දහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
සිය ප්‍රාණපි‍්‍රය දරුවා අමු සොහොනට දැමීමට ඇය
කිසිසේත් එකඟ නො වූවා ය. සෙසු අයගේ් බැල්ම පවා ඇයට රිසි නො වීය. ඕ
දරුවා ද කර පින්නාගෙන මහ මගට බැස්සා ය.
ප්‍රශ්නය - බෝසතාණන් වහන්සේ බෝධිමූලයෙහි වැඩ හිඳ බුදුබව ලබා ගැනීම
බලසෙන් සහිත මාර පරාජය කිරීමක් බව බුදුරජාණන් වහන්සේ විසින්ම මෙසේ
වදාරා ඇත. ‘ප්‍රධන්වීර්ය වඩා නිවන් පසක් කළ උතුමෝ නො සැලී උත්පත්ති -
මරණ භය- අවසන් කොට මාර විෂය නම් වූ භවය අභිභවනය කොට මාර බලය ඉක්මවා
සැනසීමට පත් වෙති. (අංනි 2 චතුක්ක/ වරවග්ග පධාන සූත්‍ර) 32 පි. මෙකී
මාර පරාජය කාව්‍යයෙහි සාහිත්‍යයෙහි මෙන්ම චිත්‍ර මූර්ති කලාවන් තුළද
විචිත්‍රාකාරයෙන් නිරූපණය කොට ඇති අයුරු දක්නට ලැබේ. ව්‍යවහාර ලෝකයෙහි
මාර විජය එක් එක් ආකාරයෙන් නිරූපණය කිරීමට ඇති අවකාශය කෙබඳු වූවත් මාර,
මාරයෙ ය්‍ය - මාර විෂය- මාරසේනා යන සංකල්ප බුදුන් වදාළ ධර්මයෙහිම සඳහන්
වන බව ඉහත සඳහන් පාඨයෙන් හා සංයුත්ත නිකාය මාර සංයුත්ත වැනි නොයෙක්
දේශනා වලින් පෙනේ. පෙළ දහමට අනුව මාර සංකල්පය පිළිබඳව විවර ණයක් කරන්න.
පිළිතුර - බුදුන් වහන්සේගේ් බුද්ධත්වය නිතරම නිරූපණය කර ඇත්තේ මාරයා
පරදවා ජය ගැනීමක් ලෙසටය. බුද්ධත්වය සාක්ෂාත් කිරීමට බුදුන් වහන්සේ සහ
මාරයා අතර සිදුවූ මූලික සටනක් ලෙස එය විචිත්‍රව විස්තර කොට ඇති බව
පෙනේ. මාර දේවපුත්ත වශයෙන් මාරයා දෙවියෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති
නමුදු ‘මාර’ යන්නෙහි ඊට වඩා පැතුරුනු අරුත් ඇති බව පෙනේ. එම නිසා
දේවපුත්ත මාරට අමතරව තවත් තුන් ආකාරයක මාරයන් ගැන සඳහන් වෙයි. එනම්
‘මච්චුමාර’ හෙවත් මරණය මාරයා වශයෙන් සැලකීම. ‘කිලෙස මාර’ හෙවත් කෙලෙස්
මාරයා වශයෙන් සැලකීම. ‘ඛන්ධ මාර’ හෙවත් පංචස්ඛන්ධයන් මාරයා වශයෙන්
සැලකීම යනුවෙනි. මෙම තුන් ආකාරයේ මාරයන් ‘දේව‘ පුත්ත මාරයාගේ අණසක යටතේ
ක්‍රියා කරන ආකාරයද සමහර අවස්ථාවලදී සලකා ඇත. එම තුන් ආකාරයේ මාරයන්
ඇසුරෙන් බුදුන්වහන්සේ පැහැදිලි කරන්නට උත්සාහ කළේ මාරයාගේ ඇති
සාංදෘෂ්ටිකමය (සමීපතම බව - ඇස්පනා පිට) අර්ථය සහ නිවන්මගට ඇති
වැදගත්කමයි. මාරයාගේ බල ප්‍රදේශය හෙවත් ක්ෂේත්‍රය ගැන කථා කරමින් මාරයා
හමුවන ස්ථානයන් ගැන ‘ඛන්ධ මාර’ ඇසුරෙන් බුදුන් වහන්සේ මෙසේ විග්‍රහ
කරති. (සං.නි. iii 74 පිටුව) ‘මාර’ යනු කිමෙක්ද? මාර යනු රූපයයි. මෙම
මාරයාට ඔබේ ඇති බැඳීමෙන් ඔබ, ඔබ්බට යා යුතුය. ‘මාර’ යනු වේදනාවයි.
