Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජයමංගල ගාථා දොස් සහිතයි

උගත් නූගත් හැම දෙනාටම පාඩම් ව තිබෙන ජයමංගල ගාථා නොයෙක් දෝෂයන්ගෙන් දූෂිත ය. ඒ ගාථා රචනා කරන ලද්දේ කවර කාලෙක කවරෙකු විසින් දැයි කීම අපහසු ය. ලක්දිව ශාස්ත්‍රය පිරිහී තුබුණි අවදියක පාලි වචන මිස පාලි ව්‍යාකරණ හා අලංකාර ශාස්ත්‍රාදිය ද නො දන්නා කිසියම් තෙර කෙනෙකුන් විසින් රචනා කරන ලද්දකැයි සිතිය හැකි ය. මෙහි පෙනෙන වැරැදි රචකයාගේ අතින් ම වූයේ යැයි සිතීම අපහසු නොවේ. එහෙත් ‘දුග්ගාහාදිඨි භුජගෙන සුදඪ හත්ථං” යන තැන “හත්ථං” යන්න මෑත දී වූ දෝෂයක් සේ සැලකිය හැකි යි. කුඩා කල්හිම කටපාඩම් වූ හෙයින් මේ වැරැදි සහිත ගාථා උගත්තු ද කියති. මේ දොස් නිදොස් කිරීමට සමහරුන් දක්වන කරුණක් නම් ‘මේ ගාථා මන්ත්‍රාශාස්ත්‍රය අනුව අක්‍ෂර පිහිටුවා බැඳ තිබෙන හෙයින් මෙහි දොසක් නැත’ යන්න ය. මෙසේ කියන්නෝ ‘අපි කිසි විටෙක මන්ත්‍රමහොදධි, සාධනමාලා ආදී මන්ත්‍ර ශාස්ත්‍රීය පොත් නොදැක්කෙමු යි මෙයින් අන් වචන වලින් තත්ත්වඥයන් ඉදිරියෙහි කියා පාති. මන්ත්‍ර ශාස්ත්‍රය පසෙක තිබී යේවා, ‘සෙත් කවි’ බැඳීමට මේ රටේ සමහරු දනිති. ඒ බැඳීමේ දී අක්‍ෂර ගණ ආදිය ශාසෙත්‍රාක්ත පරිදි යොදති. එහෙත් අක්‍ෂර හෝ ගණ අනුව බැඳීමට යයි ව්‍යාකරණය නොමරති. කාව්‍ය ශාස්ත්‍රයට පහර නොදෙති. එබඳු දොස් තුබුණොත් ඒ සෙත් කවියෙන් සෙතක් නොලැබේ.

මේ ජයමංගල ගාථා ද ඒ සෙත් කවිවවලට සමානය. මෙයින් රචකයා බලාපොරොත්තු වූයේ බුදුරජාණන් වහන්සේගේ ජයග්‍රහණයක් දක්වා ඒ බුදුන්ගේ තෙජසින් අන්‍යයන්ට ජයමඟුල් වේවායි පැතීමයි. ඔහු මේ ගාථාවලින් කියූ කාරණ්‍ය ඔහුට තේරෙන්නට ඇත. මාරවිජය, ආලවක දමනය ආදී සිද්ධි අප දන්නා හෙයින් මේ ගාථාවලින් කියන්නේ කුමක්දැයි අපට ද තේරෙයි. එහෙත් පාලි භාෂාව හා එහි ව්‍යාකරණයත් පමණක් දන්නා කෙනෙකුන්ට රචකයා මේ ගාථාවලින් කියන්නට බලාපොරොත්තු වූ අදහස ;නාතේරෙයි. එසේ හෙයින් අර්ථය පැහැදිව නොහැඟෙන වචන පෙළකින් ජයමඟුල් පැතීමෙන් වැඩක් නොවේ.

මන්ත්‍රශාස්ත්‍රයෙහිද ‘බීජාක්‍ෂර’ නම් වූ තිරත්තිථික අකුරු යොදා බැඳී මන්ත්‍ර විශේෂයක් තිබේ. සාධනමාලාවෙහි පෙනෙන එබඳු මන්ත්‍රයක් මෙසේයි. “ඕං හී‍්‍රං හී‍්‍රං හුං හං හඞ” මෙහි අකුරු රැසක් මිස, “ඕං” යන්න හැර අර්ථ ඇති එක් වචනයක් වත් නොමැති යි. යම් කිසි සිද්ධියක් ප්‍රකාශ කරන මන්ත්‍රයක් වේ නම්, එය සර්ප්‍රකාරයෙන් නිර්දෝෂ භාෂාවෙන් රචිත ය.

