| 
			 මහා බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් විහාරයේ 
			විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ ශාසනික සමාජ සේවයට 
			මහරැජිණ විසින් ඕ.බී.ඊ. (ඕඩර් ඔෆ්.බ්‍රිටිෂ් එම්පයර්) නම්බුනාම සම්මානය 
			පිදීම නිමිත්තෙනි. 
			 
			 කස්සප නා හිමි සමිඳ
			 
			උජුපටිපන්න සඟ ගුණයට සිත් පැහැදේ 
			බදු සදහම් සුවඳ ලොව සිවුදෙස විහිදේ 
			විතාරන්දෙණියෙ කස්සප නා සමිඳේ 
			හද බැති බරින් කිමිදෙමි ඔබෙ ගුණ මුහුදේ 
			 
			මහ බිරිතනියෙ බර්මිං හැමි මහ වෙහෙර 
			අධිපති වෙමින් බොදු පිළිවෙත් අත් නොහැර 
			ඉටුකළ මෙහෙවරින් ලද කිතුරැස් දහර 
			හිමි සඳ සදිසි අන් කිසිවෙක් වෙද කවර 
			 
			හුණුපිටියේ ගංගාරාමයෙන් එදා 
			ලබමින් පැවිදි බව ගිහිගෙයි රැහැන් මුදා 
			ඇදුරිඳු පදවි හිමි වී සිප් සතර බෙදා 
			හිමි ඉටුකළ මෙහෙය මතකයෙ රැඳෙයි සදා 
			 
			අම්බෙඩ්කාර් බොදු ආයතනයෙන් ලද 
			ඇරයුම අනුව බර්මිං හැම් නුවර හිඳ 
			ලෙස්ටර් බොදු වෙහෙර අරඹා සිතැඟි ලෙද 
			සමිඳුන් කළ මෙහෙය කොතරම් වටිනවද 
			 
			එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා 
			එහි සිට දියත සිවු දෙසටම බෙදූ පබා 
			ඉටුකළ උතුම් මෙහෙයට කිසි විටෙක නොබා 
			ඇත මහරැජිනියත් අද සිහිවටන තබා 
			 
			රුහුණු සරසවියෙ මහෑදුරු පදවි ලද 
			මිදිගම දිනූ සෝරත හිමි සමඟ අද 
			පරහිතකාමි මෙහෙවර ඉටු කරන සඳ 
			පිබිදෙයි බැති කුසුම් බොදු හිස් මුදුන් මැද 
			 
			වැඩ වෙසෙමින් මෙදා ‘බිරිතනි’ රජ දානේ 
			මහ රැජිණගෙන් ඕ.බී.ඊ සම්මා නේ 
			ලැබූ හිමි සඳුනි! නාමය රැකගෙන රූණේ 
			ඔබ හෙළ බිමට ගෙනදී ඇත අබිමානේ 
			අතුරලියේ 
			ඉන්ද්‍රජෝති හිමි  |