දුක නසන - ලොව සනසන බුද්ධ කාරක ධර්ම
එස්. ඩබ්ලිව්. ගුණරත්න
දුක, දුක ඉපදීමට හේතුව, දුකින් මිදීම හා දුකින් මිදීමේ ම¼ග අවබෝධ කර
ගනිමින් බෝසතාණන් වහන්සේ සියලු කෙළෙසුන් නසා අති ශ්‍රේෂ්ඨ වූ ද, අති
උතුම් වූ ද ලොවුතුරා බුද්ධත්වයට පත් වූහ. මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ලොව
අති ශ්‍රේෂ්ඨ තත්ත්වය වූ බුදු බව ලබා ගැනීම සඳහා උන්වහන්සේ අසංඛ්‍ය
කල්ප ගණනාවක් සසර සැරිසරමින් දරන ලද වෙසෙන, පුරන ලද ගුණාංග, කළ
කැපකිරීම්, විඳි දුක් කන්දරාව අප්‍රමාණ ය. අනන්තය. කිසිම ගුරුවරයෙකුගේ්
මඟ පෙන්වීමක් නොමැතිව බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කොට ස්වකීය ඤාණයෙන්
බුද්ධත්වය ලබා ගත්හ. කය - වචන දෙකේ හික්මී ම වූ සීලය, සමාධිය හා නුවණේ්
දියුණුව (ප්‍රඥාව) යන ත්‍රිවිධ හික්මීම තුළින් ලැබිය හැකි උපරිම ඵලය වූ
ලොවුතුරා බුද්ධත්වයට පත් වූහ.
බෝසතාණන් වහන්සේ ත්‍රිවිධ හික්මීම තුළින් මධ්‍යම ප්‍රතිපදාව පුරමින්
ලොවුතුරා බුද්ධත්වයට පත් වූ ආකාරය පිළිබඳ සරල අදහසක් ලබා ගැනීමට හැම
දෙනාටම හැකි ය. ඒ සඳහා බුද්ධකාරක ධර්ම (බුදු බව ලබා ගැනීමට සපුරාලිය
යුතු ගුණධර්ම) පිරූ අන්දම ‘මම බුදු වෙමි’ යන උදාර අදහස් මුල්කරගෙන
නිරතුරු කුසල කර්මවල යෙදුණු අන්දම ද ආදර්ශවත් ය. මෙසේ සිතින් බුදු බව
ප්‍රාර්ථනා කිරීම මනඞ ප්‍රණිධාන නම් වෙයි. තුටු පහටු සිතිවිලි ධාරා
සිත් තුළ තබා ගනිමින් ඉතා දිගු කාලයක් මුළුල්ලේ එය වචනයෙන් ද
ප්‍රාර්ථනා කරමින් කුසල කර්මවල යෙදීම ‘වාක් ප්‍රණිධාන’ නම් වෙයි.
වාක්ප්‍රණිධානය තුළින් සිදු කැරෙනුයේ, සිතින් සැලසුම් කළ දේ ප්‍රකාශයට
පත් කිරීම හා ක්‍රියාවට නැංවීම යි. අසංඛ්‍ය කල්ප ගණනාවක් මූලික
අවශ්‍යතා සපුරාලමින් බුදු වන බවට පළමු නිශ්චිත ප්‍රකාශය වූ ‘නියත
විවරණය’ ලබා ගැනීමට හැකි වූයේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙනි. දිගු කලක්
සසර සැරිසරමින්, අඛණ්ඩව ගුණදහම් පුරන ලදුව බුදුවරු විසි හතර නමකගෙන්
විවිරණ ලබාගත් ආකාරය පැහැදිලි ය.
මෙසේ දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු සූවිසි බුදුවරුන්ගෙන් සූවිසි
විවරණ ලබමින් සසර සැරසරමින් බුද්ධකාරක ධර්ම පිරූ අන්දම විශිෂ්ටය. එසේ
පිරූ පරමිතා දහයකි. ඒවා නම් දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඤ්ඤා, වීර්ය,
ඛන්ති, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපේක්ෂා යනු යි. පාරමී, උපපාරමී,
පරමත්ථ පාරමී යනුවෙන් සෑම පාරමිතාවක්ම කොටස් තුනකින් සමන්විත වෙයි.
