සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය:
බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතය අවස්ථා 04 කට බෙදා දක්වන ලදී.
මේවා චතුරාශ්‍රම ධර්ම යන නමින් ද එකල ව්‍යවහාර විය. මේ චතුරාශ්‍රම ධර්ම
මොනවාද?.
පිළිතුර:
1.බ්‍රාහ්මචාරී, තරුණවියට පත්වන තුරු චාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය
ලබමින් දෙමවුපියන් ඇසුරෙහි කුමර කුමරි බඹසරින් යුතු ගත කිරීම පළමු
ආශ්‍රම ධර්මය.
2. ගෘහස්ථ, සොළොස් විය ඉක්මවා තරුණ අවධියට පත් ව විවාහ ජීවිතයක්
ගතකරමින් ගුරු දෙගුරුන් ගේ ආශ්‍රයෙන් ඈත්ව අඹුදරු පෝෂණය කරමින් සැප
විඳිමින් ගත කරන ජීවිතය.
3. වානප්‍රස්ථ, මධ්‍යම වයසට පත්වීමත් සමග ගෘහ බන්ධනවලින් නිදහස් ව වනගත
ව විමුක්තිය සොයමින් ගත කරන අවධිය.
4. සන්‍යාසී, නිදහස් ව සංචාරක ජීවිතයක් ගත කළ අවසාන අවස්ථාව.
ප්‍රශ්නය:
මේ නමින් සඳහන් රාජධානි වල පාලකවරු පිළිබඳ නම් කරන්න. කපිලවස්තුව,
වෙසාලිය, කුසිනාරාව සහ පාවා, කෙසපුත්ත, පිප්ඵලී වනය.
පිළිතුර:
කපිල වස්තු ශාක්‍යවරු, වෙසාලිය ලිච්ඡවි, කුසිනාරා සහ පාවා මල්ල රජවරු,
කෙසපුත්ත කාලාමවරු, පිප්ඵලී වනය මෞර්යවරු,
ප්‍රශ්නය:
බ්‍රාහ්මණ ධර්මයට පටහැනිව ගිය ආගමික කොටස් ද බුද්ධකාලීන භාරතය, මේ
සම්ප්‍රදාය සියල්ල එක්කොට ශ්‍රමණ යන පොදු නාමයකින් හඳුන්වා ඇත. මෙම
කණ්ඩායම් බුද්ධ කාලය වන විට කොපමණ තිබුණා ද? ඒ අය නමින් හඳුන්වන්න.
පිළිතුර:
ෂට් ශාස්තෘවරු වශයෙන් හය දෙනෙකු දී.නි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්නට
ලැබෙයි. ඒ අය නම් පුරණ කස්සප, මක්ඛලිගෝසාල, අජිත කෙසකම්බල, පකුධ
කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, නිගණ්ඨනාත පුත්ත යනුවෙනි.
ප්‍රශ්නය:
නිගණ්ඨනාථ පුත්ත බුද්ධ කාලයේ විසූ විශේෂ ශාස්තෘවරයෙකි. ඔහු පිළිගත්
ආගමික දර්ශනය පැහැදිලි කරන්න.
පිළිතුර:
නිගණ්ඨනාථ පුත්‍ර, මහා වීර නමින් ද හඳුන්වයි. අංග 04 කින් යුත් සීල
සංවරයෙන් යුක්ත වූයේ වෙයි. ශ්වේතමවර හා දිගමවර යනුවෙන් ඔහුගේ ශ්‍රාවක
පිරිස කොටස් 02 ක් වූහ.
ප්‍රශ්නය:
මෙම ෂට් ශාස්තෘවරුන් බෞද්ධ සූත්‍රවල දී හඳුන්වා තිබෙන්නේ තීර්ථක යන
නාමයෙනි. මේ හැරුණු විට ශ්‍රමණ සම්ප්‍රදායට අයත් තීර්ථක යන නාමයෙන් ද
හඳුන්වන වෙනත් අනගාරික තවුස් පිරිසක් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල දක්වා
ඇත. ඒ අය කවුද?
