භාවනාව
කුමක් ද?
යම් සිතුවිල්ලක් නිතර නිතර සිතීමේ පුරුද්දක් කර ගැනීමට දරන වෑයම
භාවනාවයි. භාවනා කිරීමෙන් සිත සන්සුන්වීම සහ ගැඹුරට සිතීමේ හැකියාව
ලැබේ. මිථ්‍යා විශ්වාසවලින් මිදී සත්‍යාවබෝධය සඳහා කල්පනාකොට
අවිද්‍යාවෙන් මිදිය හැක. ඔබගේ් මනෝභාවය විය යුත්තේ් සිත සන්සුන්ව
පවත්වාගෙන යෑම සහ ගැඹුරට සිතීමේ හැකියාව පවත්වා ගෙන යාමයි. එය ඇති කර
ගැනීමට අත්තිවාරම දැමෙන්නේ භාවනාවෙනි.
සිත සැහැල්ලු වන්නේ භාවනාවෙන් නොව ලෝක තත්ත්වය ගැන මනා අවබෝධයක් ලබා
ගැනීමෙනි. භාවනා කරන අවස්ථාවේදී සිතට සැනසිලි ගතියක් ඇතිවේ. එයට හේතුව
එම මොහොතේ පමණක් සිත සන්සුන් වී එකඟ වන බැවිනි. එම අවස්ථාව සිතට
දුකක්වත් සතුටක්වත් නොදැනෙන අවස්ථාවකි. මෙය එම මොහොතට පමණක් සීමා වේ.
භාවනාවෙන් බැහැර වූ වහාම සිතේ එකඟත්වයත් සන්සුන්කමත් තුරන් වේ. එහෙත්
ලෝක තත්ත්වය ගැන නිවැරදිව වටහා ගත් තැනැත්තා තමන්ගේය කියා කිසිවක්
දැඩිව අල්ලාගන්නේ නැත. එබැවින් ඔහුගේ් සිත දිගටම සන්සුන්ව පවතී. මේ
අනුව බලන විට භාවනාවට වඩා වැදගත් ලෝක ස්වභාවය ගැන යථාර්ථවාදීව නිවැරදි
අවබෝධයක් ලබා ගැනීමය. මේ සඳහා අප නිතරම වෑයම් කළ යුතවේ. ආර්ය
අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම යනුවෙන් දක්වා ඇත්තේ මෙම වෑයමයි.
ශරීරය සහ වේදනා ගැන සිහියෙන් සිටීම නිරෝගිකමට හේතුවේ. සිත සහ ධර්මය ගැන
සිහියෙන් සිටීම ගුණ නුවණ වර්ධනය කරගෙන මානසික ශක්තියක් ලබා ගැනීමට
හේතුවේ. ඉහත කී කරුණු හතර පදනම් කරගෙන ජීවිතාන්තය දක්වා සිහියෙන් සිටීම
නිවැරදි උතුම්ම භාවනාවයි. මෙබඳු ජීවිත පැවැත්මකින් යුතුව වාසය කරන්නන්
වැඩිපුර සිටින රටක් හැම අතින්ම දියුණු වූ සාර්ථක දියුණු රටක් වේ. එබඳු
රටවල් වැඩි වූ විට මුළු ලෝකයම භෞතික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද
දියුණු ලෝකයක් බවට පත්වෙනු ඇත.
මිනිස් වර්ගයා තුළ විවිධාකාර සිතුම් පැතුම් පවතින නිසා එබඳු ලෝකයක්
ඇතිවීමට ඉඩකඩ අඩුය. මිනිසුන් තුළ විවිධ සිතුම් පැතුම් පැවතීමේ ස්වභාවය
මොනම ශාස්තෘවරයෙකුටවත් වෙනස් කළ නොහැකිය. එය ස්වභාවික තත්ත්වයක් වීම
එයට හේතුවයි. එබැවින් ලෝකය සහ මිනිසා පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් අවබෝධ
කරගෙන එක් එක් පුද්ගලයින් විසින් තනි තනිව ඉහත කී මානසික තත්ත්වය ඇතිකර
ගත යුතුවේ. එබඳු අයට අන් අයට වඩා සතුටින් පිරි සාර්ථක ජීවිතයක් ගත කළ
හැකිය. කය වේදනා සිත සහ ධර්මයන් ගැන සිහියෙන් සිටීමේ වැදගත්කම
බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයෙන්ද පෙන්වා දී ඇත. සතිපට්ඨානය යනු
සිහිය පිහිටුවා ගැනීමයි. සිහිය පිහිටුවා ගන්නා ක්‍රමයයි. මෙහිදී අප ඉතා
බුද්ධිමත්ව පාලි පාඨවල අර්ථ නිරූපණය කර නොගතහොත් මේ සූත්‍රයෙන් ගත
යුතුª ඉතා වටිනා ප්‍රතිඵල වෙනුවට ඉටුවේ යැයි බලාපොරොත්තු වන ප්‍රතිඵලයද
ලැබිය නොහැකි වන්නේ ය.
