“ද බුඩිස්ට්” නාලිකාවේ බක් පුර පසළොස් වක පොහෝ දින සජීවි විකාශය
ශ්‍රී සම්බෝධි විහාරයේ සිට......
කොළඹ 07 විජේරාම මාවතේ සම්බෝධි විහාරයේ සිට බක් පුර පෝදා විකාශය
කැරෙන වැඩසටහන් මාලාව මෙසේ එදින පෙරවරු 6 –7 සිල් සමාදන් කරවීම,
අනුශාසනාව, භාවනාව හා බුද්ධ වන්දනාව මෙහෙයවීම පණ්ඩිත දරණාගම කුසලධම්ම
නාහිමි, 8 – 9 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි,
9.30 – 10.45 ධර්ම සාකච්ඡාව පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, දායක සභාවේ
ගිහි අනුශාසක හා සභාපති අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා මහාචාර්ය
සුමනපාල ගල්මන්ගොඩ මහතා, 11.00 –11.15 බුද්ධ පූජාව මෙහෙයවීම, පූජ්‍ය
බුත්තල සමිතවංශ හිමි 11.15 – 12.00 දවල් දානය පිරිනැමීම, පස්වරු, 12.00
– 12.30 මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා කෘත්‍රීම පාද පිරිනැමීම සහ
රෝද පුටු පිරිනැමීම, 12.45 –1 දම්සක් පැවතුම් සූත්‍රය වාළුකාරාමාධිපති
මහරගම නන්ද නාහිමි, 1 – 2 ධර්ම දේශනාව පූජ්‍ය නුගේගොඩ පුණ්‍ය හිමි,
02.15- 3 භාවනා වැඩසටහන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, අමද්‍යප
සභාවේ සභාපති හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමි, 3 – 4 ධර්ම දේශනාව
ශාස්ත්‍රපති පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 4.30 – 5.30 සත් බුදු
පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම – මීරහාවත්තේ පඤ්ඤාසිරි හිමි. |