| 
			 
			 
			කළුතර බෝධියේ පින්කම්
			
			 
			කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී පොසොන් 
			පෝදා දවස පුරා පින්කම් මාලාවක් සිදු කැරේ. එදින පෙරවරු 6.30 – 7.30 සීල 
			සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පැලවත්තේ සීවලී හිමි 7.45 – 8.45 
			භාවනාව මෙහෙය වීම පාදුක්කේ සද්ධාධජ හිමි, 8.50 – 9.50 දහම් දෙසුම 
			කලමුල්ලේ ජිනරතන හිමි, 10 – 11.15 ධර්ම දේශනය පදලංගල ධම්මදේව හිමි, 
			11.15 අභයදාන පින්කම පිළිබඳ අනුශාසනය පලාතොට පඤ්ඤා නන්ද හිමි, 1 – 2.30 
			දහම් දෙසුම, මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 3.30 – 4.30 දහම් දෙසුම 
			මොරකැටිආරේ ධම්මික හිමි, 4.45 – 6 දහම් දෙසුම කොටනෙළුවේ පඤ්ඤානන්ද 
			හිමි, 7.15 කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.  |