තිස්සමහාරාම රජමහා විහාරය ආශ්‍රිත භූමි භාගය
පූජා නගරයක් ලෙස සංවර්ධනය කැරේ
තිස්සමහාරාම රජමහා විහාරය ආශි‍්‍රත භූමිභාගය පූජා නගරයක් වශයෙන්
සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ ජාතික භෞතික
සැලසුම් දෙපාර්තමේන්තුව පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ නාගරික
සංවර්ධන හා පූජා නගර සංවර්ධන අමාත්‍යංශය මගින් එම පූජා නගර සංවර්ධන
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
ඉතිරිය»
බුදුරදුන් නිර්දේශ කළ ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම
බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වයාගේ
මානසික ලෙඩට ඖෂධ ලබා දුන්නා මිස කායික ලෙඩට හා කායික
නිරෝගීතාව උදෙසා ඖෂධ වර්ග අනුදැන වදාළ බව සාමාන්‍යයෙන්
වැඩි දෙනා අතර ප්‍රචලිත දෙයක් නොවෙතත්, ‘භෙසජ්ජගුරු’ යන
අන්වර්ථ නාමයකින් හැඳින්වෙන තථාගතයන් වහන්සේ උන්වහන්සේ සමග
එක්ව වැඩ සිටී භික්ෂූන් වහන්සේ රෝගීව සිටි ඇතැම් අවස්ථාවල
දී විවිධ ඖෂධ වර්ග හා පිළියම් වර්ග නිර්දේශ කර ඇති ආකාරය
අපට ත්‍රිපිටකයෙහි දී දැක ගත හැකි ය.
ඉතිරිය»
ධර්ම දේශනාව: සසර ගමන පුරා ගෙන යන මග වියදම්
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන
සමයෙක්හි මහාලී නම් ලිච්ඡවී රජු විසින් දෙදෙව්ලොවට අධිපති සක්දෙව්
රජුගේ ඉසුරු සම්පත් පිළිබඳව පිළිවිසි පැන විසඳීම සඳහා මෙම ගාථා ධර්මය
දේශනා කොට වදාළ සේක.
ඉතිරිය»
|