ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ
ශ්‍රී ලංකාවේ මහා සම්මේලනය 13 දා මාතලේ දී
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මහා සම්මේලනය මෙම
13 දින මාතලේ බර්නාඩ් අලුවිහාර ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් ලෙස
පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
එම සංගමයේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ සහ එහි ගිහි
ජාත්‍යන්තරයේ සභාපති නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ
සංවිධායකත්වයෙන් එම සම්මේලනය පැවැත්වේ.
ඉතිරිය»
බුදු දහම හෙළ බසින් තැබූ හෙළටුවා
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවාසීනට ගැඹුරු දහම් කොටස් දීප
භාෂාවෙන් දේශනා කළ බව (ධම්මං භාසිත්වා දීප භාසාය – මහාවංශය, 14
පරිච්ඡේද 65 ගාථාව) සඳහන් වෙයි. මේ දීප භාෂාව සිංහල භාෂාවයි. එවකට
සිංහලය සංවර්ධිත භාෂාවක් බව පාලි අර්ථකථා සියබසින් පරිවර්තනය කිරීමේ
හැකියාවෙන්ම පෙනී යයි. මහින්දාගමනය හා එහි ප්‍රතිඵල මත ලංකාවාසීන්
කෙරෙහි මහත් ප්‍රබෝධයක් ඇති විය.සිංහල භික්‍ෂූන් බුද්ධිමතුන් බවට
පත්වෙමින් කෙටි කලකින්ම සිංහල භාෂාවෙන් පාලි පොත් හා පාලි අටුවා සියබසට
පෙරලීම ගැන නොයෙක් තැන කරුණු දක්වයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කුසලයට නැඹුරු වීම
යො පාණමතිපාතෙති – මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති – පරදාරං ච ගච්ඡති
(ධම්ම පදය – මල වග්ගය)
පින්වත්නි,
යහපත් ජීවිතයකට අත්‍යන්තයෙන් ම අවශ්‍ය වන්නේ කුසල් සිතක් පහළ කර
ගැනීමයි. මෙය සමහරවිට අසීරුවන්නට පුළුවන. එහෙත් සිත ඒකාග්‍රතාවකට
නැඹුරු කරන්නේ නම් එය එතරම් අසීරු කරුණක් නම් නොවේ. ජීවිතය වඩාත්
ප්‍රපාතයට ඇදගෙන යාමට ඉවහල් වන්නේ සොරකම් කිරීම සතුන් මැරීම පරදාර
සේවනයේ යෙදීම හා බොරු කීමයි. මේ නරක සිවු මාර්ගයෙන් පුද්ගලයා වැළැකිය
යුතු ය. සත්ව ඝාතනය අතිශය පිළිකුලට භාජනය වන්නකි. දැනුවත්ව පණ ඇති සතකු
මරන්නේ කෙසේ ද හරකුන්, කුකුළන් වැනි ප්‍රාණඝාත දිනකට කොපමණ සිදුවනවා ද
එම සතුන් මරන්නේ මිනිසා එම මස් අනුභව කරන බැවිනි.
ඉතිරිය»
බෝසත් දම්පල් හරසර වන්දනා
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ඒ සත් සේවාවන් යළිදු සිහිපත් කොට නැවත
ඒ මහා යුග මෙහෙවර පණ ගැන්වීමත්, බෞද්ධකම හා යහපත් ගුණගරුක සමාජයක් වෙත
මග පෙන්වීමත් අරමුණු කරගෙන දීපව්‍යාප්ත වැඩසටහන් රැසක් පැවැත්වෙන බව,
“දැහැමි පුබුදුව“ කියයි.
ඉතිරිය»
|