‘උපාසක’ නමට සරිලන නැණහුරු දැහැමි පිළිවෙත
ගාල්ල සිරි වජිරඤාණ ධර්මායතනාධිකාරී කොල්ලුපිටියේ
සමාධීන්‍ද්‍රිය හිමි
සිවුවනක් පිරිස හික්මැවීම සඳහා බුදුපියාණන් වහන්සේ අපමණ දහම් ගෙන හැර
පෑ සේක. මේ දහම් කොටස් අතර ගිහි උවසු දනන්ගේ සංවරය පිණිස බුදුරජාණන්
වහන්සේ දෙසූ උපාසක දහම් කෙරෙහි වත්මනෙහිදීත් වැඩි අවධානය යොමු කිරීම
සුදුසු ය. ශාසනය කෙරෙහි ගිහියාගේ දායකත්වය කෙබදු වියැ යුතු ද යන්න මින්
මොනවට පැහැදිලි වන අතර, ඉන් පුද්ගල සංවර්ධනයත් ශාසන චිරස්ථිතියත් යන
විවිධ කෘත්‍යයෝ එයින් සිදුවන බව ප්‍රකට වේ.
වත්මන් බොදුනු ලොවෙහි දැන් දැන් වඩ වඩාත් ස්වාමීන්වහන්සේ අවමානයට පත්
වන සුළු කතා බහුල වැ කණ වැකේ. සුගුණ පසෙකලා දුර්ගුණ ම හුවා දක්වමින්
කරන මේ කතිකා උවසු සමාජයේ පතළ වැ යෑම අභාග්‍යයකි. පැරැන්නෝ
ස්වාමින්වහන්සේ කෙරෙහි වූ කතාව ‘අසුවල් වෙහෙරෙහි වසන අසුවල් නමැති
භික්ෂුව මහා සිල් ගුණ ඇතියෙක. බවුුනේ ඇලී වසන්නෙක’ ආදී වශයෙනි යි පැරණි
සාහිත්‍ය ග්‍රන්ථවල අපමණ දැක ඇත. බුදුපියාණෝ ද මේ චර්යාව අනුමත කරමින්
ප්‍රථම උපාසක ගුණය ලෙස උපාසකෝ සංඝෙන සමාන සුඛ දුක්ඛෝ හෝති යි පෙන්වා
දුන්සේක. ස්වාමීනි වහන්සේගේ සුව විහරණයේ දීත් ස්වාමීන් වහන්සේ උවදුරෙන්
පීඩිත වූ හැම විටමත් සම වූ සිතින් සැලකිය යුතු වන්නේ් මැ යි ද එසේ
උවටැන් කරන්නා කෙරෙහි සඟ ගුණ අනුස්සතියක් ලෙස වැඩේ යැයි ද අමාමෑණින්
වහන්සේ වදාළහ. සංඝයා කෙරෙහි අප්‍රසාද වදන් තෙපලන තැනක වත් රැඳීම
උපාසකයා විසින් වර්ජනය කළ යුතු වේ. මන්ද එය අපාය දොරටුවක් සේ ම නිවන්
මඟ අවුරන අකුසලයක් ද වන හෙයිනි.
මෙබඳු විටක දී අවේගවලට වහල්වීම ද උපාසක ගතිය නො වේ. කරුණාවෙන් යුතු ව
ධර්මය ම විනිශ්චයාසනයේ තබා කටයුතු කිරීම මැ මැනවි. බුදුරදුන් කල පටන්ම
සංඝ ශාසනයට අභිතවත් සිදුවීම් බොහෝ හේතු සාධක නිසා ඇතිවිණ. දායකයින් හා
ස්වාමින්වහන්සේ භේද කරන සුළු අදිසි හස්තයන් ද පණ ගැන්වී නැතැයි කිව
නොහැකිය.
