ශාස්ත්‍රපති දැදිගම
තිලකවංස හිමි 16 වන දා කොටුවිල විමලකිත්ති නා හිමි 17 වන දා ආචාර්ය
වැලිගෙපොළ සීලවංශ හිමි 18 වන දා උයන්වත්තේ ඤාණාලෝක නා හිමි එම දහම්
දෙසුම් පවත්වනු ලැබේ. |