ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවි
ප්‍රාප්ත
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නායක ස්වාමීන් වහන්සේ
ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අතින් 3 වන
දා
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියට, අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් වී ඇත. මෙම සභාපති පදවිය
සමස්ත අමරපුර මහා නිකායේ ම අනුනායක පදවිය සේ සැලකේ. මෙතෙක් උන්වහන්සේ
අනුනායක පදවිය දරන ලද්දේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක් පාර්ශ්වයක
ය. එවන් උසස් තනතුරකට උන්වහන්සේ පත්වීම පිළිබඳව සුබ පතමි. ඒ පිළිබඳව
ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති
මැතිතුමාණන් විසින්, මෙම ඔක්තෝම්බර් මස 03 වැනි කිවි දින ජනාධිපති
කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී සිදු කෙරේ.
ඉතිරිය»
භාෂාව-සාහිත්‍යය හා සාහිත්‍ය නිර්මාණ
මානව පරිණාමයත් සමඟ සහ සම්බන්ධතාවෙන්,
භාෂා පරිණාමය ඔස්සේ මානවයාට භාෂාවක් උරුමවීම පිළිබඳ කතා
පුවත සංකීර්ණ සංසිද්ධියක් සේ ම සිත් ගන්නා සුළු වූවක් ද
වෙයි. ඒ අතර තවත් කිව යුත්තක් ද ඇත. එනම්, මානව පරිණාමයේ
නිමාවක් නොදැකිය හැකි අතර භාෂා පරිණාමයේ ද සීමාවක් නොදැකිය
හැකි බවයි. එබැවින් සාහිත්‍ය නිර්මාණයේ ද නිමාවක් නොදැකිය
හැකි ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බුදුදහම කවුරුන් සඳහාද?
අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව අනුරුද්ධ සූත්‍රය යි. බුදුරජාණන් වහන්සේ
‘සුංසුමාරගිරි’ කියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය නම් වනයෙහි වැඩවෙසෙන
කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේ ප්‍රාචීනවංශ අභය භූ®මියෙහි වැඩ
සිටියා. අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැති යි. ඒ නිසා හුදෙකලාව
වැඩවසන්න මේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන විට උන්වහන්සේට මහා
පුදුම විදිහේ අදහස් කීපයක් පහළ වුණා.
ඉතිරිය»
|