ඔබ කවුද ?
කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ
ලියන්ගහවෙල ආනන්ද හිමි
ද්ධයකුගේ පරම අභිප්‍රාය නිවන ලබා ගැනීමයි. එය යාඥාව මඟින් වත් , ඉල්ලීම
මඟින් වත්, ඉබේ ලැබෙන දෙයක්වත් නොවන අතර ඒ සඳහා යම් කිසි වූ ප්‍රතිපදා
මාර්ගයක් ඇත්තේය. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු
ධර්මයෙහි ම අන්තර්ගත වන්නේ මේ කියනු ලබන්නා වූ ප්‍රතිපදාවයි. මෙම
ප්‍රතිපදා මාර්ගයෙහි ගමන් කිරීමෙන් අපට නිවන ලබාගත හැකි අතර එම නිවන
හෙවත් තෘෂ්ණා සහගත බැම්මෙන් නිදහස් වීම මරණයෙන් පසුව ලැබෙන දෙයක්වත්,
එසේත් නැතිනම් මේ ආත්මභාවයේදීම පමණක් ලැබෙන තාවකාලිකවූ ප්‍රතිඵලයක් ද
නොවන අතර සංසාර සාගරයෙන්ම එතර වීමක් සිදුවේ. ඒ කෙසේ වුවද නිවන අරමුණු
කරගෙන ක්‍රියාකරන පුද්ගලයා ඒ සඳහා සිත කය වචනය තුන් දොරම පාලනය කරගෙන
ක්‍රියාකළ යුතු වන අතර එහිදී ප්‍රධාන වශයෙන් සිත කෙරෙහි අවධානය යොමු කළ
යුතුමය. ඒ මන්දයත් යමක සැබෑ තත්ත්වය තත්ත්වාකාරයෙන් දැනගැනීමට නම්
නොයෙකුත් පාට කණ්ණාඩි දමා බැලීම නතරකර සැබෑ ඇස උපයෝගී කරගෙන බලා ලබන
ප්‍රත්‍යක්ෂ දැකීම, ප්‍රඥාව මුල් කරගෙනද බැලිය යුතු බැවිනි. එම ප්‍රඥාව
එකසැරේ නොලැබෙන අතර ඒ සඳහා සීලය මඟින් ගොඩනගාගත් ආත්ම විශ්වාසයත්,,එය
පදනම් කරගෙන ඇති වූ සමාධියත් අවශ්‍ය වේ.
බුදු දහමෙහි ප්‍රධාන වන්නේ පුද්ගලයාය. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා
කරන ලද්දේ බඹයක් පමණ උස් වූ පඤ්චස්කන්ධයෙන් යුක්ත වූ මේ ශරීරය ලෝකය ලෙස
හඳුන්වන බවයි. එහෙත් අප ලෝකය ලෙස හඳුන්වන්නේ ගොඩබිම, මුහුද ගංඟා කඳු,
මිනිස්සු සත්තු ආදී සෑම දෙනාම අයත් වන විශාල දෙයකටය. උවදුරක් ඇති වූ
විට අප උවදුරෙන් මුදවා ගන්නවායැයි සිතන්නේ සමස්ත සමාජයමය. එහෙත්
බුදුරජාණන් වහන්සේගේ ලෝකය යන සංකල්පයට තනි පුද්ගලයෙක්, එසේත් නැතිනම්
තමන්ට ආදේශකරමින් කෙලෙස් නමැති උවදුරේදී අප බේරීමට උත්සහවත් විය යුතු
ප්‍රමාණය කොතරම් දැයි වටහාදීමට උත්සහ කරයි.
මේ කරුණු වලින් පෙනීයන්නේ තමන් ප්‍රධාන බවත්, නිවන ලබාගත හැක්කේ තමන්ටම
බවත්, ඒ සඳහා කටයුතු කළයුත්තේ තමන් බවත්, ඒ සඳහා සිත කය වචනය යහපත්
ආකාරයට ගොඩනගා ගතයුතු බවත්ය.
එසේ නම් නිවන ලබාගැනීමේදී තමන් ගැන තමන්ටම මනා වූ අවබෝධයක් අවශ්‍ය වේ.
තමන්ගේ තිබෙන්නා වූ හොඳ දේවල්, එමෙන්ම නරක ;ද්වල්, තමන් කරන හරිදේ
වැරැදි දේ, යහපත් දේ කරන්නේ කෙසේ ද? අයහපත් දේ කරන්නේ ඇයි ? ආදී කරුණු
ගැන ස්වයං විවේචනයක්, අවබෝධයක් වැටහීමක් තිබීම අවශ්‍ය වේ. එසේ වූ විට
පමණි තමන් කළ යුත්ත නොකළ යුත්ත තීරණය කළ හැකි වන්නේ. මෙහිදී තමන්ගේ
ස්වභාවය පිළිබඳව මනා වූ අවබෝධයක් ලබා ගැනීමට කන්දරක සූත්‍රය පිටුවහලක්
වන්නේය. ඒ තත්කාලීන සමාජය අධ්‍යනය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ එදා
සමාජයේදැකීමට හැකි වූ පුද්ගලයන් වර්ග 4ක් ගැන දේශනා කර ඇති බැවිනි.