පිළිතුර:
පරිබ්‍රාජක ජම්බුක ආජීවක හා සුන්දරී පරිබ්‍රාජිකාව මෙම පිළිවෙත අනුගමනය
කළ දෙදෙනෙකි. අචේලක යන අයද ඇතුලු මොවුහු අත්තකිලමථානුයෝගී ව විවිධ
දුෂ්කර ක්‍රියා අනුගමනය කළ අනගාරික පිරිසක් විය. ආජීවක යන අයද අනගාරික
පිරිසකි. උපක එහි අනුගාමිකයෙකි. ජටිල - සංචාරක පැවිදි පිරිසකි. ස්ථිර
ආරාම ද තිබුණි. රාජ සම්මානලාභී උරුවෙල, නදී, ගයා යන නමින් සිටි තිදෙනා
පිළිබඳ ව විස්තර බෞද්ධ ග්‍රන්ථවල එයි.
ප්‍රශ්නය:
යම් සේ නූල් පන්දුවක් උස්තැනක සිට දමාගැසූ විට නූල දිග හැරී ගොස් නූල
අවසන් වූ විට නවතීද? එසේ ම බාල පණ්ඩිත සියල්ලෝ ම ඉබේම සසර ගමන් කොට
දුක් කෙළවර කෙරෙත්, මේ බුද්ධ කාලීන එක් ශාස්තෘවරයෙකු ගේ ඉගැන්වීමකි. එම
තැනැත්තා කවුද?
පිළිතුර:
මක්ඛලීගොසාල ශාස්තෘවරයා.
ප්‍රශ්නය:
බුදුරජාණන් වහන්සේ හතළිස් පස්වන අවසාන වස් කාලය ගත කළේ කොහිදී ද?
පිළිතුර:
විශාලා ව අසල වූ වේලුවන නම් ග්‍රාමයෙහි වැඩසිටි සේක.
ප්‍රශ්නය:
උරුවෙල් දනව්වේ ගයා නුවර බමුණු ගෙයක මෙහෙ කළ දාසියක් ස්වාමි දුවගේ වධ
හිංසා ඉවසා ගත නොහැකිව සිය දිවි නසා ගැනීම සඳහා වනරොදකට පිවිසියා ය.
මගඵල පසක් කර ගැනීමට හේතු සම්පත් ඇති ඇය කෙරෙහි කාරුණික වූ බුදුරජාණන්
වහන්සේ ඇයට පෙනෙන සේ වැඩ සිට දහම් දෙසා සෝවාන් ඵලයෙහි පිහටුවාලීය. මේ
තැනැත්තිය කවුද?
පිළිතුර:
ස්වාමි දුවගේ හිරිහැර නිසා ජීවිතය අමිහිරි වූ රජ්ජුමාලා දාසියයි.
ප්‍රශ්නය:
“මහණෙනි,යම් කෙනෙක් මට උවටැන් කෙරෙත් නම් හේ ගිලනාට උවටැන් කෙරේවා” මේ
බුද්ධවවාදය පිළිබඳව ඔබ උගත් යමක් ලියන්න.
පිළිතුර:
ගිලන් භික්‍ෂුවක් අරභයා දෙසන ලද්දකි.
ප්‍රශ්නය:
මහා ධර්මපාල ජාතක කථාව අසා අනාගාමී ඵලයට පත් වූ රජතුමා කවුද?
පිළිතුර:
සුද්ධෝදන මහරජතුමා.
ප්‍රශ්නය:
බුද්ධ ධර්මයෙහි ඉරියව් 04 ක් ගැන සඳහන් වේ. ඒ මොනවාද?
පිළිතුර:
සිට ගැනීම්, ගමන් කිරීම, හිඳ ගැනීම, නිදා ගැනීම, නිට්ඨං, චරං,
නිසින්නොවා, සයානොවා යනුවෙන් එය දැක්වේ.
ප්‍රශ්නය:
ශාක්‍ය කෝලිය දෙපිරිපස අතර ඇති වුණු යුද්ධය නිසා සිදුවීමට ගිය ජීවිත
විනාශය බුදුරජාණන් වහන්සේ ගේ මැදිහත්වීම නිසා සමථයකට පත්විය. මේ අරගලය
ඇතිවීමට හේතු වූයේ කුමක්ද?
පිළිතුර:
රෝහිණි නදියේ ජල ප්‍රශ්නයයි.
