මොනරාගල වැලියාය සිරිපියරතන
විද්‍යායතන පිරිවෙනේ අභිනව අටවිසි බුද්ධ ප්‍රතිමා සහිත
චෛත්‍යයේ කොත් වහන්සේ පැළඳවීම පසුගියදා සිදු කැරිණි.
වැලියාය සිරිපියරතන විද්‍යායතන පරිවේණාධිපති කන්දඋඩපංගුවේ
සුධම්ම නාහිමියන්ගේ ආරාධනය පරිදි චෛත්‍යය සඳහා කොත්වහන්සේ
ප්‍රදානය කරන ලද්දේ එස්. අබේරත්න මහතා විසිනි. කොත් වහන්සේ
පැළඳවීමද ඔහු අතින් සිදු කැරිණි. කැලණිය විශ්ව විද්‍යාලයේ
කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ
කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක
මාහිමියන් අතින් කොත් වහන්සේ නිරාවරණය කළ අවස්ථාව.
මීරියබැද්දේ උපනන්ද, ගල්ටැම්වත්තේ චන්දජෝති, බටුගම්මන
පඤ්ඤාරතන, මල්වානේ පඤ්ඤාසාර නා හිමිවරුන් ඇතුළු ශතකාධික
මහා සංඝරත්නය ද, කාන්තා අභිවෘද්ධි හා ළමා සංවර්ධන කටයුතු
ඇමැතිනී, සුමේධා ජී. ජයසේන මහත්මියද, ජාතිය ගොඩනැඟීමේ හා
වතුයටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, මොනරාගල
දිසා ලේකම් එම්.බී. දිසානායක, ඌව පළාත් ප්‍රධාන ලේකම්
පී.බී. අමරසේකර, මොනරාගල පොලිස් අධිකාරි අමරසිරි සේනාරත්න
යන මහත්වරුද,රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද ප්‍රදේශවාසී
බෞද්ධ බැතිමතුන් බොහෝ දෙනා ද එම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප හා විස්තර කේ.බී. රත්නායක, මොනරාගල සමූහ. |