අනුරාධපුර පොසොන් සති පිරිත 14 දා ඇරැඹේ
අනුරාධපුර මහ මෙවුනා උයනේ වාර්ෂිකව පැවැත්වෙන පොසොන් සති පිරිත් මහා
පින්කම 29 වන වරටත් ජූනි මස 14 දින සිට 21 දින දක්වා අති මහත්
පූජනීයත්වයෙන් පැවැත්වීමට පිරිත් පින්කම් කමිටුව තීරණය කර ඇත.
ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන
සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ගේ
අනුශාසනා පරිදි එම සති පිරිත් පින්කම මහවිහාර ආශි‍්‍රත මහමෙවුනා උයනේ
ඉදිකර ඇති විශේෂ මණ්ඩපයේ දී පැවැත්වෙන බව පිරිත් පින්කම් කමිටුවේ සම
ලේකම් එස්.වී.ද සේරම් මහතා සඳහන් කරයි.
ඉතිරිය»
කතරගම ඇසළ පෙරහර
රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ මහා පෙරහර සඳහා කප්සිටුවීම මැයි මස 20 දින
සුබ නැකැත් අනුව කතරගම මහාදේවාලයේ කපු මහත්වරුන් විසින් සිදු කරන ලදී.
කප් සිටුවා දින 45 කින් කතරගම ඇසළ පෙරහර පැවැත්වීම සිදු කෙරේ. ජූලි මස
03 දින ඇසළ පෙරහර අරඹා ජූලි මස 18 දින අවසාන රන්දෝලි මහා පෙරහර
පැවැත්වෙන අතර ජූලි මස 19 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු
අවසන් වෙයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නිවනට යන මඟ
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යොගා චෙ ඡායතී භූරී – අයොගා භූරි සංඛයො
එවං දේවධාපථං ඤත්වා - භවාය විභවායච
නථතතානං නිවෙසෙය්‍ය - යථා භූරී පවඩඪතී
තම සිත යම් භාවනාවක යෙදවීමෙන් ලෞකික ලෝකෝත්තර නුවණ වැඩෙන්නේ ය. භාවනාවක
නොයෙදීමෙන් තිබෙන නුවණ පවා වැනසී යන්නේ ය. යහපතට හා අයහපතට යොමුවන මෙම
මාර්ග දෙක දැනගෙන තම සිත යහපතට යෙදවීම නිසා ලබා තිබෙන මෙම මිනිස්
ජීවිතය තුළින් නිවන් සැපතට පත්වීමට හැකි වන්නේ ය. තථාගත බුදුපියාණන්
වහන්සේ පෝඨල තෙරුන්ට දෙසූ දහමයි. ඒ මෙම ධර්ම මාර්ගය ඉතාමත් ගැඹුරු ය.
තේරුම් ගැනීම අසීරු ය. ඒ බව තථාගතයන් වහන්සේම ‘දුද්දසා, දුරනු බෝධා,
අතක්කාවචරා” ආදී වශයෙන් සූත්‍ර පිටකයේ බ්‍රහ්ම ජාල සූත්‍රයේදීම වදාළ
සේක.
ඉතිරිය» මහ පොළොවට
ගිල ගන්නට නො දුන්
පුද බිමක්
භාරතයේ දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනය කළ අශෝක රජතුමා ක්‍රි.පූ. 230 සිට
ක්‍රි.පූ 413 දක්වා වූ කාල පරාසය තුළ තථාගතයන් වහන්සේගේ උත්පත්තිය,
බුද්ධත්වය, පරිනිර්වාණය ඇතුළු තවත් පූජනීය ස්ථාන රැසක සිහිවටන, විහාර,
ස්තූප තනා ඇත. එතුමා එසේ නොකරන්නට කිසිදු දිනක එවැනි වටිනා ස්ථානයන්
අනාගත පරපුර ට දායාදයක් නොවනු ඇත. වරින් වර එල්ල වූ විදෙස් ආක්‍රමණයන්
හමුවේ ඉන්දියාවේ බුද්ධාගම පිරිහීමට පත්වීමෙන් එම වටිනා සිද්ධස්ථාන වනයට
හා පොළොවට යටටී සැඟැවී තිබූ අතර පැරණි තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක
වෙමින් නැවත ඒවා බෞද්ධ ජනතාවට දායාද කිරීමට වෙහෙස මහන්සි වූ
පුරාවිද්‍යාඥයන් වන සර් ඇලෙක්සැන්ඩර් ෆ‍්‍රහ්රර්, හිටපු ආසියානු
මහලේකම් ඌතාන්ට්, ජෙනරාල් කනිංග්හැම්, සහ ඒ. සී. ඇල්. කර්ලයිල් යන
මහත්වරුන් ලෝකවාසී බෞද්ධයන් සැමදා සිහිපත් කළ යුතුය.
මක්නිසාද යත් පොළොවට වැළලී සදාකල්ම සැඟව යන්නට තිබූ ඓතිහාසික බොදු
සිද්ධස්ථාන නැවත සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට දායාද කළ බැවිනි.
ඉතිරිය» |