කැලණියේ දුරුතු පූජෝත්සවයට
දිනපතා දම් දෙසුම්
කැලණියේ දුරුතු මහා පුණ්‍යොත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා
විහාරයේ දී 2009 ජනවාරි 2 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම
දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අවිදු අඳුර දුරලමු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“කොනුහාසො කිමානෙන්ද්‍ර – නිච්චං පජ්ජලිතෙ සති අන්ධකාරෙන ඕනද්ධා - පදීපං
න ගවෙස්සථ”
සැදැහැවතුනි,
ධර්මානුශාසනාව සඳහා ඉහතින් දැක් වූ ගාථාව ධම්ම පදයේ ජරා වග්ගයේ පළමු
ගාථාවයි. එහි අදහස නම්, “කුමන හිනාවක්ද?, කුමන ආනන්දයක් ද? අන්ධකාරයෙන්
වැසීගෙන නිරතුරුව දැවෙනව, කිම ආලෝකයක් නොසොයන්නෙ? යන්නයි.
පින්වත අප සසර දුකට පත්ව ඇති බැවින් බුදු සසුන පරිහරණය කළ යුත්තේ
සසරින් මිදීම සඳහා ය.
ඉතිරිය»
දේව කතා පුරාණය
ආගම් බිහිවීම පිළිබඳ ඓතිහාසික පසුබිම අවබෝධ කැර ගැනීම පිණිස දේවකතා
පුරාණය හැදෑරීම අවශ්‍ය ය. එහෙත් අප සමාජයේ බහුතරයකට අවස්ථාව ඇත්තේ
භාරතීය දේව පුරාණ ගැන හැදෑරීමට පමණි. ග්ලොරියර් මල්ටිමීඩියා විශ්වකෝෂය
ඇසුරින් නාරාවිල පැට්රික් විසින් ලියන ලද මේ ලිපි පෙළ ඒ අඩුව
පිරිමසාලයි. මෙහි පළමු කොටස ඉල් පුර පසළොස්වක පොහොය දා (නොවැම්බර් 12 )
පළ විය. අද දින මෙහි පහත පළ කැරෙනුයේ දෙවන කොටසයි.
ඉතිරිය» අනුරාධපුර ‘අට මුනි’ සෑය
අනුරාධපුරය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය පුණ්‍යභූමියයි. මේ කල්පයේ බුදු වී
වදාළ සතර බුදුවරු ඒ ඒ අවධීන්හි මෙහි වැඩම කොට බුදු පා පහසින්
පවිත්‍රත්වයට පත් කළහ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ අවස්ථාවේ
මහා මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූතයන් වහන්සේ ශ්‍රී
ලංකාද්වීපයට වැඩම කළේ ද අනුරාධපුර ආසන්න මිහින්තලා ප්‍රදේශයට ය.
සිංහලයේ පළමු රාජධානිය වූයේ ද අනුරාධපුරයයි. ඓතිහාසික හා ආගමික
වටිනාකම් අතින් අනුරාධපුරයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.
ඉතිරිය» |