ඉදින් යම් පමණක අපලයක් ශාසනය කෙරෙහි වත්මනෙහි වුවද ප්‍රකට වේ. එදා
තීර්ථකයින් කූට උපක්‍රමයෙන් ස්වාමින්වහන්සේ කෙරෙහි දායකයින් අප්‍රසාදයට
පත් කළ ආකාරයේ සිදුවීම් අද ද සිදු වේ. මේ සෑම විටම මැ උපාසකයා පූර්ව
නිගමනයන්ට විචාරයෙන් තොර ව නොඑළඹි ධර්මය ම අධිපති කොට ගෙන
බුදුපියාණන්වහන්සේ ධම්මාධිපතෙය්‍යෝ හෝති යි දෙවැනි කරුණ සේ දෙසූ ලෙසින්
මැ ක්‍රියා කිරීම නුවණ හා සැසඳේ.
යථාබලං සංවිහාගරතෝ හෝති යි තෙවැනි වැ කී ලෙස සැම විට ම බෙදා හදා ගැනීමේ
පුරුද්ද උපාසකයා විසින් ඇති කර ගැනීම සුදුසු ය. පැරැන්නා බෙදා හදා
ගත්තේ ප්‍රත්‍යය පමණක් නො වේ. ස්වාමීන් වහන්සේට සිවුපසෙයෙන් උවටැන් කරන
අතර මැ දුක සැප දෙක මැ බෙදා ගැනීමටත් ඔවුහු අමතකර නො කළහ. අද
විහාරස්ථානයක මේ ගැටලුවක් පැන නැගී විගස එකී ගැටලුව දෙගුණ තෙගුණ වන සේ
ක්‍රියා කරන පවිටුන් කොටසක්සේ ම එම ගැටලුව ලිහිල් වන තෙක් පන්සලින් ඈත්
වන කොටසක් ද වෙසෙසින් දක්නට ලැබේ.’ ඔවුන්ගේ කල්පනාව ස්වාමින් වහන්සේ
ඇති කරගත් ගැටලුව ස්වාමීන් වහන්සේ ම විසඳා ගත යුතු ය කියා යි. නමුත්
ඔවුන්ගේ් උගත් මොළයට ස්වාමීන් වහන්සේ ‘පෞද්ගලික ජීවියකු නො වේ.
ස්වාමින් වහන්සේ යනු ශාසනය යි. ස්වාමින් වහන්සේගේ ගැටලුව ශාසනයේත්
ගැටලුවකි. යන්න නො වැටහීම අභාග්‍යයකි. උපාසයා සෑම විට ම ශාසන මාමක
අදහස් ඇත්තෙකි. එහෙයින් හේ සෑම විට ම ශාසනයේ විපත සමස්ත බොදුනු සමාජයේ
මවි පතක් ලෙස දකී. මේ දැක්ම ඔස්සේ උවසුවා ශාසනයේ අභිවෘද්ධිය ම සොයයි.
විපත මග හරවාලීමේ උපක්‍රම අත්හදා බලයි. ඉන් ගෞතම ශාසනයේ චිර පැවැත්ම
සඳහා කටයුතු යොදයි. මේ කරුණ බුදුපියාණෝ ජින සාසන පරිහානිං දිස්වා
අභිවඩ්ඨියා වායමති යනුවෙන් සිව් වැනි වැ දෙසා ඇත.
බොදුනු උපසකයාගේ් මූලිකතම ලක්ෂණය වියැ යුත්තේ සම්‍යග් දෘෂ්ඨිය යි. මේ
අනුව විවිධ නිමිති ශාස්ත්‍ර නැකැත් බලි තොවිල් සරණ කොට මුලා වූ
පුද්ගලයා බොදුනුවෙකු හෝ උපාසකයෙකුª ලෙස හැඳින්විය නොහැකි වන්නේම ය.