‘මාර’ යනු සඤ්ඤාවයි. ‘මාර’ යනු සංස්කාරය.’ මාර ‘ යනු විඤ්ඤානයයි. මෙම
මාරයාට ඔබේ ඇති බැඳීමෙන් ඔබ්බට ඔබ යා යුතුය. තමා මාරයාගේ ග්‍රහණයට
හසුවන ක්‍රියාවක් නම් මනඞකල්පනය (මඤ්ඤමාන) එයින් අදහස් කෙරෙනුයේ ‘තමාට’
සම්බන්ධව කෙරෙන තමා කේන්ද්‍රගත කොට කෙරෙන මනසින් මවා ගැනීමයි. තවදුරටත්
බුදුන්වහන්සේ පැහැදිලි කරමින් යමෙක් මනඞකල්පනය කරන්නේද? ඒ තැනැත්තා
(මාරයාට) බැඳුනේ වන්නේ ය. යමෙක් මනඞකල්පනය නොකරන්නේද? ඒ තැනැත්තා
නිදහස් වූයේ වන්නේ්ය. තවත් වර්ග කිරීමකදී මාරයා ෂඩින්ද්‍රියන් වශයෙන්ද
සලකා ඇත. මෙම වර්ගීකරන සියල්ලෙන්ම පෙනී යන්නේ තමා කේන්ද්‍ර කොටගෙන මාර
සංකල්පනය සකස්වන බවයි.
මාරයාට ඔරොත්තු දීමට හොඳම ක්‍රමය නම් සතිය බව බුදුන් වහන්සේ නිතරම
අවධාරණය කළහ. එම නිසා මාරයාගේ ග්‍රහණයෙන් නිදහස්ව සිටීනම් කෙනකු තමා
යනු පංචස්ඛන්දය නොවන බව ගැන නිවැරැදි අවබෝධයකින් සිටිය යුතුය. බුදුන්
වහන්සේ මෙසේ තවදුරටත් එය පැහැදිලි කරති. ‘මහණෙනි, ඔබගේ් ගොදුරු
බිම්වලටම වී සිටින්න. ඔබගේ නිජභූ®මි වලම හැසිරෙන්න. ඔබ ඒ ආකාරයට ඒවායේ
හැසිරෙන්නේ නම් මාරයාට ගොඩ බැසීමට තැනක් ඇතිවන්නේ් නැත. පහර දීමට ඉඩක්
ඇතිවන්නේම නැත. තමාට හිමි තමා විසින් හැසිරිය යුතු ක්ෂේත්‍රය ලෙස
පැහැදිලි කර ඇත්තේ සතර සතිපට්ඨානයට අයත් ක්ෂේත්‍රය යි. (දී.නි. 1 : 22
පිටු) මෙහිදී පැන නගින්නා වූ සමාන්තර ගැටලුව නම් ‘මාර’ යන්න පුද්ගලයෙකු
ද යන්නයි. ඉහත දී ද සඳහන් කළ පරිදි බුදු සමය මාර දිව්‍ය පුත්‍රයෙකු ගැන
කථා කරයි. එසේ සිටියත් වැදගත් වශයෙන් මතක තබාගත යුත්තක් නම් එම දෙවියාද
සදාකාලිකයකු නොවන බවයි. අනෙකුත් දෙවිවරුන් මෙන්ම මාර දිව්‍ය පුත්‍රයාද
ඔහුගේ නියමිත කාලය ඉක්ම වූ වහාම මරණයට පත් වන්නේ ය.
ප්‍රශ්නය - ස්වභාව ධර්මය සමග සබඳතාවයක් ඇතිකර ගත හැකි එකම මගනම්
සදාචාරය බව බුදු සමය විශ්වාස කරයි. ස්වභාව ධර්මයාගේ ස්වභාවය සදාචාරය
වේ. අප ස්වභාව ධර්මය සාවද්‍ය ලෙස පාවිච්චි කළහොත් ඊට කෘතවේදී නොවුනහොත්
ඒ සඳහා අපට දරුණු ප්‍රතිවිපාක සිදුවනු නියතය. සිඟාලෝවාද සූත්‍ර භාවිතා
කරමින් පිළිතුරු සකසන්න.
