ලෝක ශාසනික හා සමාජ සේවයට කැප වූ ලෝක බෞද්ධ තරුණ සඟ සමුළුව
ලෝක බෞද්ධ තරුණ සංඝ සභාව වර්තමානයේ
ආගමික, ශාසනික, අධ්‍යාපනික, සාමාජික සත්කාරක සේවා රැසක්
ලොවට සිදුකරන භික්‍ෂු සංවිධානයකි. පළාත්, දිස්ත්‍රික් හා
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ශාඛා සංවිධාන පිහිටුවා
ඇති අතර මෙරට තරුණ භික්‍ෂූන් වහන්සේගේ කැපවීම මත සුවිශාල
වූ සේවා රැසක් මේ වන විට මෙරටට සිදුකර ඇත.
ඉතිරිය»
ජන කවියා ගේ සිරිපා වන්දනා
සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාද ලාංඡන සතරක් නර්මදා නදී තීරය
සච්චබද්ධ ගිර, සමනොළ ගිර, යෝනක පුර යන ස්ථානයන්හි වන බැව් “යන්නම්මදාය
නදිය, පුලිනේච තීරේ....” යනාදී ලෙසින් දක්නා වන්දනා ගාථාවෙහි කියැවේ.
මින් සියලු ලෝවැසි සැදැහැතියන්ගේ වන්දනාමාන ගෞරව භක්ත්‍යාදරයට පාත්‍රව
දක්නට ලැබෙන්නේ සිරිලක සමනොළ ගිර සිරිපා ලාංඡනයයි. බුදුපියාණන්
වහන්සේගේ තෙවන වර ශ්‍රී ලංකාද්වීපයට වැඩි ගමනේ දී සුමන දෙව්රද
ඇරැයුමෙන්, සමනොළගිර මත ශ්‍රීපාද ලාංඡනය පිහිටු වූ බැව් සඳහන් ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
මඳක් සිතන්න
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස,
“සන්තුස්ස කෝච සුභරෝච
අප්ප කිචෙචාච සල්ලවුක වුත්තී”
විශ්වයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක් වන මිනිසා සත්ත්ව ලෝකය තුළ ඉතා
උසස් මනසකින් යුතු සත්වයා ද වේ. විසල් විශ්වයේ ක්‍රියාකාරීත්වය
මනුෂ්‍යයාගේ පැවැත්ම විෂයෙහි බොහෝ බලපෑම් එල්ල කරයි. මෙලෙස විශ්ව
ශක්තියේ ක්‍ෂුද්‍ර අංශුවක් වන මිනිසා අද්‍යතයේදී විශ්ව න්‍යායන් හා
සංකල්පයන් අභිබවා යෑමට සෑම විටම උත්සාහ කරයි. සැබවින්ම මිනිසා සතු
ශක්‍යතාවන් බොහෝ ය. එසේ වීද ඔහු ස්වභාව ධර්මයට කරන අභියෝගයන් පිළිබඳ
වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු ය.
ඉතිරිය» කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරයට
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරයට ගල්කිස්සේ
ධර්මපාලාරාමාධිපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියෝ පත්
වූහ.
ඉතිරිය»
|