වර්තමානයේ විහාරස්ථානය දෙස නෙත් යොමද්දී නානා විධ දෘෂ්ටින්ගේ තෝතැන්නක්
බවට එය පත් වීම කෙරෙහි උපාසකයාගේ දෘෂ්ටියේ ද විශාස බලපෑමක් සිදු වී ඇති
බව කිව යුතුª වේ. එක් පසෙකින් ආත්මවාදී දෙවියන් ඉදිරිපිට යදින්නන් ද
තවත් තැනක පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය හරය කොට ගත් බෞද්ධාගමට වඩා
වටිනා සත්‍යය යි කියගන්නා නිර්මාණවාදී ආගම් සඳහා බැති ගී ගයන්නන්ද
හැරගිය බිරිද සැමියා යළිගෙන්වා දෙන මලයාලම් ගුරුන්ගේ වශී ජප කිරීම් ද
විශ්ව කිරණ ශරීර ගත කරමින් දෑත් ලෙලවන විජ්ජාකායින්ගෙන් ද බොදුනු සිත්
පෙර සැනහු විහාරස්ථානය සුප්ිරි වෙළඳ සංකීර්ණයක් බවට පත් වැ ඇත්තේ එක ම
වහලක් යටින් සියලු අවශ්‍යත සපුරා ගැනීමට යත්ත දරන අපේ ම උපාසක චරිත
සඳහා නො වන්නේ ද යන්න විමැසීම වටී. සම්මා දිට්ඨිකෝ හෝති අපගත කෝතුහල
මංගලිකෝ යනුවෙන් පස්වනුව සඳහන් පරිදි නා නා මිත්‍යා දැකුමෙන් තොර වැ
සම්‍යග් දෘෂ්ඨිය ඇති තැනැ වෙහෙරෙහි කෘත්‍ය මනා ව ඉටු කළ හැකි පරිසරයක්
ගොඩ නැගෙනු ඇත. මේ හා සමග මැ බෞද්ධයා විසින් තදින් අවධාරණය කර ගත යුතු
ය දිවි දෙවැනි කොට ශාස්තෘන් වහන්සේ පිළිගැනීම, බොහොවන් විවිධ ප්‍රතිලාභ
හේතුවෙන් හෝ විවාහය ආදී ලෞකික බැඳීම් කරනකොට ගෙන ආගම වෙනස් කිරීම නිතර
අසන්නට ලැබෙන සිදුවීමකි. ස්ත්‍රියක් පුරුෂයකු නිසා හෝ පුරුෂයෙක්
ස්ත්‍රියක නිසා හෝ වෙනත් ලාභයක් නිසා හෝ ස්වකීය ශාස්තෘන් වහන්සේ
ප්‍රතික්ෂේප කරයි නම් එය උපාසකත්වයට පමණක් නොව මනුෂ්‍යත්වයට ද කෙරෙන
නින්දාවකි. ගර්භාවකි.
සය වනුව, ධර්මයේ සඳහන් ජීවිත හේතුපි න අඤ්ඤංවා සත්ථාරං උද්දිස්සති යන
කරුණ ලෙස අව ම වශයෙන් සිය ජීවිතය නිසා හෝ බුදුපියාණන්වහන්සේ
ප්‍රතික්ෂෙපථ කිරීම, බෞද්ධයා නො කළ යුතු දෙයක් ලෙස දැක්වේ. සෙසු බොහෝ
ආගම් ශාස්තෘ චරිත කතාවල අනුගාමිකයින් විසින් ශාස්තෘවරයා පවා දීම නොහොත්
තමා මෙතෙක් පිළිගත් ශාස්තෘන් වහන්සේ ජීවිතය නිසා හෝ වෙනයම් හේතුවක්
නිසා හෝ තමන් නො හඳුනන්නෙකි ය පැවසූ සංසිද්දීන් උජාරුවෙන් සනිටුහන් වුණ
ද බුද්ධ චරිතයේ එවන් අවස්ථා දක්නට නොමැත. ඒ ශාස්තෘත්වය එතරම් ම බොදුනු
දිවිය හා බැඳී ඇති බැවිනි.