එවිට පාරමිතා තිහකි. දාන පාරමි නම් ස්වකීය සන්තකයේ ඇති ධන, ධාන්‍ය ආදී
බාහිර වස්තු බුදු බව පතා නිරපේක්ෂකව දන් දීම ය. උපපාරමී යන්නෙන්
හැඳින්වෙන්නේ, තම සිරුරේ ඇස්, හිස්, මස්, ලේ, වකුගඩු ආදී ශරීර අවයව ලාභ
අපේක්ෂාවෙන් තොරව පරිත්‍යාග කිරීම යි. තම ජීවිතය පුදමින් කරන කැපකිරීම
(පාරමිතා පිරීම) පරමත්ථ පාරමිතා ය. ලොවුතුරා බුද්ධත්වය පතා බෝසත්වරයකු
පාරමිතා පුරන ආකාරය විස්මය දනවන්නකි. එතුමා ඊට අදාළව නොකරන
පරිත්‍යාගයක් නැත. ජීවිතය ද පරිත්‍යාග කරයි. මේ පිළිබඳ බොහෝ තොරතුරු
ජාතක කතා ඇසුරින් දත හැකි ය.
පුද්ගලයා වරදට පොළඹවන ප්‍රධාන කෙළෙස් තුනකි. ඒ අකුසල් මුල් නමින්
හැඳින්වෙන, ලෝභය, දෝෂය හා මෝහයයි. මෙම අකුසල් මුල් හෙවත් ‘කෙලෙස්’ දමනය
කර කුසල් මුල් උපදවා ගැනීමට දානය ඉවහල් වෙයි. බෝධිසත්වයන් බුදුබව පතා
ස්වකීය ධනය මිල මුදල්, වතුපිටි, නිවාස ආදී භෞතික වස්තු ද, ඇස්, ඉස් මස්
ලේ ආදිය ද මුළු ජීවිතය ද පරිග්‍යාග කළ අන්දම, ජාතික පොතෙන් පැහැදිලි
වෙයි. බෝධිසත්ත්වයන් වහන්සේ ස්වකීය ධන ධාන්‍යාදියෙන් ආරම්භව, දීමට
අතිශයින් දුෂ්කර අඹුදරුවන් පවා දන් දුන් අන්දම, වෙස්සන්තර ජාතකයෙන්
පෙනෙයි.
කය, වචන යන දොරටු දෙක සංවර කර ගැනීම, සීලයයි. බෝධිසත්ව උතුමෝ මෙම ගුණ
ධර්ම පාරමිතාවක් (බුද්ධ කාරක ධර්ම) වශයෙන් සම්පූර්ණ කරති. සීල පාරමිතාව
පුරන බෝධිසත්වරු බාහිර වස්තු සියල්ල නැතිව ගියත් සීලය කඩ නොකර සීල
පාරමිතාව සපුරති. ශරීරයේ අඟ පසඟ සිඳ බිඳ දමද්දී ද, සීල උපපාරමී අවස්ථාව
ද ඒ උතුමෝ සපුරති. ජීවිතය ගිලිහී යද්දී සීලය රකිමින් සීල පරමත්ථ
පාරමිතාවද සම්පූර්ණ කරති. තමන් මැරීමට ගෙන ගිය සොරුන් නසාලීමේ බලය හා
ශක්තිය තිබියදී සංඛ්‍යාත නා රජ තමන් සමාදන් වූ සීලය නොබිඳ - සීල
පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය සංඛපාල ජාතිකයෙන් පැහැදිලි වෙයි.
ගෘහ ජීවිතයේ පස්කම් සැප විඳීම අත්හැර ගිහි ගෙයින් නික්මීම ‘නෙක්ඛම්ම’
නම් වෙයි. මෙලොව පස්කම් සැප සම්පත් කෙරෙහි ඇති ආශාව සත්වයාගේ සසර ගමන
දිගු කරයි. කාම සැපත පුද්ගලයා තුළ ආශාව වර්ධනය කර, බ්‍රහ්මචර්යාවට බාධා
පමුණුවයි. බුදුබව පතන ක්‍රියා මාර්ගයේදී නෙක්ඛම්මය පිරීම බුද්ධකාරක
ධර්මයක් වෙයි. ලෞකික සැප සම්පත් මැද, අති සුඛෝපභෝගී ජීවිතයක් ගත
කරමින්, රජකම් කිරීමේ හැකියාව තිබියදී ද, හිසෙහි නර කෙසක් දැක, තවුස්
දම් පිරූ මඛාදේව රජතුමා පිළිබඳ පුවතින් එය කියැවෙයි.
