‘මී පැණි’ අමිහිරි වන හැටි
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයීය
මැලේසියා ආයතනයෙහි කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී
අයගම සිරි යසස්සී හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස
මධුවා මඤ්ඤති බාලො
යාව පාපං නපච්චති
යදා ච පච්චතී පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති
පින්වත!
බාලයා නැතහොත් අනුවණයා පව්කම් කරනුයේ යම්තාක් කාලයක් එය විපාක නොදේද, ඒ
තාක් එය මී පැණි සේ සිතයි. යම් කලෙක පව විපාක දීමට පටන් ගනීද එවිට හේ
අතිශය දුක් වේදනාවන්ට පත්වන්නෙහිය යන්න ඉහත ගාථාවේ අදහස යි.
පුහුදුන් මිනිසාගේ ආධ්‍යාත්මය, මෛත්‍රිය - කරුණාව පරිත්‍යාගශීලි බව ආදී
සත්ගුණයන්ගෙන් පිරී ඇත්තා සේම වෛරය, ඊර්ෂ්‍යාව, මානය, ලෝභකම ආදී
ක්ලේශයන්ගෙන් ද පිරී ඇත්තකි. ක්ලේශ ප්‍රහාණය නොලත් පෘථග්ජන සත්වයාගේ
ස්වභාවය ස්වකීය සිත, කය, වචනය මගින් විවිධ හේතු සාධක පදනම් කොට ගෙන
කුසල අකුසල කර්ම සිදු කිරීමයි. සත්ත්වයන් විසින් සිදු කරනු ලබන කර්ම
විපාක සහ ගත බවට පත්වනුයේ චේතනාව පවත්නා ස්වභාවය අනුව බව බුදුදහම
අවධාරණය කරයි.
චෙතනාහං භික්ඛවේ කම්මංවදාමි
චෙතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා වා
මහණෙනි! මම චේතනාව කර්මය යැයි කියමි. කර්මය සිතාමතා කයින් හෝ වචනයෙන්
හෝ මනසින් හෝ කරන්නේ වෙයි යන්න එහි සරල අදහස වේ.
කර්මය හෝ කර්ම විපාක පිළිබඳව අටුවා ටීකා සහිතව විස්තර කළයුතු නැත. හොඳ
දෙයක් කළ විට සැප වේදනා සහිත සුඛදායී විපාක ලැබෙන බවත්, වැරැදි දෙයක්
කළවිට දුක් වේදනා සහිත දුක්ඛදායි විපාක විඳීමට සිදුවන බවත් බොදු සමාජයේ
කුඩා දරුවා වුවද දන්නා සාමාන්‍ය කරුණකි.
එහෙත් සමාජය තුළ පවත්නා අභාග්‍ය සම්පන්න බව නම් මේ පිළිබඳව සැලකිලිමත්
නොවීමයි. වරද අල්ප වුවද එයින් තමන්ටත් සමාජයටත් වන විපාක අල්ප වුවද
එවැනි කුඩා නමුදු වරදෙහි බිය උපදවා ඉන්වැළකී සිටිය යුතුය යනු බුදු
දහමෙහි ඉගැන්වීමයි. (අනුවජ්ජෙසු වජ්ජෙසු භය දස්සාවි)
නොනවත්වා බාහිර වශයෙන් මිනිස් ලෝකය දියණුව කරා ඇදෙද්දී මිනිස්
අධ්‍යාත්මය වේගවත්ව පරිහානිය කරා ඇදීම නවතාලීමට වැට ඉනි බැඳීම මහත්
අපහසු කර්තව්‍යයක් විය හැකිය. එහෙත් අනලස්සව අපි එයට වෙර දැරිය යුතු
වෙමු.
පාපය , වරද තුළ පවත්නා බාහිර සුන්දරත්වය, මිහිරි බවට සත්ත්වයෝ
මුළාවන්නාහුය. අයහපත් අමිහිරි දෙය ඉතා සුන්දර වේශයකින් ලොව තුළ
විද්‍යාමාන වන බවත් යහපත් එමෙන්ම වරද රහිත දෙය අමිහිරි දුෂ්කර
ස්වභාවයකින් පවත්නා බවත් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
අසතං සාත රූපෙන
පිය රූපෙන අප්පියං
වරද රහිත වුවද යහපත් වුවද එහි බාහිරව පවත්නා කටුක අමිහිරි ස්වභාවය නිසා
නිරායාසයෙන් කෙලෙස්බර සත්වයාගේ් සිත සුන්දරව මිහිරිව පවත්නා වූ අයහපත්
දෙයට නැමෙන්නේය.
මැනවින් සෙවිලි නොකළ ගෙය වැසි දියෙන් තෙමී යන්නා සේ අභාවිත සිත
නිරන්තරයෙන් ක්ලේශයන්ගෙන් වැසී යන්නේ ය.
යථා අගාරං දුච්ඡන්නං
වුට්ඨි සමති විජ්ජති
එවං අභාවිතං චිත්තං
රාගො සමති විජ්ජති
දුක්විපාක සහිත දෙය ලොව මිහිරිව සුන්දරව පෙනෙන්නට ඇති නිසා සහ කර්ම
විපාක පිළිබඳව සැලකිලිමත් නොවීම වැනි හේතු නිසා මිනිසා වරද සහිත වූද,
අකුසල කර්ම පාප කර්ම නිරන්තරව සිදු කිරීමට පෙළඹී ඇත.
නුවණැති පින්වත්නි!
