බෞද්ධයාට මස් කෑම තහනම් ද?
නාරාවිල පැට්රික්
තමන් ප්‍රාණඝාතයෙන් වළකින බවට පළමු වන ශික්‍ෂාපදය සමාදන් වන බෞද්ධයෝ
කවර තත්ත්වයක් යටතේ හෝ කවර ආකාරයකින්වත් පණ සහිත ජීවීන් සිය වුවමනාවෙන්
ඝාතනය කරනු ලැබීම අනුමත නොකරති
(මේ ලිපිය 2008.10.14 වනදා බුදුසරණ පුවත්පතේ පළ වූ හෘද රෝග විශේෂඥ
වෛද්‍ය ඩී.පී. අතුකෝරළ මහතාණන්ගේ Is meat
eating prohibited ලිපියේ
පරිවර්තනයකි.)
මිනිසා ඇතුළු ජීවී සත්ත්වයෝ, ඔවුන්ගේ පැවැත්ම සඳහා ආහාරයට ගන්නා
ද්‍රව්‍ය අනුව කොටස් තුනකට බෙදිය හැක්කෝ ය. 1. මාංශ භක්‍ෂකයෝ වැඩි
වශයෙන් මස් මාංශ ආහාරයට ගනිති., 2. වැඩි හරියක් ශාක භක්‍ෂකයෝ ශාක හෝ
එළවළු පමණක් ආහාරයට ගනිති. 3. සර්ව භක්‍ෂකයෝ මස්මාංශ හා ශාක යන දෙකම
ආහාරයට ගනිති.
ආදිතම යුගයෙහි මිලේච්ඡයෝ බෙහෙවින් ම සර්ව භක්‍ෂකයෝ වූහ. ඇත්තට ම
ඇතැමෙක් මිනීමස් පවා කන්නට පුරුදුව සිටියෝ ය. කාලයාගේ ඇවෑමෙන් මානවයෝ
සිය මිනිස් ගුණදහම් දියුණුකර ගනිමින් ශිෂ්ට සම්පන්න වෙත්ම අනෙකුන්ගේ
මස් කෑම ශාක ආහාරයෙන් යැපෙන්නට ඉගෙන ගත්හ.
පසුකාලීන මෑත යුගයේ ආගම්වල පරිණාමය විසින් එකී පිළිවෙත කෙරෙහි වැඩි
දිරි ගැන්වීමක් කැරිණ. හින්දු දහම හා බුදු දහම වැනි පුරාතන ආගම් අකුසල
පාක්‍ෂික ක්‍රියාවලින් අත්මිදී ගත කරන ආගමික ජීවන ක්‍රමයකට වැදගත්
තැනක් දුන්නේ ය. කෙසේ වෙතත් බුදු දහම මේ සියලු ආගම්වලින් අත්‍යන්තයෙන්
කාරුණික හා දයාලූ ආගමක් බවට පත්විය. ඒ අතර, හැම දෙයක් ම යෙහෝවාහ් හෙවත්
සර්ව බලධර දෙවියන් වහන්සේ හෙවත් අල්ලාහ් විසින් මවන ලදැයි ප්‍රකාශ කරන
අනෙක් ඒකේශ්වරවාදී හෙවත් දේවවාදී ආගම් විසින් මුලදී ම මස් වෙනුවට
අනුදක්නා ලද්දේ ශාක ආහාරයයි.
සත්තකින්ම යුදෙවුවෝත්, කිතුනුවෝත්, මුස්ලිම්හුත් පිළිවෙලින් ඔවුන්ගේ 1.
ටෝරා, 2. ශුභාරංචිය, 3. ශුද්ධ වූ කූරානය යන මුල්තම ශුද්ධ වූ ලියවිලි
කෙරෙහි විශ්වාසය තබත් නම් සහ ඒවා තේරුම් ගනිත් නම් ඔවුහු අනිවාර්යයෙන්ම
හුදු ශාක ආහාර බුදින්නෝ විය යුත්තෝ ය. එහෙත් බෞද්ධයෝ එසේ නොවෙති. 1.
