කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් 2009 ජනවාරි 2 වන දා දක්වා
දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.
ඉතිරිය» බෞද්ධ කැටයම් කලාවේ නිර්මාණ අපූර්වත්වය මුරගල
ලාංකේය කැටයම් ශිල්පියාගේ උසස් කලාත්මක ශිල්පීය හා තාක්‍ෂණ ක්‍රමවේදයේ
අගනා ලෙසින් සැළකිය හැකිය. මෙම මුරගල ක්‍රි.පූ. අවධියේ පටන්ම බෞද්ධ
ස්තූප හා පිළිම ගෙවල්වලට මෙන්ම වෙනත් අවශේෂ ස්ථානයන්ට ප්‍රවිෂ්ටවන
ස්ථානවල අපට හමුවේ. විශේෂයෙන් සඳකඩපහණ දෙපස ඇති අඩි 4 ක් තරම් උස් වූ
සිරස් ශෛලස්ථම්භ යුගලයක හැඩයට නිමවා තිබෙනු දැක ගත හැකි ය. වාස්තු
විද්‍යාත්මක නිර්මාණයක් ලෙස සැළකෙන පියගැටපෙළ දෙපස ඇති අත්වැළ පාමුළල
වන කොරවක්ගල් දෙකට සම්බන්ධ කොට එය තල්ලු වී යාම වළක්වනු පිණිස මෙන් මෙම
මුරගල ඉදිකර ඇත. ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමක් වූයේ ද මුරගල යනු
කොරවක්ගල් දෙක තල්ලු වී යාම වැළැක්වීම සඳහා ඉදිකරන ලද කිසියම් ආධාරකයක්
බවකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සෝවාන් ඵලය ලැබීමේ ශ්‍රේෂ්ඨත්වය
ලොවුතුරු මගේ පළමු මාර්ග ඵලය සෝවාන්
වීම බව අපේ පින්වතුනට නිතර අසා පුරුදුයි. සෝවාන් ඵල ලාභියා
නැවත අපාගාමී නොවෙයි. දුගතියෙන් අපා දුකෙන් මිදෙයි.
එබැවින් සෝවාන් වූ පුද්ගලයකු “නතෙ භවං අට්ඨමං ආදියන්ති” යන
දේශනාවෙහි අදහස අනුව නැවත භවගාමී වනුයේ උපරිමයෙන් ආත්මභාව
හතක් පමණකි
ඉතිරිය»
|