කළුතර බෝධිය
			කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් මැදින් පෝදා කළුතර බෝධි 
			පරිශ්‍රයේදී පවත්වනු ලබන ආගමික වැඩ සටහන මෙසේය . එදින පෙරවරු 6.30 - 
			7.30 සිල් සමාදන් කරවීම , තෙරුවන් වන්දනාව හා බුද්ධ පුජාව මෙහෙයවීම 
			පනාපිටියේ විජිත නන්ද හිමි, 8 - 9.45 භාවනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ 
			හිමි, 10 - 11.30 ධර්ම දේශනය මොරකැටිආරේ ධම්මික හිමි, 11.35 අභය දාන 
			පින්කම පිළිබඳ අනුශාසනාව ගැටඅරළුවේ විපුලධම්ම හිමි, පස්වරු 1 - 2 ධර්ම 
			දේශනය මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 2.10 - 3.30 ධර්ම දේශනය පිටිදූවේ 
			සිරිධම්ම හිමි, 3.45 - 5.30 ධර්ම දේශනය අක්මීමන ධම්මපාල හිමි, 7.30 - 
			8.30 ධර්මාචාර්ය ගාල්ලේ කේ. පරණවිතාන මහතා මෙහෙයවන නවඅරහාදී පහන් 
			පූජාවෙන් එදින වැඩ සටහන් නිමාකැරේ. 
			 |