මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී බක් පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල
සමාදාන වැඩ සටහන මෙසේ ය. එදින පෙරවරු 6 – 7 සිල් සමාදන් කරවීම,
අනුශාසනාව හා බුද්ධ පූජාව දියතලාවේ පියදස්සී හිමි, 8 – 9 භාවනාව
අලවතුපිටියේ සංකීච්ච හිමි, 9 – 10 ධර්ම දේශනය වැලිඔය කරඳගොල්ලේ
ඤාණානන්ද නාහිමි, 10 – 11 අභිධර්ම කථාව අභිධර්මාචාර්ය පියදාස මුදගම
මයා, 11 – 11.15 බුද්ධ පූජාව හක්මන දමිත හිමි, පස්වරු 12.25 – 12.30
විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ
කැන්දගොල්ලේ ජිනේන්ද්‍රිය හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව හා
අනුශාසනාව, උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 –3 ධර්ම දේශනාව වටගෙදර
විමලබුද්ධි නාහිමි, 3 –3.45 ධර්ම දේශනාව වැලිගම ඤාණරතන මහ නා හිමි, 4 –
5 ධර්ම දේශනය උයන්වත්තේ ඤාණාලෝක නා හිමි, 5 – 6 ධම්ම පදය හා අනුශාසනාව
පානදුරේ පසන්න හිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි. |