‘සුධාරක’ ගිහි ධර්ම දූත සේනාංකයට ඉල්ලුම්පත් කැඳවයි
බොහෝ ගම්මානවල පන්සල් පාළු වී ගොස් ඇති බැවින්ද, ගම්මාන මට්ටමේ අති
විශාල සදාචාරාත්මක පිරිහීමක් ඇති වී ඇති බැවින් ද, ඒ අඩුව පිරිමසාලීම
සඳහා ධර්මයට කැපවූ ‘සුධාරක’ නමින් ගිහි ධර්මදූත ව්‍යාපාරයක් ගොඩනැඟීමට
‘සදහම් සෙවණ’ ධර්මායතනය තීරණය කර ඇත.
ඉතිරිය» යටපත් නොවන ප්‍රතිඵල ගෙන දෙන කඨින චීවර පූජාව
දඹදිවට වර්ෂා කාලය එළඹුණු විට බොහෝ දෙනා පී‍්‍රති වීම ස්වභාවයකි. වසන්ත
කාලය පැමිණීමත් සමඟ එය වසන්තෝත්සවය යැයි උත්සව පවත්වා එය පිළිගැනීම,
පෙර දඹදිව් වැස්සන්ගේ සිරිතක් විය. ජෛන ආගමිකයෝ පරම අවිහිංසා වාදීන්
පිරිසක් වූ බැවින් වැස්ස නිසා දලු ලා වැඩෙන තණපත් පෑගීම පාප කර්මයක්
සේ, සලකා ක්‍රියා කිරීමද එකල සිරිතක් විය.
ඉතිරිය» ධර්ම දේශනාව: සසර දුක දුරු කරන
ලොව උතුම් තුන් සරණ
සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි
පන්සියයක් මහරහතන් වහන්සේ පිරිවරකොට කපිල වස්තු නුවර මහාවනයෙහි වැඩවසන
සේක. එසමයෙහි දස දහසක් ලෝකධාතූ®න්හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ
ප්‍රධාන ආරියශ්‍රාවකයන් දැකීමට පැමිණියාහුය. එසේ පැමිණි එක් දේවතාවෙක්
මෙම ගාථාවෙන් බුදුන් සරණ යාමේ ආනිශංස ප්‍රකාශ කළේය.
ඉතිරිය» |