එනම් :-
1. අත්තන්තප 2. පරන්තප
3.අත්තන්තප පරන්තප 4. නාත්තන්තප පරන්තප
අත්තන්තප පුද්ගලයා
මෙහිදී තප යන්නෙහි තේරුම තැවීම යන්නයි. එහිදී ගින්දර උපයෝගී කරගෙන
හුමාලයට අල්ලා තැම්බීම අදහස් නොකෙරේ. මෙහිදී තැවීම යන්නෙන් අදහස් කරනු
ලබන්නේ කයෙන්, වචනයෙන් හා මනසෙන් ඉවසීමට අපහසු දේ කර දුක් පමුණුවා
ගැනීමයි. මෙහිදී “අත්ත” යනු තමාය. එනම් පළමු පුද්ගලයා වනා හි තමන්
විසින් තමාටම දුක් පමුණුවාගනී. සමහරු එළුවෙක්, ගවයෙක් සේ ජීවත් වේ.
අයෙක් නිරවස්ත්‍රව ජීවත් වේ. සමහරු ගිනි ගොඩක් මැදට වී පව්තැවීම
සිදුකරයි. මේ ආදී අත්තකිලමථානුයෝගී ජීවිත ගතකරයි. ඒ අතරට ආහාර නොගැනීම,
කෙස් රැවුල් නොකැපීම, ආදී බාහිර ක්‍රියා මගිනුත් දුක්ලබාදේ. එමෙන්ම
ඕපදූප සෙවීම, කේලම් කීම, තරහ ගැනීම ඊර්ෂ්‍යාව ඇතිකරගැනීම ආදී දේ මගින්
හිත දූෂණය කරගැනීමෙන්ද, හිතට අනවශ්‍ය දේ පැටවීමෙන්ද, ප්‍රධාන වශයෙන්
රාග ගින්නෙන්, ද්වෙශගින්නෙන් මෝහගින්නෙන් ක්‍රියාකරන්නේ නම් බලවත් සේ
පීඩාවෙන් කාලය ගත කරන්නෙකු වේ. ඉහත ආකාරට ක්‍රියා කරන්නා සෑම වේලාවේම
තමන් තැවීමෙහි නියුක්ත වූවෙකු වේ. ඔබ ඔබ ගැනම මෙනෙහි කරන්න. අනවශ්‍ය
ප්‍රශ්න හිතේ තදකරගෙන ඉක්මගිය අතීතය ගැන හිතමින් නොපැමිණි අනාගතය ගැන
දුක්වෙමින් අසතුටෙන් කල් ගත කරන පුද්ගලයෙක්ද කියා මෙනෙහි කරන්න.
පරන්තප පුද්ගලයා
දෙවන කණ්ඩායම නම් පරන්තප ලෙස හැඳින්වේ. එනම් අනුන් තවන පුද්ගලයාය.
අයෙක් ආයුධ, දඬු මුඟුරුගෙන පහර දෙද්දී, අන් ජීවිත කොර නොකරද්දී, අන්
අයගේ වස්තුව සොරාගෙන යයිද,,අන් අය බොරුවෙන් රවටා තමන් සතුටට පත් වේද,
නරක අයුරින් බැණ වැදී අන් අය දුකට පත්කරන ගමන් තමන් සතුටට පත් වේද ?
එවැනි පුද්ගලයා අනුන්ට කරදර කරන්නා හෙවත් පරන්තප පුද්ගලයා ලෙස
හැඳින්වේ. ඔබත් අන් අය දුකට පත් කරන ගමන් තමන් සතුටට පත්වන පුද්ගලයකු
දැයි සිතා බලන්න.
