නිවනට යන
‘වාහන’ හත
කැලණිය විද්‍යාලංකාර මහා පිරිවෙනේ
ලියන්ගහවෙල ආනන්ද හිමි
බෞද්ධයාගේ පරම පැතුම නිවන යි. ඒ සඳහා සතර මාර්ග ඤාණ ලබාගත යුතු වෙයි. ඊට
ළඟාවීමේ මාර්ගයක් ලෙස මෙම ‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘ හඳුන්වා දිය
හැකිය. ‘විශුද්ධිය ‘ යනු පිරිසුදු බවයි. සසර සැරිසරන විට නිරන්තරයෙන්
කෙලෙස් නමැති මලවලින් අපිරිසුදු වන පෘථග්ජන සත්වයාගේ සිත විශේෂයෙන්
පිරිසුදු බවට පත්කරන ධර්ම ‘විශුද්ධි ධර්ම’ ලෙස හඳුන්වන අතර, එවැනි
කාරණා හතක් එහි දැක්වෙයි. මෙය, ‘සප්ත විශුද්ධිය ‘ ලෙස හඳුන්වනු
ලැබේ.එනම්
1. සීල විශුද්ධිය
2. චිත්ත විශුද්ධිය
3. දිට්ඨි විශුද්ධිය
4. කංඛාවිතරණ විශුද්ධිය
5. මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය
5. පටිපදා ඤාණදස්සන විශුද්ධිය
7. ඤාණදස්සන විශුද්ධිය
මෙය අනුක්‍රමික ප්‍රතිපදාවක් වන අතර, එය ආරම්භ වන්නේ සීල විශුද්ධියෙනි.
එහි ඵලය වන්නේ අවසානයේ ඤාණ දස්සන විශුද්ධියෙන් නිවන ලබාගැනීමයි.
මෙම විශුද්ධි සත වෘක්‍ෂයකට උපමා කැරෙන අතර, එහි මුල ලෙස සීල විශුද්ධිය
හා චිත්ත විශුද්ධිය දක්වා ඇත. ඉතිරි විශුද්ධි 5 , එහි කඳ වෙයි. එයින්
ලැබෙන ඵලය නිවනයි.
01. සීල විශුද්ධිය
“ කාය වාග් සමොධානං සීලං “ කය වචන දෙකේ සංවරය සීලයයි. ශීලයෙහි පිරිසුදු
බව, සීල විශුද්ධියයි. මෙය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදෙන අතර,
සාම්ප්‍රදායිකව හතරකට බෙදෙයි. කොටස් තුන නම්,
1. උපසම්පදා සීලය
2. සාමණේර සීලය
3. ගෘහස්ථ සීලය
යන තුනයි
උපසම්පදා සීලය :- උපසම්පදා සීලය නම් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක්
ෂසින් ආරක්‍ෂා කළ යුතු සීලය වන අතර, මෙය අංග හතරකින් සමන්විත වන
‘චතුපාරිශුද්ධි සීලය’ ලෙස හඳුන්වනු ලැබේ.
1. ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය :- විනය පිටකයෙහි දැක්වෙන පාරාජිකාදී අංග
හතකින් යුක්ත භික්‍ෂු භික්‍ෂුණී විනය ශික්ෂා පද කඩ නොකොට ආරක්ෂා
කිරීමයි.
2. ඉන්ද්‍රිය සංවර සීලය :- ඇස , කන, නාසය , දිව , ශරීරය , සිත යන සදොර
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන අරමුණු පිළිබඳ සංවර කර ගැනීම
3. ආජීව ‘පාරිශුද්ධි සීලය :- කුහනා ලපනාදී ලාමක ධර්ම මගින් ජීවිතය
නොපැවැත්විම
4. ප්‍රත්‍යසන්නිඞශි‍්‍රත සීලය :- චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය
යන සිව් ප්‍රත්‍ය නුවණින් පුණ්‍යවේක්ෂා කර, පරිභෝග කිරීම
සාමණේර සීලය :- සාමණේර හිමිවරුන්ට හිමි දසසිල්, දස සිඛ, දස පරිජි, දස
නාසනා, ආදී දෙයින් සංවර වීමත් , වත් පිළිවෙත් සම්පූර්ණ කිරීමත් මෙයින්
අදහස් වෙයි.