පිළිතුරු - පටිච්චසමුප්පාදමය ධර්මයෙන් අවධාරණය කරනු ලබන්නා වූ ඉතා
වැදගත් කරුණු නම් මේ මහත් විශ්වය මා කෙරෙහි වගකීමකින් යුක්තව සලකන
හෙයින් (මට ජීවත්වීමට උපකාරි වන හෙයින්) මමද කෘතගුණ පූර්වකව මුළුමහත්
විශ්වයම කෙරෙහි වගකීමකින් යුක්තවීමට බැඳී සිටින බවය. සිඟාලෝවාද
සූත්‍රයෙහි බුදුන් වහන්සේ අවධාරණය කරන කරුණනම් යුතුකම්වලින්
අයිතිවාසිකම් හඳුනා ගැනීමත් අයිතිවාසිකම් වලින් යුතුකම් හඳුනාගත හැකි
බවත්ය. අප ලබාගන්නා අයිතිවාසිකම් වලට සුදුසු පරිදි පෙරලා කෘතගුණ
නොසලකානම් ‘යො චෙ පරකුලං ගන්ත්වා භූන්වාන සුචිභෝජනං ආගන්ත්වාන
පටිපූජෙති’ පිරිහීම අතලඟය. සදාචාර ම ය සද්ගුණයක් එකිනෙකා තුළ කිසිසේත්
ජනිත නොවන්නේ ය. ස්වභාව ධර්මය අප වෙත සාධාරණීකරණී වෙයි. සිව්පසය ම අප
වෙත නොමිලයේම ලබාදෙයි. අපෙන් සාධාරණය වෙනුවට අසාධාරණය ඔවුන් වෙතට
යොමුවන්නේ් නම් දරුණු ඵල විපාක අපට භුක්ති විඳීමට සිදුවෙයි.
ප්‍රශ්නය - පහත සඳහන් සංවේදී පුවත කියවා අදාළ පුවතෙහි පූර්වාපර සන්ධි
ගළපා පැහැදිලි කරන්න. “ මේක තමා එහෙනම් ජීවිතයේ වෙනස් නො වන නියාමය
‘මරණය’ ඔව් පුතේ! දැන් ඉතින් අම්මා වෙන්ව යා යුතුයි. මෙග් ලොව සියලු
ප්‍රාර්ථනා ගොඩගැසූ කේන්ද්‍රය ඔබයි. එහෙත් ඔබ මා හැර ගොසින්ය. මටද ඔබ
හැර අලුත් ජීවිතයක් සොයාගත යුතුව තිබේ. දුක්නැති සතුට සැනසීම ඇති ඒ
ජීවිතය සොයා යා යුතුය’.
පිළිතුර - කිසාගෝතමී පතිකුලයට යාම දක්වා පුවත සිහියට ගනිමු. ඇය
පතිකුලයට ගිය දින පටන්ම ඇය සැමියාගේ ආදරයට වඩා අවමානයට ලක් වූ බව සඳහන්
වේ. එයට හේතු දෙකක් විය. ඇයගේ විවාහයෙන් නැන්දම්මාට ලැබුණු කහවනු මල්ල
කුඩා වී ය. වැඩිපුර කහවනු ප්‍රමාණයක් දායාද ලෙස රැගෙන ගියේ නම් ඇයට
ස්වාමියාගේ මව හෙවත් සිය නැන්දණියගේ සිත් දිනා ගැනීමට තිබිණ. එහෙත්
එය ඉටු නොවුවාය. වේලාසනින්ම මවක්වූවා නම් එයද ඇයගේ් ගෞරවයට හේතුවක්
වන්නට ඉඩ තිබිණ. එහෙත් එයද ඉටු වූයේ ප්‍රමාදයකින් පසුවය.
නැන්දම්මා මට හරියට අවනඩු කීවාය. දී ඔයාට බැරිවුනානෙ නිකං හරි මං
වෙනුවෙන් වචනයක් කියන්නට’ දිනක් ඇය සැමියාට කීවාය. ‘නෑ කිසා මං හිතුව
ඔයා ඉක්මනට ම මට පුතෙක් අරං ඒවි කියල. අපේ අම්මත් හිත හිතා උන්නේ
මුණුපුරාව නාවන්න. සුරතල් කරන්න. එහෙම එකේ මං කොහොමද ඔයාගෙ පැත්ත
ගන්නෙ’ කිසාගෝතමියගේ කතාව ඇත්ත ය.
කාලය ගෙවී යයි කිසා ගේ් දුර්භාග්‍ය සමය නිමා කරමින් උදා වූ නව අරුණෝදය
ලෙස ඇය දුටුවේ ඇගේ් සුරතල් දරු පැටවාය. පුතුගේ උපතත් සමග සැමියා සහ
මවත් පවුලේ නැදෑ සියල්ලම ඇයට සැලකිලි දක්වන්නට විය. ගෙදර සිරියාවද
දෙගුණ තෙගුණ කරමින් ඇග් දරු පැටියා කාගේත් සුරතලා බවට පත්විය.
