Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට සෙත්පතා දකුණු පළාතේ ඉදිවෙන ප්‍රථම සාම චෛත්‍යය වන දක්ෂිණ සාම චෛත්‍යයට මුල්ගල තැබීම ඇල්පිටිය පිටුවල දිවංකර ලෙන අරණ්‍ය සේනාසනයේදී සිදු කැරිණි. ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් ඇමැති එම්. එච්. ගුණරත්න වීරකෝන් මහතා චෛත්‍යය සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුව සිහිවටන ඵලකය නිරාවරණය කළ අවස්ථාව. දකුණු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති ඒ.ජී.සී. පියසිරි මහතා ද මෙහි වෙයි.
ඇල්පිටිය විශේෂ, ඩී.ජේ. විජේසිංහ

දඹුල්ල නගරයේ ඉදිකරනු ලබන ජාතික නාමල් උයන ජාත්‍යන්තර සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිර්දේශය මත රුපියල් මිලියන දෙකක් වෙන්කර දී ඇත. එහි වෙක්පත ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් වෙත නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ප්‍රසන්න සිල්වා මහතා විසින් එහි ප්‍රධාන කාර්යාලයේදී ප්‍රදානය කළ අවස්ථාව. එම අවස්ථාවට අධ්‍යක්ෂිකා එම්. රේණුකා මහත්මියද සහභාගි වූවා ය.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.