ප්‍රශ්නය:
සිව්මහා ගංගාවන් ගලා අවුත් මහ මුහුදට එක් වූ විට එකම ලුණු රසයෙන් යුක්ත
වෙයි. මේ උපදේශය බුද්ධ ශාසනයේ කුමන කරුණක් සඳහා ගැලපෙන්නේ ද?
පිළිතුර:
කුල, ජාති, වර්ණ ආදී ප්‍රභේදයකින් තොරව භික්‍ෂූ ශාසනයේ සමානත්වය හා
ගැලපේ.
ප්‍රශ්නය:
බුදුරජාණන් වහන්සේ සඳකිඳුරු ජාතකය දේශනා කළේ කුමන කරුණක් මුල් කර ගෙනද?
පිළිතුර:
යශෝධරා දේවිය ගේ ගුණ ප්‍රකාශ කිරීම සඳහා ය.
ප්‍රශ්නය:
අනුරාධපුර ශාසනික ඉතිහාසයේ චේතියගිරිය, මිස්සක පබ්බත, සෑගිරිය යන
නම්වලින් හැඳින්වෙන ස්ථානය කුමක්ද?
පිළිතුර:
මිහින්තලය
ප්‍රශ්නය:
පස්වන සියවසේ ශ්‍රී ලංකාවට වැඩම කොට අනුරාධපුර මහා විහාරයේ වැඩ
වෙසෙමින් විශුද්ධි මාර්ගය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?
පිළිතුර: බුද්ධඝෝෂ හිමිපාණන් විසිනි.
ප්‍රශ්නය:
බුදු දහමට අනුව යහපත් ස්වාමියෙකුගේ ගති ලක්‍ෂණ පැහැදිලි කරන්න.
පිළිතුර:
සන්තාප වරදින් මුදවා ගැනීම සඳහා ස්වාමියා විසින් මෙහෙකරුවාට අකමැත්තෙන්
දඬුවම් කරයි. ඉස්ඝෙරතමා කෙරෙහි භක්තිමත් භාවය ගරු කරයි. අවංකභාවය අගය
කරයි. අංශංසා සේවක තැනගේ අභිවෘද්ධිය සෑමවිටම බලාපොරොත්තු වෙයි. කරුණා
මෙහෙකරුවාගේ විපත තමාට සිදු වූ විපතක් සේ සලකයි.
ප්‍රශ්නය:
යහපත් මෙහෙකරුවා ගේ ගති ලක්‍ෂණ බුදු දහමට අනුව කෙසේ හඳුන්වා දී තිබේද?
පිළිතුර:
ප්‍රේමය, ස්වාමියා දෙමවුපියන් සේ සැලකීම,අවංකභාවය, විශ්වාසය, සුවච බව,
ස්වාමියාට කීකරු බව.
ප්‍රශ්නය:
බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනාවනාසයෙහි කොණ්ඩඤ්ඤ
තවුසාණන්ට පිවිතුරු නිර්මල දහම් ඇස පහළ (ධම්මචක්ඛු) වියයි පැවසූහ.
මේ දහම් ඇස පිළිබඳව ධර්මානුකූල විවරණයක් කරන්න.
පිළිතුර:
බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා මාගේ “චේතො විමුක්තිය අචලය මේ
මගේ අවසන් ජන්මයයි. මින්මතු පුනර්භවයක් මට නැත. යන ඤාණ දර්ශනය ද මට ඇති
විය.” වදාළහ. කොණ්ඩඤ්ඤ තවුසාණන් හට ගැනීම ස්වභාව කොට ගත් යමක් වේ ද? එය
වැනසීම ද ස්වාභාව කොට ඇත යන්න අවබෝධවීමෙන් පිවිතුරු නිර්මල දහම් ඇස
(ධම්මචක්ඛු) එනම් සොතාපත්ති ඵලයට පත්විය.
ප්‍රශ්නය:
චතුරාර්ය සත්‍ය ගැන ධර්ම විවරණයෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් දුක්ඛ
නිරෝධාර්ය සත්‍යය සච්ඡිකාතබ්බං සච්චිකතං යන විශේෂණ පද දෙකකින් හඳුන්වා
ඇත. මෙය පැහැදිලි කරන්න.
පිළිතුර:
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුත්තකි. දෙවනුව තමා විසින්
සාක්ෂාත් කළේ මැයි යනුවෙන් තමාටම ප්‍රත්‍යක්‍ෂ විය යුතු ය. |