ශ්‍රී දළදා මාළිගාවේ
කාර්තික මංගල්‍යය ඉල් පෝදා
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය නොවැම්බර් මස දොළොස්වෙනි
දිනට යෙදෙන ඉල්පුර පසළොස්වක පෝයදින සවස පැවැත්වේ.
කාර්තික මංගල්‍ය පෙරහර එදින සවස ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත් ව මාළිගා
චතුරශ්‍රයේ ගමන් කර සවස ගෙවදී.
ඉතිරිය»
ධර්ම දේශනාව: පරස්පරතා නැති බඹසර
ප්‍රතිපදාව
අද ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි. අද
දිනය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් හේතුවෙන්
සෝභමාන වනව.මා මුලින් සඳහන් කළ මාතෘකා පාඨය එදා බුදුරජාණන්
වහන්සේ පළමු වස් එළඹීමෙන් අනතුරුව මහා පවාරණයෙන් පවාරණය වී
තම ශ්‍රාවක සංඝරත්නයට අවවාද කළ පාඨයයි. එහි බුදුරජාණන්
වහන්සේගේ ධර්මයේ ස්වභාවය කුමක්ද කියා පැහැදිලි වෙනව.
උන් වහන්සේගේ ධර්මය නිවන කරා යොමු වූ වැඩ පිළිවෙලක්,
විමුක්තිය කරා ගමන් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියා
පද්ධතියක්. මෙම ක්‍රියා පද්ධතියේ ස්වභාවය තමයි මුල මැද අග
යන තුන් කල්හි එකිනෙක ගැලපීමකින් අනුයුක්ත වීම, එසේ
නොගැලපේ නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෙස සැළකිය නොහැකි
ය. මෙම වැඩ පිළිවෙළ විවිධ නාමයන්ගෙන් පෙළ දහමෙහි විවිධ
ස්ථානවල සඳහන් වේ. එවැනි එක් අවස්ථාවකි සියලු බුදුවරයන්
වහන්සේලාගේ අවවාදය ලෙස සඳහන් වන අවස්ථාව. එනම්
ඉතිරිය»
දේව කතා පුරාණය
පුරාණ දේවකතා, පරිකල්පිත සහ සංකේතාත්මක ශෛලියෙන් කියන ලද කතාන්තර යි.
ඒවායේ සාකල්‍ය සහ මූලික ව්‍යුහය මත සංස්කෘතිය රඳා පවතී. සාංස්කෘතික
අරමුණ සහ අගය පාදක කොට දෙන ලද මේ අවධාරණය අනුව පුරාණ දේවකතාව මනඞකල්පිත
සහ විස්මයාවහ ලෙස පෙනෙනු හැකි ය. ඇයි ද යත්, පුරාණ දේවකතාව, සංස්කෘතිය
පිළිබඳ සාමාන්‍ය සම්මුතියට අදාළ කොන්දේසි මත පිහිටා විස්තර කළ නොහැකි
හෙයිනි. සත්තකින්ම සංස්කෘතිය පිළිබඳ පොදු සම්මුතීන්ගේ මූලාරම්භය පුරාණ
දේවකතාවල හමුවන බව පැහැදිලි ය.
ඉතිරිය»
|