ශ්‍රී දළදා මාලිගාවේ
කඨින පින්කම
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝම්බර් 17, 18 දිනවලදී
පැවැත්වේ.
ශ්‍රී දළදා සමිඳු උදෙසා පිරිනැමෙන අමුතු මුල් තැන් බුද්ධ පූජාව සහ
කප්රුක් සහිත කඨින චීවර පූජාව සහ මල්වතු අස්ගිරි අතිගරු මහානායක,
අනුනායක හිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන අට
පිරිකර සහිත සංඝගත දක්‍ෂිණාවක් මෙම පින්කමට ඇතුළත් වේ.
ඉතිරිය»
ඉංගී‍්‍රසි පාලකයන්ගෙන් බුහුමන් ලද
ශ්‍රී දළදා වහන්සේ
බුදුරජාණන් වහන්සේගේ වම් දළදාවහන්සේ (ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය,
මහාචාර්ය වල්පොල රාහුල හිමි 332 පිටුව) අප රටට වැඩම කරවීම සම්බන්ධ
ඓතිහාසික පුරාවෘත්තය නොදන්නා කෙනෙකු නැති තරම් ය. ඉන්දියාවේ කාලිංග
දේශයේ රජතුමා සතු රාජකීය වස්තුවක් වශයෙන් සලකන ලද දළදා වහන්සේ, එරටට
එල්ල වූ සතුරු ආක්‍රමණයන් නිසා එහි ආරක්‍ෂාව සඳහා හේමමාලා, දන්තකුමාර
යන රාජකීය දූතයන් අත ලංකාවට එවීය. ඉතා අනාරක්‍ෂිත දුෂ්කර ගමනකින් පසුව
මේ කුමරා හා කුමරිය කීර්ති ශ්‍රී මේඝවර්ණ (කිත්සිරි මෙවන්) රජතුමාගේ
නවවැනි රාජ්‍ය වර්ෂයේ දී ලංකාවට පැමිණියහ. අතිවිශිෂ්ට මෙම පූජනීය
වස්තුව ගෞරව බහුමානයෙන් පිළිගත් රජතුමා දෙවනපෑතිස් රජු විසින් කරවන ලද
ධම්මචක්ක නම් විහාර මන්දිරයෙහි තැන්පත් කොට පුද පූජා කරන ලද බව
මහාවංශයෙහි සඳහන් වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව: ‘මී පැණි’ අමිහිරි වන හැටි
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයීය
මැලේසියා ආයතනයෙහි කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී
අයගම සිරි යසස්සී හිමි
පුහුදුන් මිනිසාගේ ආධ්‍යාත්මය, මෛත්‍රිය - කරුණාව පරිත්‍යාගශීලි බව ආදී
සත්ගුණයන්ගෙන් පිරී ඇත්තා සේම වෛරය, ඊර්ෂ්‍යාව, මානය, ලෝභකම ආදී
ක්ලේශයන්ගෙන් ද පිරී ඇත්තකි. ක්ලේශ ප්‍රහාණය නොලත් පෘථග්ජන සත්වයාගේ
ස්වභාවය ස්වකීය සිත, කය, වචනය මගින් විවිධ හේතු සාධක පදනම් කොට ගෙන
කුසල අකුසල කර්ම සිදු කිරීමයි. සත්ත්වයන් විසින් සිදු කරනු ලබන කර්ම
විපාක සහ ගත බවට පත්වනුයේ චේතනාව පවත්නා ස්වභාවය අනුව බව බුදුදහම
අවධාරණය කරයි.
ඉතිරිය»
|