සදහම් දැනුම
			වහුමුවේ විජයවංස නා හිමි 
			ප්‍රශ්නය - අකුසල සිත්වල ගණන 12 ක් වෙනවා. මෙසේ 12 වන්නේ කෙසේ දැයි 
			පැහැදිලි කරන්න. 
			පිළිතුර- ලෝභ මූලික සිත් 08 මෝහ මූලික සිත් 02 දෝස මූලික සිත් 02 යි. 
			 
			ප්‍රශ්නය - කල්‍යාණ මිත්‍ර සේවණයත් සම්පතක්. එබඳු කල්‍යාණ මිත්‍රයෙකු 
			සතු ගුණ 04 ක් ගැන බුදුරජාණන්වහන්සේ වදාළහ. මේ ගුණ 04 මොනවාද? 
			පිළිතුර- ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥාව. 
			 
			ප්‍රශ්නය - සිඟාලෝවාද සූත්‍රයට අනුව කලණ මිත්‍රයෝ කොටස් 04 ක් සිටින බව 
			වදාළහ. මේ මිත්‍රයෝ කොටස් සතර කවුද? 
			පිළිතුර - උපකාරක, සමාන සුඛදුක්ඛ, අත්ථක්ඛායි, අනුකම්පක 
			 
			ප්‍රශ්නය - ආනාපාන සති භාවනාව කෙටියෙන් පැහැදිලි කරන්න 
			පිළිතුර- හුස්ම ඉහළට සහ පහතට හෙළීම පිළිබඳව මෙනෙහි කරමින් කරන භාවනාව. 
			 
			ප්‍රශ්නය - පේ‍්‍රත, අසුර මේ නම්වලින් හැඳින්වෙන්නේ මොනවා ගැන ද? 
			පිළිතුර - සතර අපායෙන් දෙකක්. පව්කළ අය උපදින ස්ථාන දෙකක්. 
			 
			ප්‍රශ්නය- සියලු කෙළෙස් ප්‍රහාණය සඳහා ප්‍රඥාව පුද්ගලයා විසින් වැඩිය 
			යුතු ය. ප්‍රඥාවට අයත් මාර්ග අංග මොනවාද? 
			පිළිතුර - සම්මා දිට්ඨි, සම්මා සංකප්ප 
			 
			ප්‍රශ්නය - සම්මා දිට්ඨි යනු යහපත් දැකීමයි. පැහැදිලි කරන්න. 
			පිළිතුර - චතුරාර්ය සත්‍ය පිළිබඳ ව පූර්ණ අවබෝධයයි. 
			 
			ප්‍රශ්නය - දීඝ නිකාය බුද්ධ දේශනා ඇතුළත් ධර්ම ග්‍රන්ථයකි. තුන් 
			පිටකයෙන් මෙය කුමන කොටසට අයත්ද? 
			පිළිතුර - සූත්‍ර පිටකයට 
			 
			ප්‍රශ්නය - සංඝයා භේද භින්න කිරීම පාපිෂ්ට ක්‍රියාවක්. කර්මානුරූප ව 
			කුමන කර්ම ගණයට වැටෙනවාද? 
			පිළිතුර - ආනන්තරිය පාප කර්මයක්. 
			 
			ප්‍රශ්නය - පංච දුෂ්චරිතය කියන්න 
			පිළිතුර - ප්‍රාණඝාතය, අන්සතු දේ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, 
			බොරුකීම, මත්පැන් පානය 
			 
			ප්‍රශ්නය - පරපණ නැසීම, අන්සතු දේ ගැනීම, කාම මිථ්‍යාචාරය, අකුසල්ය. 
			මේවා කුමන දොරටුවකින් සිදු කරන්නක්ද? 
			පිළිතුර- කයින් 
			 
			ප්‍රශ්නය - ලද පස් මල් නම් කරන්න 
			පිළිතුර - ඊතණ, සමන්පිච්ච, සුන්සහල් , එළඅබ, විළඳ 
			 
			ප්‍රශ්නය- සංයුත්ත නිකාය බුද්ධ දේශනා ඇතුළත් ග්‍රන්ථයක් . එය 
			ත්‍රිපිටකයෙන් කුමන කොටසකට අයත් ද? 
			පිළිතුර - සූත්‍ර පිටකය 
			 
			ප්‍රශ්නය - ආරාම අධ්‍යාපනයේ දී සද්ධි විහාරික අන්තෙවාසික කියල වචන 
			දෙකක් හමුවෙනවා. ඒ කවුරුන් ගැනද? 
			පිළිතුර - ශිෂ්‍යයා හැඳින්වීමටයි. 
			 
			ප්‍රශ්නය - අනුරාධපුරයේ විසූ ත්‍රිපිටකධාරි ගුරු ශිෂ්‍ය දෙපලක් 
			සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ ව මතභේදයක් ඇති වී ශිෂ්‍යයා ගේ මතය නිවැරැදි 
			බව ගුරු හිමියන් විසින් පිළිගෙන ශිෂ්‍ය භික්ෂුව ගේ් ගුණ වනමින් දහම් 
			දෙසූහ. මේ දෙපළ නම් පැහැදලි කරන්න. 
			පිළිතුර - ත්‍රිපිටකධාරී චුල්ලනාග, ත්‍රිපිටකධාරි චුල්ලසුම්ම. 
			 
			ප්‍රශ්නය - බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර අතර පාංසකූල චාරිත්‍ර ය නු කුමක්ද? 
			පිළිතුර- මළගෙයක සිදුකරන චාරිත්‍ර විධි. 
			 