බොදුනුවා කටමැති දොඩන්නකු හෝ හැඟීම් වලට වහල් ව ක්‍රියා කරන්නකු හෝ නො
වේ. කායිකං වාචසිකං වස්ස රක්ඛිතං හෝති යනුවෙන් බුදුපියාණන්වහන්සේ
සත්වැනි උපාසක ගුණය ලෙස හා අන් සෑම ස්ථානයක ම සීලය යන වදනින් පැහැදිලි
කළ ආකාරයට, කායික හා වාචසික සංවරය උපාසකයා තුළ තිබිය යුතු අනිවාර්ය
ලක්ෂණයෙකි. මනා ව රැකගත් කය වචන දෙක උපාසකයා නපුරෙන් මුදවන්නේ් වේ. එය
සමගිය පිණිස මැ හේතු වේ. සමගිය ශාසන පැවැත්මටත්, හැම හිත සුව පිණිසත්
හේතුවන්නේ ම ය. සමග්ගාරාමෝ හෝති සමග්ගරතො යනුවෙන් දෙසා වදාළේ මේ
කරුණයි. එය අටනැන්න වේ සෑම විට අසමගිය වහා සමගිය ට හැරෙන පරිද්දෙන් ද
ඇති සමගිය වහා තහවුරු වන පරිද්දෙන් ද ක්‍රියා කිරීම උපාසක චර්යාවක් බව
නිතර මෙනෙහි කටයුතු වේ.
කුහක දනන් වසන තැන මහා නපුරකි. අනුසුයකෝ හෝති න චා කුහනවසේන සාසනේ
චරති යන නවවැනි කාරණාප්‍රකාර වැ ඊර්ෂ්‍යා පරවශ නො වී නො වක් පිළිවෙත්
පිරීමෙන් උතුම් ගුණ පිරෙයි. බොහෝ දෙනා විවිධ හේතු මුල් කොට අන්‍යයන්
පරයා නැගී සිටින්නට දරන කුහක උත්සාහයේ දී නැසෙන්නේ් තමා ම බව පසක් කොට
නොගනී. යකඩයේ හට ගන්නා මලකඩින් විනාශ වෙනුවෙන් අන් කිසිවක් නො ව යකඩය ම
වේ. එපරිද්දෙන් සසුන මුලා කිරීම ට ගියොත් මුළා වන්නේ තමා ම බව සලකා
උදක් ශුද්ධාදී ගුණ මෝදු වන පරිද් ශාසනික කටයුතු සිදු කිරීමට යත්ත දැරීම
මනා ය. එය යි, උපාසක ගුණය වනුනේ. උපාසකවරයා ධර්මයන්හි අවසාන අංකය, තත්
කරුණු සියල්ලෙහි සම්පිණ්ඩනයකි. එක කරුණක් හෝ අඩු වැඩි නො වී මෙකී නව
විධ කරුණු වල පිහිටීමෙන් උපාසක තෙමේ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං
ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති බුදුන් දහම් සඟුන් සරණ ගිය, එය මැ එක මැ
පිහිට කරගත් ඒ අනුව මැ හැසිරෙන්නකු වේ.
භික්ෂූ භික්ෂුණින් සඳහා උභය ප්‍රාතිමෝක්ෂය පැන වූ පරිදි මේ කරුණු දසය
උපාසක සමාජය සඳහා විශේෂයෙන්මැ පැන වූ ව්‍යවස්ථා පන්තියක් වැන්න. ඒ
අනුල්ලංගනීය ව්‍යවස්ථා දිවි හිමියෙන් රකින්නා වෙසෙසින් ම ආත්මාර්ථ
සාධනයත් ශාසනාර්ථ සිද්ධියත් යන දෙ පැතිකඩ ම සිදු කැරැ ගන්නෙකි. සම්බුදු
සසුන රැකීමේ උතුම් ප්‍රාර්ථනාව කෙරෙන උවසු දනා මේ කරුණ කෙරෙහි නුවණ
මූලික කොට ගත් අවධානය මේ සඳහා යෙදෙවිය යුත්තේ්ය. ඊනියා ගිහි බෞද්ධ
දේශකයන් සමහරෙක් චතුසත්‍ය බුදුවරු යැයි හඳුන්වා ගත්තේ වුව ඔවුන්ගේ
සීමාව ඉහත බුදු වදන ම වේ. මේ සීමාව තුළ සිට මිස, එය ඉක්මවා සසුන කෙරෙහි
ගිහි ඔබට දායක විය නොහැකි ය. යමෙක් මේ සීමා නොතකා ඉන් ඔබ්බට ගොස්
ක්‍රියා කරයි නම් ඔහුට ශාසන විරස්ථිතය පිණිස කළ හැකි දෙයක් නැති බවද
වටහා ගත යුතුය.
|