ගෘහස්ථ සීලය :- ගිහියන් වශයෙන් පන් සිල්, අටසිල්, දසසිල්, සහ ආජීව
අෂ්ටමක සීලය මැනවින් ආරක්‍ෂා කිරීම ගිහියන්ගේ ශීල විශුද්ධිය ලෙස
හඳුන්වනු ලැබේ.
02 චිත්ත විශුද්ධිය
කර්මස්ථාන උපයෝගී කරගෙන භාවනා කොට සිතේ සමාධිය උපදවාගැනීම, චිත්ත
විශුද්ධිය ලෙස හඳුන්වනු ලැබේ. පඤ්චනීවරණ විෂ්කම්භන වශයෙන් යටපත් කොට,
උපචාර අර්පණා වශයෙන් ක්ලේශධර්ම පහකොට චිත්ත සමාධිය ලබන අතර, එය
මනොද්වාරයේ පිරිසුදු බවට හේතු වෙයි.
03. දිට්ඨි විශුද්ධිය :-
සංස්කාර ධර්මයන් නිත්‍ය සුබ , ආත්ම වශයෙන් ගන්නා වූ විපරීත දෘෂ්ටියෙන්
තොරව යමකු යථා ස්වභාවය දැක, එය අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් දැක
දෘෂ්ටිය පිරිසුදු කරගැනීම , දිට්ඨි විශුද්ධියයි.
04 කංඛාවිතරණ විශුද්ධිය
නාම රූප ධර්ම යමෙකුගේ නිර්මාණ නොව හේතුඵල සම්බන්ධතාව උඩ හටගන්නා බව
නුවණින් දැකීම, කංඛාවිතරණ විශුද්ධියයි. එමෙන්ම අතීත, අනාගත, වර්තමාන යන
කාලත්‍රයෙහි පවත්නා වු සැකය දුරුවීමද මෙම විශුද්ධියට අයත්ය.
05. මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය
මෙය නිවන් මගය මෙය නිවන් මග නොවේ යැයි තත්ත්වාවබෝධයෙන් දැනගැනීම,
මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධියයි.
මෙහිදී පඤ්චස්කන්‍ධයෙහි උදයව්‍යය ද සලකා බලනු ලැබේ.
06. පටිපදා ඤාණ දස්සන විශුද්ධිය
උදයව්‍යය ඤාණයේ පටන් අනුලෝම ඤාණය තෙක් වූ නව මහා විදර්ශනා ඤාණ මෙහිදී
හඳුන්වනු ලැබේ.
i උදයබ්බයානුපස්සනා ඤාණය :- නාම රූපයන්හි උත්පත්තිය හා විනාශය දැකගන්නා
නුවණ
ii භංගානුපස්සනා ඤාණය :- නාම රූපයන්හි භංගය (බිඳීම) දන්නා වූ ඤාණය
iii සායතුපට්ඨාන ඤාණය :-
සියලු සංස්කාර ධර්ම කෙරෙහි බිය විය යුතු ආකාරය වැටහෙන නුවණ
iv ආදීනවානුපස්සනා ඤාණය :-
කාම රූප , අරූප භවත්‍රයෙහි සංස්කාරයන්හි ආදීනව දැකීම් වශයෙන් ඇතිවන
නුවණ
v නිබ්බිද්‍රනුපස්සනා ඤාණය :- සංස්කාරයන්හි කළකිරුණු, නොඅලවන ස්වභාවය
vi මුඤ්චිතුකම්‍යතා ඤාණය :- නුවණින් දැක, සියලු දෙයින් මිදෙනු කැමැති
වන ඤාණය
vii පටිසංඛානුපස්සනා ඤාණය :- සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්
නැවත නැවත දැකීමේ ඤාණය
viii සංඛාරුපේක්ඛා ඤාණය :- ධර්මයන්හි ශූන්‍යතාව මෙනෙහි කරන ඤාණය
ix සච්චානුලෝමික ඤාණය :- ඉහත ඤාණ අට අනුලෝම වශයෙන් බලන ඤාණය
07. ඤාණ දස්සන විශුද්ධිය
ඉහත ෂඩ් විශුද්ධීන්ගේ වැඩීමෙන් ඉපදිය යුතු සොතාපත්ති, සකෘදාගාමි ,
අනාගාමී අර්හත් යන මාර්ග ඤාණ අවබෝධ කර ගැනීම ඤාණ දර්ශන විශුද්ධියයි.