ස්වාභාවිකව මරණයට පත් සතුන්ගේ මස්, 2. සිය ආහාරය පිණිස මාංශ භක්‍ෂක
සතුන් විසින් මරා කෑමෙන් පසු ඉතිරි වූ සතුන්ගේ මස්, 3. විකිණීම හෝ කෑම
පිණිස මස් ලබා ගැනීමේ අරමුණින් නොමරන ලද සතුන්ගේ මස් ද ඔවුනට තහනම්
නැත.
තමන් පාණාතිපාතයෙන් වළකින බවට පළමු වැනි ශික්‍ෂාපදය සමාදන් වන බෞද්ධයෝ
කවර තත්ත්වයක් යටතේ හෝ කවර ආකාරයකින්වත් පණ සහිත ජීවීන් සිය වුවමනාවෙන්
කරනු ලබන ඝාතනය අනුමත නොකරති. ඒකේශ්වරවාදී ආගම්වල කලින් සඳහන් කරන ලද
තුන් පාක්‍ෂිකයන්ගේ පෝෂණය සඳහා නියමිත මූලික ආහාරය හෙවත් ශාක භෝජනය,
ශුද්ධ වූ බයිබලයේ පරණ ගිවිසුමේ උත්පත්ති කතාවේ 1.30 යටතේ ස්ථාවර
කොන්දේසි ලෙස මෙසේ දක්වා තිබේ. “මිහිමත හැම තිරිසන් සතෙකුට සහ අහසේ
පියාඹන හැම පක්‍ෂියකුට සහ කොතැනක හෝ පණ ඇතිව මිහිමත බඩගා යන සෑම
සතෙකුටම ආහාරය සඳහා මවිසින් හැම කොළ පැහැති ශාකයක් ම ප්‍රදානය කර ඇත.”
ආදිතම යුගයේ මිනිස්සු නූගත්කම නිසා තමන් කිසිදා නුදුටු මනඞකල්පිත
යෙහෝවාහ් හෝ සර්ව බලධර දෙවියන් වහන්සේ හෝ අල්ලාහ් වෙත සතුන් බිලිපූජා
කළහ. එහෙත් බයිබලයේ සඳහන් මහා ජලගැල්මෙන් පසු නෝවාහ් දක්වා, එවන් බිලි
පූජාවට කැප කළ සතුන්ගේ මස් ආහාරයට නොගැනිණ. එසේ වූවත් ඉන් අනතුරුව, දින
200කටත් වැඩියෙන් පැවති මහා ජලගැල්මෙන් සියල්ල විනාශ වී ගියෙන්,
යෙහෝවාහ් හෝ සර්ව බලධර දෙවියන් වහන්සේ හෝ අල්ලාහ්ගේ පූර්ව අවසරයකින්
තොරව බිලි පූජාවට කැප කළ සතුන්ගේ ලේ සහිත මස් අනුභවයට ගන්නට සිදු විය.
මේ සිද්ධියෙන් පසු ලෙයින් තොර සත්ත්ව මාංශ මිනිස් ආහාරය පිණිස
නීත්‍යානුකූල වෙතියි අවසර දෙන්නට යෙහෝවාහ්ලා බල කරනු ලැබූහ. එහෙත්
ගැටලු නම්, එක දිගට ලේ වහනය වෙමින් තිබෙන මස්වලින්, ලෙයින් තොර මස් ලබා
ගන්නේ කෙසේද යනුයි.
විද්‍යාත්මකව නම්, ලෙයින් තොර මස් ලබා ගැනීම කිසිදාක, කිසිවකුට කළ
නොහැකි ය. ඇයිදයත්, මා දන්නා තරමින්, වර්තමාන ගව ඝාතන ක්‍රමවේදයට අනුව
සතාගේ බෙල්ලේ කරෝටික ධමනිය ආදී බලනහර කැපීමෙන් පසුව පවා මසින් සියලු
රුධිරය ඉවත් කළ නොහැකි හෙයිනි.