ජයමංගල ගාථා, යට දැක් වූ සාධනමාලා මන්ත්‍රය සේ බීජාක්‍ෂර යොදා රචනා කරන ලද්දේ නොවේ. එක් එක් ගාථාවක පූර්වාංගයෙන් රචකයා බලාපොරොත්තු වූයේ යම් කිසි සිද්ධියක් පැවසීමයි. ඔහු පාලි ව්‍යාකරණ නොදන්නා හෙයින් ඔහු කියන්ට අදහස් කළ අර්ථය නො කියවුනේ ය. අනික් වැරදි කෙසේ වූවත් කාටත් තේරෙන මේ සියලුම ගාථාවල පෙණෙන, එක් දෝෂයක් නම් “ජයමංගලානි භවතු” යන්නයි. එය සිංහලයට පෙරළූ විට “ජයමංගල යෝ වේවා” යි අර්ථය ලැබේ. මේ සිංහල වාක්‍යය වැරැදි බව සිංහල දන්නා කාටත් තේරෙයි. පාලි වාක්‍යයෙහි තිබෙන්නේත් එබඳු දෝෂයකි. සිංහලයෙහි නම් නපුංසක ලිංගික ප්‍රථමා විභක්ති බහුවචනය උක්තය වූ විට එහි ක්‍රියා පදය ඒකවචනාත ව යෙදේ. පාලි භාෂාවෙහි ඒ රීතිය නැත. මේ රචකයා ‘ජයමංගලානි භවතු’ යි ලියුවේ ඒ සිංලහ රීතිය සැලකීමෙනැයි කියතොත් එවි මෙය පාලි භාෂාවෙන් නොව ‘සිංහල පාලියෙන් රචිතය’යි කිය යුතු වේ. ඇතැම් ගාථාවකින් හැඟෙන්නේ රචකයා කියන්ට නොසිතූ තේරුමකි. ‘කÀවාන කඪමුදරං” යනාදි ගාථාවෙහි පාලිව්‍යාකරණය අනුව ලැබෙන තේරුම මෙසේයි.

මුනීන්ද්‍රතෙමේ දරලීය උදරය (කුස) මෙන් කොට විඤචාගැබිනියගේ දුෂ්ට වචනය ජන සමූහයා මැද ශාන්ත වූ සොම විධියෙන් දිනීද, ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ තේජසින් ඔබට ජයමංගලයෝ වේවා යනුයි.

දරලීයක් උදරයක් මෙන් කළ බව මෙයින් පැවසෙයි. එසේ කෙළේ මුනීන්ද්‍රයන් වහන්සේ විසිනැයි ද හැඟේ. සෘද්ධියෙන් අසම වූ උන්වහන්සේට එය කිරීම අපහසු නොවේ. එහෙත් එබඳු කථාවක් විඤ්චා රිත කථාවෙහි නොමැතියි එහි ඇත්තේ විඤාචව දරලී උදරයෙහි බැඳගෙන ගැබිනියකගේ වේශය ගත් බවයි. මුනීන්ද්‍රයන් විසින් ම එය කළැයි හැඟෙන්නේ කවර හෙයින්ද? මේ ගාථෲවෙහි මුල් පද තුණෙහි ‘කත්වාන’ ජිතවා’ යි ක්‍රියාවාචී පද දෙකකි. එයින් ‘කත්වාන’ යන්න පූර්ව ක්‍රියාපදයකි. පූර්ව ක්‍රියාපදයන්ගේ කර්තෘ අවසාන ක්‍රියා පදය ‘ජිතවා’ යන්නය. එහි කර්තෘ පදය ‘මුනින්ද්‍රා’ යන්න ම විය යුතු ය. එහෙයිනි. ‘කÀවාන’ යන්න ඒ හා සම්බන්ධ වන. විඤ්චාව විසින් කළ ක්‍රියාවක් පවසන, අනික් ක්‍රියාපදයක් නැති හෙයින් ;හතÀවත්‍ථ¡ පූර්ව ක්‍රියාවකැයි ද සැලකිය නොහැකි ය.