			ප්‍රශ්නය - සොළොස් මහා ජනපදවලින් එකක් වජ්ජි රාජ්‍යයි. මෙම රාජ්‍යය 
			පිළිබඳව ඔබ උගත් දේ මොනවාද? 
			පිළිතුර - විශාලා මහනුවර අගනුවර. ලිච්ඡවි සමූහාණ්ඩුව. තුන්බිය, රතන 
			සූත්‍රය දෙසීම, අම්බපාලි මහණවීම යන කරුණු සිදුවූ තැන. 
			 
			ප්‍රශ්නය - බෞද්ධ වාස්තු විද්‍යාවේ එක් ලක්ෂණයකි, ‘පටිමාඝර’ නම් 
			ගොඩනැගිලි විශේෂය පැහැදිලි කරන්න 
			පිළිතුර - පිළිම ගෙවල් . ආවරණ සහිත පිළිම ගෙවල්. 
			 
			ප්‍රශ්නය - ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී මේ පාලි වචනවලින් ඉතා වැදගත් කරුණු 
			පැහැදිලි වෙනවා. ඒ පාලි වචන දිට්ඨධම්ම සුඛාය, සමපරාය සුඛාය පැහැදිලි 
			කරන්න. 
			පිළිතුර - මෙලොව හා පරලොව යහපත පිණිස 
			 
			ප්‍රශ්නය - ගෘහස්ථ සීලයේ; ගිහි සීලයේ මූලික කොටස් මොනවාද? 
			පිළිතුර - පන්සිල්, අටසිල්, ආජීව අට්ඨමක සිල්, නවාංග සිල්. දස සිල්. 
			 
			ප්‍රශ්නය - භාවනාවෙහි එක ම අරමුණ සිත හා නුවණ දියුණු කිරිමයි. අරමුණ එක 
			වුවත් උපාය මාර්ග වශයෙන් දෙකක්. පැහැදිලි කරන්න. 
			පිළිතුර - 1. සිත - සමථ භාවනාව, 2. නුවණ - විපස්සනා භාවනාව 
			 
			ප්‍රශ්නය – ‘වය ධම්මා සංඛාරා’ ධර්මානුකූ®ල ව අදහස පැහැදිලි කරන්න 
			පිළිතුර - (ඒකාන්තයෙන් ම) සංස්කාර ධර්ම සියල්ල අනිත්‍යය වෙනස්වන සුළුය. 
			 
			ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ භාරතයේ උපත ලද අවස්ථාව 
			වන විට තිබූ පැරැණි භාරතීය සමාජයේ ප්‍රභේද හතරක් තිබුණා. ඒ පිළිබඳ ව 
			ඔබ දන්නා දෑ මොනවාද? 
			පිළිතුර - බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනු ඒ සතරය. 
			 
			ප්‍රශ්නය - පැරැණි භාරතීය දේශපාලන තත්වය අනුව එකල ප්‍රධාන රාජ්‍ය හතරක් 
			පැවතුණි. ඒ රාජ්‍ය මොනවාද? 
			පිළිතුර -මගධ, කෝසල, වත්ස, අවන්ති 
			 
			ප්‍රශ්නය - සුද්දෝධන පිය මහරජතුමා පුතු ගේ අසිරිමත් පෙළහර දැක සතුටු 
			කඳුළු හෙළා දෙවැනි වරට ද වැන්දේ ය. මේ සිදුවීම පිළිබඳ ව පැහැදිලි 
			කරන්න. 
			පිළිතුර - වප් මඟුල් දින ආනාපාන සතිය වඩා ප්‍රථම ධ්‍යාන උපදවා ගැනීම. 
			 
			ප්‍රශ්නය - ස්වාමීනි, ඔබ ඒකාන්තයෙන් ම බුදුවන්නේ හි ය. උත්තම සම්‍යක් 
			සම්බෝධිය ලබාගෙන පළමු කොට අපගේ නුවරට වැඩිය මැනව‘ මේ සිද්ධාර්ථ ගෞතමයන් 
			වහන්සේට ලැබුණු ප්‍රථම ආරාධනාවයි. ඒ කොතැනදී ද? 
			පිළිතුර - බිම්බිසාර මහරජ හමුව 
			 
			ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේට ගුරු දෙපළක් වූහ. ඒ කවුද? 
			ඔවුන්ගෙන් උගත් දේ මොනවාද? 
			පිළිතුර - ආලාරකාලාම, උද්දකරාමපුත්ත, අකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤා 
			සමාපත්ති 
			 
			ප්‍රශ්නය - බුදුවීමෙන් පළමු සතිය පිළිබඳ පැහැදිලි කරන්න 
			පිළිතුර -අර්හත් ඵල සමාපත්ති සුවය විඳිමින් සිට එම සතියේ සත්වන දින 
			රාත්‍රි ප්‍රථම හා මධ්‍යම යාමයේ ප්‍රතීත්‍ය සමුප්පාද ධර්ම මෙනෙහි කළහ. 
			 
			ප්‍රශ්නය - බුදුරදුන් උරුවේලාවේ සිට බරණැස් ගමන අතර මගදී හමු වූ 
			මගියෙකු අමතා ඔහු හා කළ කථාබහේදී ‘මම අනන්තජින වෙමි’යැයි ප්‍රකාශ කළහ. 
			මේ හමු වූ මගියා කවුද? ඒ පිළිබඳ ඔබ ඉගෙනගත් යමක් කියන්න. 
			පිළිතුර - උපක ආජීවක බුදුන් වහන්සේ අමතා ඔබ නිසල ගුණ ඇත්තෙකි. ඔබගේ 
			ශාස්තෘවරයා කවුද? යැයි විමසීය. මම කෙළෙස් නැසූ අනන්තජින වෙමියි බුදුන් 
			වහන්සේ වදාළහ.  |