| 
			 
			 
			දෙහිවල 
			ගල්විහාරය
			
			 
			දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේදී මෙම මස 12 වැනිදා සිට 18 වැනිදා 
			දක්වා සතියක් පුරා පොසොන් ධර්ම දේශනා මාලාවක් එම විහාරාධිපති ආචාර්ය 
			කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. 
			දිනපතා සවස අටවිසි බුද්ධ පූජාසහිත බෝධි පූජා පැවැත්වේ. 18 වැනි පොසොන් 
			පෝයදා දෛනික වැඩ සටහනට සීල සමාදාන කිරිපිඬුදාන , ධර්ම සාකච්ඡා , පිරිත් 
			දේශනා, සහ පණ්ඩිත කැබිලියපොළ ධම්මාලංකාර , කම්මට්ඨානාචාර්ය මඩුගල්ලේ 
			සද්ධානන්ද කණුමුල්දෙණියේ ධම්මාලෝක කණුමුල්දෙණියේ ධම්මවංස යන 
			හිමිවරුන්ගේ ධර්මදේශනා සහ අනුරාධපුර ස්වර්ණමාලි සිල්මාතාවගේ භාවනා 
			වැඩසටහනක්ද සිරි සද්ධානන්ද දහම් පාසලේ සිසු සිසුවියන් පිරිනමනු ලබන 
			දන්සලක් ද ඇතුළත් වේ.  |