ඔබ කරන හොඳ නරක දෙකෙහි වගකිව යුත්තා ඔබමය. විපාක දැරිය යුත්තේද ඔබ
විසින්ම ය. සිදු කිරීමට උපදෙස් දෙන උදව් දෙන කිසිවෙකුටවත් ඔබ විපාක
විඳින කල ඔබව එයින් ගලවාගත නො හැකි බව වටහා ගන්න. එබැවින් මානසික
වශයෙන් මෙන්ම සාමාජිත වශයෙන් ද ආර්ථික වශයෙන් මෙන්ම කායික වශයෙන්ද
මෙලොවදී මෙන්ම පරලොවදීද ඔබ ලබා ගන්නා ජීවිතය අන්ත අසරණ වුවක් නොවන්නට
වද වේදනා විඳිමින් මුළු ජීවිත කාලයම ගත කිරීමට සිදු නොවන්නට වගබලා ගත
යුතු වන්නේ් ඔබ විසින් ම බව තේරුම් ගත යුතු කරුණක් වේ.
ඔබ අද ජීවිතය ගැටගසා ගැනීමට සැප සම්පත් ළඟා කර ගැනීමට ධනය රැස්කර
ගැනීමට ඇතැම් විට සිදුකරන දෙය කුමක්දැයි සිතා බලන්න. දූ දරුවන් ජීවත්
කරවන්නට වැරැදි සහගත ආයෝජන මාර්ගයක් හෝ රැකියාවක් හෝ සිදු කරන්නේද
එමගින් ලබාගන්නා ධනයෙන් දූ දරුවන් පෝෂණය කරන්නේද ඔබගේ් දූ දරුවන්ට
ගිනිගත් යකඩ ගුලි ගිලින්නට දීම එයට වඩා යහපති.
යාන වාහන ඇඳ පුටු වෙනුවට විදුලිසැර ක්‍රියාත්මක වන යකඩින් නිම වූ
කුටියකට ඔබද ඔවුන් සමග වැද එවැනිම ආසනවල හිඳ සැතපී ශරීරය දැවී අළු වී
යනතුරු සිටීම යෙහෙකි.
එවිට ඒ ආකාර වූ දුක් වේදනා විඳිනුයේ එහි අවසානය වූ මරණ වේදනාවට
පැමිණෙනුයේ මේ භවයේදී පමණි. එහෙත් සමාජයට අහිතකර ලෙස ඔබ ගොඩනගන්නට වෙර
දරනා සැප සම්පත්වල අවසානය මේ භවයේ යම් දිනෙක පටන් මතු මුළු මහත් සසර
පුරාම අසීමිත දුක් කන්දරාවකට බඳුන් වීමට හේතුවක් බව සිහිතබා ගත යුතුය.
අදමින් ජීවත් වනවා වෙනුවට
දැහැමෙන් මියයනු සොඳමයි දනහට
සමාජය දෙස බලනවිට පෙනෙන්නට ඇති ප්‍රවණතා නම් ඇතැම් විට අධාර්මික ලෙස
ධනය රැස්කරන අය මහත්වූ පව්කම් කරන අය සැප සම්පත් සහිතව සමාජය තුළ
ඉහළින් වැජඹෙන අතර අන්ත දුක්විඳිමින් ධාර්මිකව ජීවත්වන පුද්ගලයින්
සැමදාම සැප නොලබා පීඩිත ජීවිත ගෙවන ආකාරය යි.
මේ තත්ත්වය දෙස අවබෝධයෙන් තොරව බලන ධාර්මිකව ජීවත්වන අය තුළ ඇතිවන මුලා
සහගත සිතිවිලි නම් ධාර්මිකව ජීවත් වන්නට ගියහොත් කිසි දිනෙකවත්
දියුණුවීමට නොහැකිය යන්නයි. එබැවින් තමන්ද කුමන දේ හෝ සිදුකොට සම්පත්
ළඟාකර ගත යුතුය යන්න කල්පනා කිරීම වැරැදි සහගතය.
සැබෑම කාරණය නම් අධර්මිෂ්ටව පාපයෙහි නියැලී කටයුතු කරන කිසිවෙකුත් සැබෑ
සම්පතක් සතුටක් විඳින්නේ් නැත යන්නයි.
සැබෑ සතුට සුවිසල් මැදුරු තුළ හෝ යාන වාහන වල කන බොන ආහාර තුළ හෝ ඇත්තේ
නැත. උතුම් සතුට නම් තම ජීවිත පිළිබඳව සිතන විට තමන්ගේ් නිවැරැදි බව
පිළිබඳව ඇතිවන අධ්‍යාත්මික සැනසිල්ලයි. අදමින් ධනය උපයා බාහිර ලෝකයට
සැප විඳින සේ පෙනෙන අය තුළ එකී අධ්‍යාත්මික සැනසිල්ල තිබේ යැයි ඔබ
සිතන්නෙහිද?
පාපය විපාක දෙනතුරු මී පැණි මෙන් රසවත් වුවද එය විපාක දෙනවිට පසුතැවීම්
වේදනා තත්පරයක් පාසා ඇති කරවයි.
කාරණා මෙසේ හෙයින් ජීවිතය ගත කරන මේ කෙටි කාලය තුළ කුඩා වුවද වරදෙහි
බිය දක්නා සුළුව කුසගින්නෙහි මිය ගියද, වරද ලෙස සම්පත් නොසොයා සසර පුරා
උපදින හැම ජීවිතයකදීම කදීම කායික - මානසික සුවය ඇතිවන පරිදි කටයුතු
කිරීමට ඔබ සැමගේ නුවණැස පහළ වේවා! |