කැලණි රජමහා විහාරයේ රන් වැට පුජෝත්සවය
බු.ව. 2552 නිකිණි මස අව සතවක ලත් 23 දිනය ශනිදාව උදාවිය. අහස පැහැබර
විය. උවැසි උවැසියෝ කැලණි විහාර බෝධිමළුව පුරා විශේෂ අපේක්ෂාවකින්
පසුවෙති. රන්වන් බෝපත් සිළි සිළි නදින් සාදුකාර පවත්වති. නිලඹර
සොම්නසින් මදවැසි, මල්වැසි ඉසින ලදී. පරිසරය සිසිල් විය. මේ අතර අහස්
කුස විසෙස් දසුනකි. නිල්වන් අහසේ ගුවන් යානයකි. එය කැලණි පුරවරයට
සම්ප්‍රාප්ත විය. එයින් බට ශ්‍රී ලංකා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්
මහත් හරසරින් පිළිගන්නා ලදී. මංගල භේරි නද සහිතව එතුමා සහ පිරිවරින්
මනහර පෙරහරකින් කැලණි වෙහෙර වෙත ළඟාවූහ. එහිදී වන්දනාමාන කිරීමෙන්
අනතුරුව සිහිවටන ඵලක ය සවස 05.10 ට ශුභ හෝරාවෙන් එතුමාගේ සුරතින් විවෘත
විය. මෙම අවස්ථාවට කැලණි විහාර දායක, රාජ්‍ය පරිපාලන අමාත්‍ය, කරූ
ජයසූරිය මැතිතුමා, කැලණි විහාර ප්‍රධාන බස්නායක නිළමේ තැන්පත්, ධම්මික
ආටිගල මැතිතුමා දායිකා අමරි විජේවර්ධන මැතිණිය, සමස්ත ලංකා බෞද්ධ මහා
සම්මේලනයේ සභාපති, ජගත් සුමතිපාල මැතිතුමා ඇතුළු සම්භාවනීය දායක
පිරිසක් සහභාගි වූහ. කැලණි පුරවරයටත්, කැලණි රජමහා විහාරස්ථානයටත් අති
සුවිශේෂ දිනයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පූර්ණ
අනුග්‍රහකත්වයෙන්, හමුදාපතිතුමන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් රන්වැට සහිත
ගෝපුර පූජෝත්සවය ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. එතුමා විසින් නිකුත්
කරන ලද පණිවිඩයේ මෙසේ සඳහන් විය.
ඉතිරිය»
බුදුරදුන් ජීවමාන කල සිට පැවැති නැඟෙනහිර බෞද්ධ උරුමය
දකුණෙන් කුඹුක්කන් ඔය සීමා කොට ඇති, උතුරෙන් කෝකිලායි කලපුවට ගලා බස්නා
වැලිඔය සීමා කොට ඇති, බටහිරින්, අනුරාධපුර දිස්ත්‍රික්කයත්, පොළොන්නරුව
දිස්ත්‍රික්කයත්, ඌව, බදුල්ල දිස්ත්‍රික්කයත්, මොණරාගල දිස්ත්‍රික්කයත්
යන දිස්ත්‍රික්කවලින් සීමා වූ, නැගෙනහිරින් මහා සමුද්‍රයෙන් සීමා වූ,
ඉතා දිගම දිස්ත්‍රික්කය, පළාත වශයෙන් සැලකෙන නැගෙනහිර පළාතට සීමා වූ
භූමි භාගය, අපි වර්තමානයේ ඉංගී‍්‍රසීන්ගේ කාලයේ සිට බෙදා ඇති නැගෙනහිර
පළාත වශයෙන් සලකනු ලබනවා.
ඉතිරිය»
ධර්ම දේශනාව:
වැස්සට නොතෙමෙන නිවස
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යථාගාරං සුච් ඡන්නං
වුට්ඨි න සමති විජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං
රාගෝ න සමති විජිඣති
අද දින දහම් දෙසුමේ මාතෘකා ගාථාවයි ඉහත සඳහන් කළේ. ඒ සඳහා තෝරා ගන්නේ
ධම්ම පදයේ සඳහන් ගාථාවකි. එයින් අපට වැදගත් අදහසක් කියා දෙනවා.
ඉතිරිය»
|