දුක භාවනාවක් ලෙස පාඩම් කිරීමෙන් දුකින් මිදිය හැකිද? නිතර මතුරමින්
සිහි කරමින් පාඩම් කරමින් සිටින ඕනෑම දෙයක් මතකයේ රැදේ. ඒ අනුව දුකින්
මිදීමට දුක මතකයේ රඳවා තහවුරු කර ගැනීමෙන් හැකිවේද? දුකින් මිදී බුදු
පසේ බුදු මහරහත් ඵල ලැබීමට නම් දුකින් පිරි සිතකට නොහැක්කේම ය. දුකින්
මිදෙනවා යනු සතුටට පත්වීමයි. දුක නිවා ගත් උත්තමයෝ පරම සතුටට පත්වූවෝ
වෙති. එසේ නම් එවැනි උසස් පදවි නොහොත් පරම සතුට ලැබීමට සතුට පුරුදු
පුහුණු කළ යුතුය.
භාවනා කිරීමෙන් සත්‍ය අවබෝධ නොවේ . යම් සත්‍යයක් අවබෝධවන්නේ යම්
දැනුමක් ලබාගත හැක්කේ් දැඩි අවධානයකින් යුතුව කල්පනා කිරීමෙනි. අරි
අටගි මගට අනුවද නිවැරදි දැකීමෙන් සහ නිවැරදි කල්පනාවෙනි. කල්පනා කිරීම
සඳහා සිත පුරුදු කර ගැනීමට දරණ වෑයම භාවනාවයි. සිත එක් අරමුණක රඳවා තබා
ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය භාවනාව තුළින් ළඟා කර ගත හැක. මේ අනුව බලන
විට භාවනාවෙන් තොරවද අවධානයකින් යුතුව නිවැරදිව කල්පනා කළ නොහැක.
භාවනාව යන වචනයේ තේරුම වර්ධනය කිරීම හෙවත් වැඩීමයි. තමන්ට අහිතකර වූ
දුක් කරදරයක් ගැන නිතර නිතර සිතන්ට යෑමත් භාවනාවකි. මමය, මගේය යන
හැඟීමේ දැඩි ලෙස එල්බ ගත් තැනැත්තා නිරායාසයෙන්ම එබඳු භාවනාවල
නිරතුරුවම යෙදේ. මෙම කරුණ හොඳින් තේරුම් ගෙන දුක් කරදර හා තමන්ට අහිතකර
වූ අටලෝ දහම අනුව සිදුවන වෙනත් දේවල් ගැනත් නිතර නිතර සිතන්ට යෑමේ
පුරුද්දක් ඇත්නම් එම පුරුද්ද මරා දමන්න. ඒ වෙනුවට සුබවාදී වූ තමන්ට
සතුට ප්‍රබෝධය ගෙන දුන් සහ ගෙනදීමට ඉඩ ඇති හැඟීම්වල එල්බ ගෙන ඒවා ගැන
නිතර නිතර සිතන්න.
ඔබේ සිතේ් නැති දෙයක් මුල් කරගෙන ඔබට හොඳක් හෝ නරකක් සිදු නොවේ. ඔබ හොඳ
යැයි පිළිගෙන ඇති දේවල් පොත පත කියවා හෝ සමාජ ආශ්‍රයෙන් දැන උගත් අයෙකු
වන්නට පුළුවන. එහෙත් ඒ දේවල් ඔබේ සිතට කා වැදී නැත්නම් ඒවා ඔබේ සිතේ
නැති දේවල්ය. එබැවින් ඔබට ඒවායින් කිසිදු යහපතක් සිදුනොවේ. ඔබ හොඳ
කරුණු ඔබේ සිතේ ඇති දෙයක් බවට පත්කර ගැනීමට නම් ඒවා ගැන නිතර නිතර
සිතීමේ පුරුද්දක් ඇතිකර ගත යුතු වේ. එය සම්‍යක් දෘෂ්ටික නිවැරදි
භාවනාවයි. එබඳු භාවනාවක් තුළින් ඔබ තුළ ඇතිවන යහපත් හෙවත් සම්මා සමාධිය
ලෝකය ගැනත් තමන් ගැනත් නිවැරදි තීරණවලට එළඹීමේ හැකියාවයි. මෙබඳු මානසික
තත්ත්වයක් ඇති තැනැත්තා ප්‍රඥාවන්තයෙකි. |