UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ස්ථානයක් ලෙස ලේඛන ගත කළ

බුද්ධගයාව සංවර්ධන සැලසුම

 

බුදු දහම ලෝකවාසී මිලියන 376 ක පමණ මහජනතාව ආගමක් ලෙස අනුගමනය කරනු ලැබේ. විශාලතම ලෙස බෞද්ධයින් වසන රාජ්‍යය නම් චීනය, ජපානය, තායිලන්තය, වියට්නාම්, මියන්මාර් , (බුරුමය) ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, තායිවානය, කාම්බෝජය සහ ඉන්දියාව යන රාජ්‍යයන් හැඳින්විය හැකි ය. එම රාජ්‍ය අතරින් බොදුනුවන් විශාල ලෙස වසන රාජ්‍ය දහයක් වෙති. එනම් තායිලන්තය, කාම්බෝජය, මියන්මාරය, ශ්‍රී ලංකාව, ටිබටය, ලාඕස්, වියට්නාම්, ජපානය, මැකෝ, සහ තායිවාන් වෙයි.

ඉතිරිය»

 

වස්සානයෙන් පසු එළඹෙන චීවර මාසය

 

බදු සමයෙහි ඉගැන්වෙන නියාම ධර්ම අතරින් එක් නියාමයකි. “සෘතු නියාමය” සතුන් අතර අප කාටත් විශේෂ වන්නේ, වස්සාන සෘතුවයි. වස්සානයේ ළපටි තණපත් නිල්ල ගැසී වැඩෙමින් පවතියි. මී මැස්සෝ ද මී වද වල පැණි පුරවා ගනිති. කුරුල්ලලෝ කූඩු සාදාගෙන එක්තැන් වෙති. වියැළි කර්කශ ගතිය පහවැගොස් මුළු මහත් පරිසරයම අමුතු සුන්දරත්වයකින් ඔපවත් වෙයි. ථෙරවාදී බෞද්ධ රටවල උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වස්සාන සෘතුවෙහි වස් සමාදන් වෙති. එය බුදු හිමියන් විසින් පනවන ලද විනය ප්‍රඥප්තියකි. සංඝ සමාජයේ සියලු කටයුතු පදනම් වී ඇත්තේ යම් යම් සම්ප්‍රදාය අනුවයි. එම සම්ප්‍රදාය කඩ කරන්නවුන්ගෙන් සසුන රැක ගැනීම සඳහා නීති රීති පනවා ඇත. එම නීති රීති පැනවීමේ දී මානව නිදහස අහිමි නො කර, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරැකෙන පරිදි ඒවා පනවා තිබෙන අයුරු, විචාරාත්මකව බලන විට පෙනෙයි. එසේම සසුනෙහි චිරස්ථිතිය සුරැකෙන පරිදිත්, සංඝ සාමගි‍්‍රය සුරැකෙන පරිදිත් මෙම සියලු නිති රීති, කොන්දේසි ප්‍රඥප්ති පනවා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැපත සලසන මඟ

පුඤ්ඤං චෙ පුරිසො කයිරා
කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡනන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයො

 

බුදුබණ ඇසීම මෙලොව දියුණුව, පරලොව සුගතිය කෙළවර අමා මහ නිවන ක්‍ෂාත් ක්‍ෂාත් කරවන මංගල ධර්මයක් බව මහා මංගල සූත්‍රයේදී ශාන්ති නායකයන්වහන්සේ දේශනා කළහ. ‘කාලේන ධම්ම සවණං - ඒතං මංගල මුත්තමං’ යන මංගල සූත්‍රයේ එන ගාථා පාඨයෙන් ඒ බව පැහැදිලි වෙනව. බුදුබණ පද ඇසීමෙන් ලැබෙන පිනෙන් දෙලොව ජයගෙන අමා මහ නිවණින් සැනසීම ප්‍රාර්ථනා කරමු. මාතෘකා ගාථාවෙහි ‘පුඤ්ඤං’ යැයි සඳහන් වේ. එයින් අර්ථවත් වන්නේ පින්ය. පින් නම් සිත් සතන්හි හට ගැනෙන රාග, ද්වේශ, මෝහ යන මේ අකුසල ධර්මවලින් මුදා ගෙන දන්, සිල්, භාවනා යන මෙයින් වැඩුණු පිවිතුරු සිතිවිලි ඇතිකර ගැනීමයි. පින්කම් කිරීම්, කරවීම් සඳහා මදව හෝ කය වචන වෙහෙසවා නම් සිත හා සංතෝසයෙන් අනුමෝදන් වේ නම් ඒ සුළු පිනකැයි විපාක නැතැයි කුඩා පිනකට වුවත් අවමන් නොකොට යුතුය. පහත්කොට නොසිතිය යුතුය. සුළු සුළු වශයෙන් වුවත් කෙරෙන පින්කම් දියුණුවට පැමිණි සමූහයක් බවට පත් වේ. කාය සුචරිතාදී කුසල කර්ම ක්‍රමයෙන් දියුණුකර ගත යුතුය. දස මහා කුසල් නම් දන්දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම සම්‍යක්දෘෂ්ටික බව දැඩිකිරීම, යන ඒවාය.

ඉතිරිය»

රත්නපුර මල්වල පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ: රත්නපුර මල්වල ශ්‍රී කල්‍යාණාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  ඡායාරූපයෙන් දැක්වේ. වසර සියයකට වඩා පැරැණි මෙම විහාරස්ථානයේ විහාර මන්දිරය, අමරපුර චූලගණ්ඨි මහා නිකායේ මහානායක ධූරයෙන් පිදුම් ලැබූ වතුරේගම ඤාණෝභාස මහ නා හිමිපාණන්ගේ යුගයේ දී ඉදි කර ඇත. මෙම ප්‍රතිමා වහන්සේ ප්‍රකට මූර්ති හා සිතුවම් ශිල්පී සාර්ලිස් ප්‍රානාන්දු මහතාගේ නිර්මාණයකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
 

මී ළඟ පෝය නොවැම්බර් 12 වනදා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]