මෙබඳු දෝෂ සහිත පද්‍යයන්ගෙන් සෙතක් හෝ ජය මඟුලක් නොලැබේ. උගත් බොහෝ දෙනා ජයමංගල ගාථාවන්හි තිබෙන දෝෂ දකිතත් ඒ ගැන කථා කරතත් එය සකස් කරන්ට අවස්ථාවක් නොලැබූහ. අපි මේ අවස්ථාව ඊට සුදුසු සේ සලකමු. අපි එය හැකි තාක් දුරට සකස් කොට මේ පොතේ යෙදීමු. තව අවුරුදු විස්සක් තිහක් පමණ ගත වන තෙක් වැරැදි ජයමංගල ගාථා ම බොහෝ දෙනා අතර පැවැතිය හැකි ය. දැන් සිටම කුඩා දරුවන්ට නිවැරැදි ජයමංගල ගාථා පාඩම් කරවුවොත් ක්‍රමයෙන් වැරැදි ජයමංගල ගාථා බෞද්ධයන් අතරින් නැති වී යා හැකි ය. ඒ දොස් සහිත ජයමංගල ගාථා පෙළ ද මෙහි දක්වමු.

දොස් සහිත ජහමංගල ගාථා.

1. බාහුං සහස්සමභිනීමමිතං සායුධං තං
ගිරිමේඛලං උදිතඝොර සසෙන මාරං
දානාදිධම්ම විධිනා ජිතවා මුනින්දෝ
තේජසා භවතු තෙ ජයමංගලානි.

2. මාරාතිරෙන මභියුජඣිත සබ්බ තතිං
ඝොරමපනාලවකමකඛම ථදඨ යක්ඛං
ඛනතී සුදනත විධිනා ජිතවා පෙ


3. නාලාගිරිං ගජවරං අතිමත්තභූතං
දාවග්ගිවකකමසනීච සුදාරුණන්තං
මෙත්ත මබු සෙකවිධිනා පෙ

4. උක්ඛිත්තඛග්ග මතිහත්ථ සුදාරුණනතං
ධාවං තියොජනපටඞගුලිමාලවනතං
ඉද්ධීහිසඞඛතමනො ජිතවා පෙ

5. කත්වාන කඪමුදරං ඉව ගබ්භිනීයා
විඤ්චාය දුට්ඨවචනං ජනකායමජෙඣ
සනෙතන සොමවිධිනා පෙ

6. සච්චා විහායය මතිසච්චචක වාදකෙතුං
වදාභිරොපිතමනං අතිඅන්ධභූතං
පඤ්ඤාපදීපජලිතො ජිතවා පෙ

7. නනේද්‍ර පනන්ද්‍රභුජංග විබුධංමහිදධීං
පුතෙත න ථෙර භුජගෙන දමාපයනෙතා,
ඉද්ධූපදෙස විධානා පෙ

8. දුග්ගාහදිඨිභුජගෙන සුදඪහත්ථා
බ්‍රහ්මං විසුද්ධ ජුතිමිද්ධී බකාභිධානං,
ඤාණාගදෙන විධාන පෙ

9. එතාපි බුද්ධ ජයමංගල අඪ ගාථා
යොව චකො දින දිනෙ සරතෙමතන්දී
හිත්වානනෙක විධානි චූපද්දවානි
මොක්ඛං සුඛං අධීගමෙය්‍ය නරො සපඤේඤා

මේ ගාථා සකස් කිරීමේ දී මෙයින් ගත හැකි සියලුම වචන අපි ගත්තෙමු. අප මෙය සකස් කෙළේ ආත්තා මුත්තන්ගේ ළිඳ යැයි කියමින් පල්වතුර බොන්නට සිතන්නන් වැනි අය උදෙසා නොවන බව ද කියමු.

මෙහි දැක් වූ ජාතක කථා පිළිබඳව ද කිය යුත්තේ දෙවෙනි පොතේ දැක් වූ ජාතක කථා සඳහා එහි සංඥාපනයෙහි කියූ දෙයම ය.

1954 දෙසැම්බර් 25 වන දින විද්‍යෝදය පිරිවෙනේ දී ය.

ජයමංගල ගාථා දොස් සහිත බව පෙන්වා දෙමින් ‘සම්බුද්ධාගමය’ නමැති තුන් වන පන්තියේ පාඩම් පොතට විද්‍යෝදය පිරිවෙනේ පණ්ඩිතාචාර්ය වැලිවිටියේ සෝරත නා හිමියන් විසින් 1955 දී ලියන ලද සංඥාපනය මෙහි පහත පළ කැරේ. රත්නාකාර පොත් වෙළෙඳ ශාලාව මඟින් ප්‍රකාශිත එම පාඩම් පොතෙහි සංඥාපනය අප වෙත යොමු කළ ඇතුල්ගම පදිංචි, විශ්‍රාමලත් විදුහල්පති, සාමවිනිසුරු, කේ.ජී. කුඩා බණ්ඩා මහතාට අපගේ ස්තුතිය හිමි වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.