එක්තරා ඈත යුගයකදී නම්, සතුන්ගේ බෙල්ලේ බලනහර කැපීමෙන් පසු සියලු
රුධිරය ඉවත් කළ හැකි වෙතියි මිනිස්සු විශ්වාස කළහ. එහෙත් දැන් දෙවැනි
වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක් හෝ පශු වෛද්‍ය ශිෂ්‍යයෙක් හෝ සතකුගේ ලෙයින්
සැලකිය යුතු කොටසක්, එනම්, කේශනාල ධමනිකා සහ අනුශිරා වැනි සියුම්
රුධිරනාලිකාවල අඩංගු ලේ, යන්ත්‍රයක් මඟින්, මාංශ පේශියකින් හෝ
අවයවයකින් මිරිකා හරිනු ලැබූවත් කිසිදාක සපුරා ඉවත් කරනු නොහැකි බව
දනී. ඒ නිසා ම, කෙතරම් පරිපූර්ණ මිරිකා හැරීමක් කළත්, එවන් සැලකිය යුතු
රුධිරය කොටසක්, මාංශපේශි හා අවයව තුළ ඉතිරිව තිබෙන්නට පුළුවන.
සතෙකුට, රෝගයක් වැළැඳුණු විට ඒ පිළිබඳ සියලු බැක්ටීරියා හෙවත් ක්ෂුද්‍ර
රෝග බීජ රුධිරයෙහි තැන්පත්ව පවතියි ආදී යුගයෙහි බොහෝ නූගත් ජනතාව
විශ්වාස කළහ. සතාගේ ලෙයින් එක්තරා ප්‍රමාණයක් වහනය වීමට හේතුව එය
වෙතියි ඔවුහු සිතූහ.
බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් හේතුවෙන් සතුන් හා මිනිසාට රෝගයක්
වැළැඳුණු විට ඔවුන්ගේ රුධිරය ඇතුළු සියලු ශරීර අංගෝපාංගයන් තුළ
බැක්ටීරයා ඇති බව පශු ශල්‍ය වෛද්‍යවරු සහ සාමාන්‍ය වෛද්‍යවරු දනිති.
එබැවින් යුදෙවුවනට, ස්වාභාවික හේතු නිසා මැරෙන සතුන්ගේ රුධිරය හා මළ
සිරුරු සහ දූෂිත සතුන්ගේ මස් පරිහරණය ද තහනම් ය.
ඉහත සඳහන් දත්ත අනුව සලකන විට, බෞද්ධයන් කේවල ශාකාහාරිකයන් ගණයට වර්ග
කළ නොහැකි වූවත්, කාගේත් යහපත හා හිතසුව ගැන සලකා ශාකාහාරිකයන් බවට
පත්වීම නුවණට හුරු ය. මෙහිදී පදනම් මතකයක් හැටියට, වසර 2552 ක් ඉක්මවා
පවතින, ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ජනසමාජයක් ගොඩනඟන්නට මිහිඳු මහ රහතන්
වහන්සේ විසින් ශ්‍රී ලංකා නරපති දේවානම් පියතිස්සට දෙන ලද ප්‍රථම
උපදේශය සිහිපත් කිරීම මැනවි.
තව දුරටත් කියතොත්, අපේ ශ්‍රේෂ්ඨ නරපති දේවානම් පියතිස්ස, සිය රාජකීය
බලය යොදවා, පළමු වැනි ශික්‍ෂාපදය අත්තිවාරම් කොට, සිංහල බෞද්ධයා
ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කරන්නට මේ රටේ සියලු පුරවැසියන් මෙහෙයැ වූ
බවයි. |