ඉන්දියාවේ ධර්මදූත සේවය සඳහා
භික්‍ෂූන් වහන්සේ පුහුණු කිරීම සඳහා ඉන්දීය මහා බෝධි සමාගම
මගින් අන්ද්‍රා ප්‍රාන්තයේ ක්‍රිෂ්ණ දිස්ත්‍රික්කයේ බෞද්ධ
පාසලක් නොබෝදා ඉන්දියාවේ මැති ඇමති වරුන්ගේ හා ඉහළ
නිලධාරින්ගේ සහභාගීත්වයෙන් විවෘත කැරිණි.
අනතුරුව අන්ද්‍රා ප්‍රාන්තයට අයත් අමරාවතී නාගාර්ජුන කොණ්ඩ
ඇතුළු පැරණි බෞද්ධ ආයතන කේන්ද්‍රකොට ගෙන ඉදිවෙන මහාබෝධි
ආයතනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අන්ද්‍රා ප්‍රාන්තයේ
ආණ්ඩුකාර පණ්ඩිත් නාරායන් දත් තිවාරි මහතාගේ මූලිකත්වයෙන්
හයිද්‍රාබාද්හි ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්විණි. එහිදී
ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩංගොඩ රේවත
නාහිමියන් හා බරණැස ඉසිපතනයේ විහාරාධිපති ඉන්දීය මහාබෝධි
සමාගමේ සහකාර මහාලේකම් ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන්
විසින් ආණ්ඩුකාර තුමන්ට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්
ප්‍රදානය කළ අවස්ථාව. අන්ද්‍රා ප්‍රාන්තයේ පොලිස්පති බෞද්ධ
නායක අන්ජනා රෙසිඩ් ඉන්දීය බෞද්ධ කොංග්‍රසයේ සභාපති ආචාර්ය
සත්‍ය නාරායන් බෝධි, අන්ද්‍රා මහාබෝධි අරමුදලේ සභාපති එස්.
සෙල්වයියා මහත්වරුද සේයාරුවේ වෙති. |