බුදු බව පතා පෙරුම්දම් පුරන බෝධිසත්වරයකුගේ පරමාර්ථය, ප්‍රඥාව වර්ධනය
කර ගැනීමයි. ඒ ප්‍රඥාවෙන් තොරව ලෝක සත්‍යය අවබෝධ කර ගත නොහැකි බැවිනි.
ප්‍රඥා පාරමිතාව පිරීම තුළින් අපේක්ෂා කැරෙනුයේ ප්‍රඥාව ක්‍රම
ක්‍රමයෙන් දියුණු කර ගැනීම ය. එසේ ප්‍රඥා පාරමිතාව පිරූ බෝසතාණන්
වහන්සේ මහෞෂධ පණ්ඩිත නමින් එක් ජීවිතයකදී ලොව පතලව ප්‍රඥාව විිහිදුවා
ලෝ වැස්සනට සේවය සැලසූ අන්දම, උම්මග්ග ජාතකයෙන් කියැවෙයි.
පුද්ගලයා කරන ඕනෑම කාර්යයක් සාර්ථක ලෙස ඉටුකර ගැනීමට නම් ඒ සඳහා
වීර්යයක් තිබිය යුතුය.
එසේ පුද්ගලයා තුළ ඇති කර ගන්නා වීර්යය, පටන් ගැනීමේ වීර්යය, ඉදිරිපත්
වීමේ වීර්යය, නිරතවීමේ වීර්යය යනුවෙන් ප්‍රධාන කොටස් තුනකින් යුත්ක ය.
මහා බෝසතාණන් වහන්සේගේ වීර්ය පාරමිතාව ප්‍රදර්ශනය කැරෙන එක් අවස්ථාවකි
වණ්නුපථ ජාතකය.
නුරුස්සන දෙයක් සිදු වූ විට සිත තුළ කෝපය මතුවීම පෘථග්ජන ස්වභාවයයි.
එසේ ඇතිවන කෝපය මැඬපවත්වාගෙන ක්‍රියාකිරීම ඉවසීමයි. ඉවසීමෙන්
ක්‍රියාකරන පුද්ගලයා, සමාජය සමඟ ගැටුම් ආරවුල් ඇතිකර නොගනියි.
සැනසිල්ලේ ජීවත්වෙයි. බුදුබව පතන උතුමෝ ඉවසීමෙන් පරපූර්ණ වන අතර, ඉවසීම
පාරමිතාවක් වශයෙන් ප්‍රගුණ කිරීම බුද්ධකාරක ධර්මයකි. එය ඛන්ති පාරමිතාව
යනුවෙන් හැඳින්වෙයි. කලාබු රජතුමා ඛන්තිවාදී තවුසාගේ අත්, පා, කන්, සිඳ
බිඳ දැමීමට ක්‍රියා කිරීමේ දී පවා කිසි අමනාපයක් නොමැතිව ඒ ඉවසා වදාළ
අන්දම එහි දැක්වෙයි.
සත්‍යවාදියා කිසි විටෙක බොරු නොකියයි. පොරාන්දු කඩ නොකරයි. අනුන්
නොරවටයි. නිරතුරුව සත්‍යයම භාවිතා කරයි. බුදු බව පතන උතුමෝ සත්‍යය
පාරමිතාවක් වශයෙන් පුරති. පෝරිසාදයාගේ ග්‍රහණයට අසු වූ මහා සූතසෝම
රජතුමා බමුණකුට කළින් දුන් පොරොන්දුවක් ඉටුකිරීමට අවශ්‍ය බව පවසා
රජමැදුරට ගොස් ආපසු ඒමට පොරොන්දු වී නික්ම ගියේය. රජතුමා ප්‍රකාශ කළ
පරිදිම පොරොන්දුව ඉටුකර පෝරිසාද වෙත පැමිණියේ ය. මේ දුටු පෝරිසාදයා
රජතුමා සත්‍ය වචනය මත පිහිටා ක්‍රියා කිරීම ගැන පුදුමයට පත් විය. රජුගේ
සත්‍ය ප්‍රතිපත්තියට ගරු කිරීමක් ලෙස රජු මුදවා හැරියා පමණක් නොව එදා
සිට පෝරිසාදයා මිනීමස් කෑමෙන් ද වෙන් විය.
