හාරිස්පත්තුව, හිගුල්වල ශ්‍රී
විජයාරාම මහා විහාර භූමියේ පිහිටි පැරැණි ගල්තලාවේ මෙම
සැතපෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නොබෝදා නිරාවරණය
කැරිණි. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ ශ්‍රී විජයාරාමාධිපති
අලවත්තේගම, ධම්මතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි හිගුල්වල
එච්.එච්. පී. නිශ්ශංක මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර ඇත.
මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇති හිඟුල්වල ශ්‍රී
විජයාරාම මහා විහාරය පූජා පිටිය ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශයේ බොක්කාවල නගරයේ සිට කිලෝමීටරයක දුරින් පිහිටා
ඇත. මහනුවර සිට අඹතැන්න පූජාපිටිය මාර්ගයෙන් ද හරංකහව
බොක්කාවල මාර්ගයෙන්ද මෙම විහාරස්ථානයට ළඟා විය හැකි ය. කේ.
බණ්ඩාරනායක. |