අත්තන්තප පරන්තප පුද්ගලයා
තෙවන පුද්ගලයා නම් අත්තන්පත පරන්පත ය. එනම් තමනුත් තැවෙන, දුක්වෙන
ගමන්, අන් අයත් දුකට පත්කරමින් ක්‍රියාකරන පුද්ගලයාය. පෙර රජවරුන්
යාගහෝම පැවැත්වීමේදී ව්‍රත සමාදන් වී ගොම ඇඟේ තවරාගනිමින් එළදෙනකගේ එක
තනයකින් පමණක් කිරි බී, එළු බැටළු, ගව මිනිස් ආදී ජීවිතද ගස්වැල්ද
පුළුස්සා එයන් දෙවියන් සතුටු කිරීමට කටයුතු කළා සේ අදද අපට තමන්දුක්
සහගත ක්‍රියාවල යෙදෙන ගමන් අන් අයද ඊට දායක කර ගැනීම දැකිය හැකිය. සත්ව
ජීවිත විනාශ කරන ගමන් එහි හොඳ වර්ණනා කරමින්, සාධාරණය කරමින් සමහරුන්
කටයුතු කරනු ලැබේ. ආගමේ නාමයෙන් හෝ මේවා සිදු කිරීමෙන් මෙලොව වශයෙන්
නොයෙකුත් දඬුවම් වලට ලක්වන අතර පරලොව වශයෙන් අපායගාමී දුක් අනුභවයටද
හේතුවේ. සුරාවට ගිජුවී, සොරකමට කණ්ඩායම් ගොඩනැගීම, සමාජ ශාලා පවත්වාගෙන
යෑම ආදී ආධාර්මික ක්‍රියා කරන්නන් මෙම කොටසට අයත් වේ. ඔබත් ආපසු හැරී
බලන්න ඔබගේ ජීවිතය ගෙවුණේ මේ ආකාරයෙන් ද කියා ?
නාත්තන්තප පරන්තප පුද්ගලයා
තමන් කායික , වාචසික, මානසික වශයෙන් සැපවිඳින ගමන් අන් අයටද කරදරයක්
නොවන අයුරින් ජීවත් වීමයි. මෙහිදී පෙන්වා දෙන්නේ තමන් තමන්ම ආදර්ශයට
ගෙන මෙම වැරැදි ක්‍රියාවලින් වෙන්වීමයි. තමන්ගේ ජීවිතයට හානියක්
පමුණුවන විට අතපය කඩනවිට ඇතිවන වේදනාව, දුක, තමනුත් අන් අයට කරදර
කිරීමේදී ඇතිවන බව නුවණින් සිතීම ආදී වශයෙන් සොරකම, කාමය වරදවා
හැසිරීම, බොරුවෙන් මුළා කිරීම, සුරාපානයෙන් හිස් වචනයෙන්, ක්‍රෝධයෙන්,
ඊර්ෂ්‍යාවෙන්, ලෝබකමින් ආදී වැරැදි හා කෙලෙස් ධර්මයන්ගෙන් වෙන් වී තමන්
මෙන්ම අනුන්ද යහපතෙහි පිහිටුවීම බුදුදහම අගය කරනු ලැබේ.
ප්‍රාණවාචයෙන් ඉවත්ව වැළැකී අකුසලයට ලජ්ජා වී සියලු සත්වයන් කෙරෙහි
මෛත්‍රී සහගතව හිතානුකම්පීව ජීවත් විය යුතු බවයි. එනම් ප්‍රාණ වධයෙන්
නොනැවතී මෛත්‍රියද කළ යුතු බවයි.
මේ ආදී වශයෙන් විස්තර කරමින් සොරකමින් වැළැකී දන්දීමත් බොරුවෙන් වැළැකී
සත්‍ය කථා කිරීමත්, හිස් වචනයෙන් වෙන්ව අර්ථවත් වචන භාවිතයත්, රළු වචන
වෙනුවට හදවත පිනායන වචනත්, තරහවෙන් වෙන් වී මෛත්‍රී සහගත සිතුවිලින්
ඇතිව ජීවත් වීම මේ ආදී කරුණු අවධාරණය කරනු ලැබේ. එමෙන්ම අල්ලස්ගැනීම
රැවටීම, තුලාකූට, මංපැහැරීම, ගම්පැහැරීම අත් පා සිඳීම, ආදී
වධබන්ධනවලින් යුක්ත සාහසික ක්‍රියාවලින්ද වැළැකුණේ වෙයි.
මෙහිදී සෑම පුද්ගලයකුම අවසානයට සඳහන් කරන ලද තමන්ටත්, අනුන්ටත්,
හිරිහැරයක් නොවන පුද්ගලයකු වන්නේනම් පැසසිය යුතු බව බුදුරජාණන් වහන්සේ
දේශනා කළහ. මෙසේ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට නම් අනිවාර්යයෙන්ම
පන්සිල් ආරක්ෂා කළ යුතුය. එබඳු පුද්ගලයාගෙන් ඉහත වැරැදි සිදුනොවන අතර
එම පුද්ගලයාට බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද එකම මාර්ගය වූ මැදුම්
පිළිවෙතෙහි ගමන් කිරීම පහසු වේ. එය පොහෝ දිනට පමණක් සීමාවන දෙයක් නොව,
ජීවිතය පුරාවටම වැඩිය යුතු මාර්ගයක් බැවින් ඒ සඳහා තමන් තමන් ගැනම
අවබෝධ කරගත යුතුමය. එබඳු පුද්ගලයාට රාත්‍රී නින්දට යනවිට අද දවස ගැන
සිතා තමන්ටත් අනුන්ටත් කරදරයක් නැති යහපත් පුද්ගලයකු ලෙස දවස ගත
කළායැයි සත්තෝෂ වීමට හැකිය. |