ජීවිතය යනු සතුටට වඩා දුක යැයි සිතන තරමට යළිත් කිසාගෝතමියට අමිහිරි
සිදුවීම් වලට මුහුණ පෑමට සිදු වූවාය. ඒ ඇගේ දරුවා කිසියම් රෝගාබාධයකින්
මිය යෑමයි. අවසානය උදාවූයේ අපේක්ෂා නොකළ පරිද්දෙනි. එදා විදුලි
කොටමින්ද ගොරවමින්ද මහවැසි වැටුණු දිනයකි. මහවැසි වැටෙනා තෙක්ම ඇය
සිටියේ සිය ළමැද හොවාගත් දරුපැටියා ඇතිවය. ඇගේ දුක්මුසු විලාසයට
අනුකම්පා කළේ නම් සැමියා පමණි. ඇයට සැළකිලි දැක් වූ සියල්ලෝම ඇය කෙරෙහි
බිඳී සිටියහ. නැන්දම්මා ඇගේ් මුහුණටම කියා සිටියේ නුඹ මහා පව්කාර
ගැහැණියක්. මේ දරු පැටියත් රෝගාතුර වුනේ උඹේ කරුමෙට යනුවෙනි.
අවාසනාව කාගේ වුවත් ඒ මහා වැසි දින කිසාගෝතමියගේ දරුවා මෙලොව හැර ගොස්
තිබිණි. ඇය මහ හඬින් හඬමින් දරුවාගේ සැමියාටත් ඇගේ් මවටත් ඒ බව
දැන්වූවාය. ඒ දසුන ඔවුන් තුළද මහා දුකක් ඇති කළේය. ‘ඔය දරුවා මිය
ගිහිල්ලා. දැන් අඬල දොඩල වැඩක් නෑ. ගොහින් අමුසොහොනකට දාන එකයි
තියෙන්නේ. නැන්දනියග් යෝජනාව ඇගේ කෝපයට හේතු වූවාය. එහෙත් සිය
ප්‍රාණපි‍්‍රය දරුවා අමු සොහොනට දැමීමට ඇය කිසිසේත් එකඟ නො වූවාය. සෙසු
අයගේ බැල්ම පවා ඇයට රිසි නො වූවාය. ඕ දරුවා ද කර පින්නාගෙන මහ මගට
බැස්සාය. මග තොට ද ඒ අවාසනාවන්ත දසුන දුටු කෙනෙක් දුක් වූහ. තවත්
කෙනෙක් සිනාසුනහ. කුසට ආහාරක් හෝ හිතට සැනසුමක් නොමැතිව දරුවකු කර
පින්නාගෙන යන මේ උමතු ගැහැණිය දෙස බලා සිටි නුවණැති පුරුෂයෙක් සැවතට මග
කියා පිටත්කරයි.
සැවත් නුවරට එහා පැත්තේ දරුවන්ට වෙදකම් කරන හොඳ වෙදාන කෙනෙක් ඉන්නවා.
සැර පරුෂ නෑ. හරිම කරුණාවන්තයි. කාසි පණම් ඕනෑත් නෑ. බයක් සැකක් නැතිව
යන්න. කී විට ඇය අලුත් ප්‍රාණයක් ලද්දා සේ වූවාය. තම උරමත සිටින පුතුගේ
හිස අනෙක් අතින් පිරිමැද සිටි ඇය ‘අනේ පුතේ මං කොහොමවත් උඹව සොහොන්වල
දාන්නේ නෑ පුතේ ‘ කියමින් සැවැත්නුවර ජේතවනාරාමය අසලටම දිවගොස් ගොස්
බුදුන් වහන්සේ පාමුල දරුවා තබා තොරතුරු සංවාදයකින් අනතුරුව ඇයට කරුණු
අවබෝධ වූ විට අවසානයේ දරුවා අමතා මෙසේ කීය. කිසා ගෝතමිය! සිය උරමඬල මත
නිසලව සිටි පුතු දෙස අවසන් වරට බැලුවාය. එවේලෙහි ඇය තුළ දුකක් හෝ
වේදනාවක් නො තිබුණාම යැයි කිව නොහැකිය. එහෙත් පුතුගේ මළ සිරුර අමු
සොහොනට දැමූ ඇය පසු නොබලාම බුදුන් වහන්සේ වෙත ගොස් මෙහෙණි සස්නට ඇතුලු
වී රහත් මෙහෙණියක් බවට පත්වූවාය. |