ඉන්දු - ශ්‍රී ලංකා සංස්කෘතික
වැඩ සටහනක් බුද්ධගයාවේදී
19 - 20 දිනවල
දහම් නැණ පුබුදුව පදනම සහ ඉන්දියානු මහා බෝධි සමාගම එක්ව ඉන්දු ශ්‍රී
ලංකා සංස්කෘතික වැඩසටහනක් මෙම 19 - 20 දිනවලදී ඉන්දියාවේ බුද්ධගයා
භූමියේදී පැවැත්වේ.
එම ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහන දහම් නැණ පුබුදුව පදනම මගින්
සංවිධානය කර ඇත.
ඉතිරිය» ධර්ම දේශනාව: බුද්ධ පරිනිර්වාණය
මංගල කරුණක් වන්නේ කෙසේද?
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“ ඉධ මොදති පෙච්ච මොදති
කතපුඤේඤ උභයත්ථ මොදති
සො මොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධමත්තනො”
සැදැහැවත් පින්වතුනි,
ෙම් වෙසක් පුන් පොහෝ දිනය ආගමික වශයෙන් මුළු ලෝකයාටම වැදගත් වන වටිනා
දවසක්. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකයේම බෞද්ධයින් වෙසක් පොහෝය
මුල් කරගෙන අධ්‍යාත්මික ශික්ෂණයක් ලබා ගැනීම සඳහා කැප වෙන අයුරු දැක
ගන්නට පුළුවන්. ඒ අතුරින් අපේ රට සුවිශේෂයි. වෙසක් පොහොය දිනය
සිංහලයින් දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්ක්‍රියාවන්ට
ප්‍රමුඛස්ථානයක් ලබාදෙන අයුරු දැකගන්නට පුළුවන්. බෝධිසත්ත්වයන් වහන්සේ
සංසාරයේ කල්පගණනක් සිදු කරපු අධ්‍යාත්මික පුහුණුවේ අවසාන ප්‍රතිඵලය
වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්
වන්නේ අදව ගේ වෙසක් පුර පසළොස්වක දවසකයි.
ඉතිරිය»
බුදුරජාණන් වහන්සේගේ චාරිකා
මා මේ ලිපිය ලිවීමට අදහස් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ
ගුණ අතර වැඩිදෙනා නොදන්නා සුවිශේෂ ගුණයක් හෙළි කිරීමටයි. අපි හැම
දෙනකුම ඇවිදීම, චාරිකාව යන ඉරියව්ව අනුගමනය කරමු. එහෙත් ලොවුතුරා
බුදුවරයන් වහන්සේ නමකගේ චාරිකාව අපේ චාරිකාවලට වඩා හාත්පසින්ම වෙනස්
වේ.(මේ ගැන දැනගන්න දීඝ නිකාය අට්ඨ කථාවේ අම්බට්ඨ සූත්‍ර විස්තරය
කියවන්න) එහි විස්තර කරන පරිදි බුදුරදුන්ගේ චාරිකා විලාසය හෙවත් ගම්
නියම්ගම්වල සැරිසැරීම දෙවැදෑරුම් වේ. 1. තුරිත චාරිකා, 2. අතුරිත
චාරිකා යැයි එය දෙයාකාරයි.බෝධ තුළින් සත්‍ය පසක් කර ගැනීමෙන්
පමණයි.
ඉතිරිය»
කතරගම කිරිවෙහෙර පින්කම්
කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ වෙසක්පෝදා පින්කම් රැසක් ඌව
විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය
ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.
ඉතිරිය» |