මෙම සප්ත විශුද්ධිය මනාව පැහැදිලි වන්නේ රථවිනීත සූත්‍රයේදී සැරියුත්
හිමියන් හා මන්නාතිපුත්ත පුණ්ණ හිමියන් අතර සිදු වූ සාකච්ඡාව සලකා
බැලීමේ දීය.
මෙහිදී පුණ්ණ හිමියන්ගේ මෙම ප්‍රතිපදා මාර්ග විස්තරය අවසානයේ සැරියුත්
හිමියන් අසන්නේ, සීල විශුද්ධිය අනුපාද නිර්වාණය ලෙස ගත හැකිද යන්නයි.
එවිට එසේ එයම ගත නොහැකි බව පවසයි. සැරියුත් හිමියෝ ඉතිරි හයද
පිළිවෙළින් ගත හැකිදැයි විමසති.
එවිටද සියල්ලටම පිළිතුරු වුයේ ගත නොහැකි බවයි. එවිට සැරියුත් හිමියෝ
නිවන යනු කුමක්දැයි විමසති. මෙයට පුණ්ණ හිමියන් දෙන පිළිතුර ඉතා වැදගත්
වෙයි.
මෙහදී පුණ්ණ හිමියෝ උපමාවක් භාවිතයෙන් එය මනා ලෙස පැහැදිලි කරති. එනම්
සැවැත්නුවර වසන කොසොල් රජුට සාකේත නුවරට යෑමට අවශ්‍ය වී තැනින් තැන
යෙදූ රථ හතකින් ගමන අවසන් කරයි.
ඒ ගමන ගැන ඇසූ කෙනකුට එක රථයකින් පැමිණියේ යැයි නොකියා පිළිවෙළින් යෙදූ
රථ මගින් පැමිණියේ යැයි පැවසුවොත් එය නිවැරැදි වන්නාසේ අනුපාදා
නිර්වාණය නම්, දම් වැලක් ලෙස එකිනෙකට සම්බන්ධ වී ඇති මෙම ධර්ම හතේ
අවසාන ප්‍රතිඵලය වන බවයි.
එසේ නම් නිවන බලාපොරොත්තු වන පුද්ගලයා මෙම විශුද්ධි ධර්ම මනාව අවබෝධ
කරගත යුතු වන අතර, සීලය මඟින් චිත්ත විශුද්ධියත් එසේ ඇතිකරගත් පිරිසුදු
සිතින් දිට්ඨි විශුද්ධියන් එසේ දැකීම තුළින් හේතුඵල දහම පිළිබඳ වූ
කඩඛාවිතරණ විශුද්ධියන් එයින් නිවනට මඟ කියන මග්ගාමග්ග ඤාණ දස්සන
විශුද්ධියත්, එයින් ප්‍රතිපදාඤාණදස්සන විශුද්ධියන් එයින් ඤාණ දස්සන
විශුද්ධියටත් අදාළ වූ වැඩපිළිවෙළ ඇතිකර ගත යුතු වෙයි.
එවිටය නිවන ලබාගත හැකිවන්නේ. |