කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ දී ගුණ සමරු පින්කම් මාලාවක්
			
			වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය 
			ඇතුළු විහාරස්ථාන කීපයක විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර 
			සේවාවක් සිදුකොට අපවත්වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද නා හිමි 
			තෙල්ලඹුරේ ශ්‍රී ආරියවංසාභිධාන වැලිගම්කෝරළේ ප්‍රධාන සංඝනායක නා හිමි 
			කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමියන් ඇතුළු විහාර පරපුරේ අපවත් වී වදාළ 
			සියලු ස්වාමීන් වහන්සේලා ගේ හා මිය ගිය දායක දායිකාවන්ගේ ද ගුණ සමරා 
			පින් අනුමෝදන් කරවීම පිණිස වාර්ෂිකව සිදු කෙරෙන ගුණ සමරු පින්කම් මාලාව 
			අපේ‍්‍රල් මස 3 , 4 , 5, 6 යන දින වලදී කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේදී 
			පැවැත්වේ.  
			රණවිරුවන්ට හා රටට සෙත්පතා දිනපතා රාත්‍රි බුද්ධ පූජාව සහිත බොධි 
			පූජාවන් හා ධර්ම දේශනා පැවැත්වෙන අතර 6 වන දින සඟ සතු මහා දානයක් පූජා 
			කෙරේ. 
			විහාරාධිපති කොක්මාදුව අරියකිත්ති නා හිමි, ගලතරේ සෝමරතන හිමි 
			කර්මාචාර්ය ලේල්වල ඉන්දජෝති හිමියන්ගේද අනුශාසනා පරිදි තෙල්ලඹුරේ 
			උපනන්ද , පලල්ලේ සරණ ජෝති හිමියන් ඇතුළු විහාරස්ථ භික්ෂූන් වහන්සේලාගේ 
			මෙන්ම දායක පිරිස ගේ හා සීලානන්ද දහම් පාසලේ ද තරුණ පිරිසගේ ද 
			සහයෝගයෙන් පරිවේණාධිපති කැටවල ඉන්දසාර හිමියන් විසින් එම පින්කම් මාලාව 
			සංවිධානය කර ඇත.  |