ඕනෑම අරමුණක් අභිමතාර්ථයක් මුදුන් පත් කර ගැනීම සඳහා ඇති කර ගත් සිත
කිසිම වෙනසකින් තොරව ඒ අයුරින්ම පවත්වා ගැනීම, ‘අධිෂ්ඨානය’ වශයෙන්
දැක්විය හැකි ය.පෙරුම්දම් පුරන බෝධිසත්වයෝ තේ්මිය කුමාරයාව ඉපිද කුඩා
කළ සිටම රජකම ගැන කලකිරී ඒ ප්‍රතික්ෂේප කළහ. පිය රජ සිහසුන බාර ගන්නා
ලෙසට කළ සෑම ඉල්ලීමක්ම බලපෑමක්ම ඉවත දමා සසර ජය ගත් අන්දම, තේමිය
ජාතකයෙන් පැහැදිලි වෙයි.
මෙත්තා යනු තමා කෙරෙහි දක්වන හිතවත්කමට සමාන හි වත්කමක්, සියලු සත්තව
සමූහයා කෙරෙහිම පතුරවමින් ක්‍රියා කිරීමයි. සිත, කය, වචනය යන තුන් දොරම
ඒ අනුව ක්‍රියාත්මක කිරීම ය. මිතුරු සතුරු දෙපාර්ශ්වයටම සමාන ලෙස
මෛත්‍රීය පතුරුවා හරිමින් තිරිසන් ආත්මයේදී පවා ක්‍රියාකළ ආකාරය, මහා
කපි ජාතකයෙන් පෙනේ.
පි‍්‍රය මනාප වූද, අපි‍්‍රය අමනාප වූද පුද්ගලයන් හා වස්තු කෙරෙහි සම
සිතින් ක්‍රියාකිරීම ‘උපේක්ෂාව‘ වෙයි. හිංසා පීඩා පැමිණ වූ නොහික්මුණු
ගොපලු දරුවන් කෙරෙහි හෝ ආදර දයාවෙන් සංග්‍රහ කළ ගම්වැසියන් කෙරෙහි
විශේෂයක් නොමැතිව උපේක්ෂා සහගත සිතින් ක්‍රියාකළ අන්දම, ලෝමහංස
ජාතකයෙන් පැහැදිලි වෙයි. මේ අන්දමට සෑම ජාතක කථා වස්තුවකින්ම දෘශ්‍යමාන
වන්නේ, ලොවුතුරා බුද්ධත්වය ලබා ගැනීම සඳහා බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කළ
අන්දම සහ ඒ ප්‍රගුණ කිරීමෙන් ලද අති විශාල අධ්‍යාත්මිත හා ප්‍රඥා
බලයයි.
බෝධි සත්වයන් වහන්සේ බාහිර වස්තු, ශරීර අවයව පරිත්‍යාග කිරීම, ජීවිතය
පරිත්‍යාග කිරීම ආදිය ඉටු කරමින් පාරමිතා පිරූහ. එසේ මහා දුක්
කන්දරාවක් විඳ දරා ගනිමින්, අතිමහත් වෙහෙසක් දරා ගුණයක් පුරා
භාග්‍යවතුන් වහන්සේ ලොවුතුරා බුද්ධත්වයට පත්වූයේ සසර දුක විඳින ලෝ
වැස්සන්ද ඉන් මුදවා ගැනීමේ අභිලාෂයෙනි.
ඉන් තමන් ගැන මෙන්ම අනුන් ගැනද කරුණා දයා ගුණයෙන් බැලීමට තම
අනුගාමිකයන්ට ඉගැන්වූහ. මෙම කරුණු ගැන, අවධානය යොමු කරමින්, ලෞකික
ජීවිත හැඩගස්වා ගැනීම සඳහා ද බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කිරීම, බෙහෙවින්
ප්‍රයෝජනවත් වනු ඇත.
|