කවි සංකල්පනා
****
මා යන්න සූදානම්
ඇසෙහි කඳුළක්
හද රඳවාගෙන
හදේ වැලැපුම
මදහසක් කරමින්
කෙටි මිහිරි ඇසුරකට
සමු දෙමින්
දිග සුසුම් තිත තබලා
මා යන්න සූදානම්
දිගු මතකයක
කෙටි තිතක් වීලා
හිමි අහිමි දෑ
හද කොනක රඳවන්
නුබටවත් නොදැනී
හෙමින් සැඟව යන
සඳ මඩල වාගේ
මා යන්න සූදානම්
ර.මු. රණසිංහ
****
ජීවිත උයනේ සිට ...
උයන් පල්ලෝ මල් වවත්
අපි පැමිණ ආස්වාදය කරමු
කුරුලු රෑන් විත් ගී ගයත්
අප වටා ඉගිලෙමින්
ඔවුන් ගේ ගී ශෝක ගී මුත්
අපි ලබන්නමෝ සතුට සොම්නස එයින්
අඩ සියවසක් ආසන්නයට විත් සිටිමි
අඩ සියවසක ළදරුවෙකි වසන මා තුළ
නොවැඩෙනා ළදරුවකු වීමත්
සැබැවින් ම වාසනාවෙක් දැයි
මගෙන් විමසමි ළදරුවකු සේ මම
අපි ගමන් කරමු ද නො එ සේ ව
කාලය අප මඟ දමා යත් දැ යි
නො දත හැක්කේ ම ය
නො දත හැක්කේ ම ය
සිතිවිලි වලාකුළු ඇදී ඇදී යයි
ඈත ම ඈතට අවකාශයේ
සුදු ද කළු ද වෙති
එලෙස ඇදී යන වලාවෝ
ළදරුවෝ කෙළිති මා අසුන
අසල ම වී මෙ උයන් කෙළවර
පාපය - අපාපය නොතැවරුණු
ඔවුන් ගේ සුපිරිසුදු හඬ
මා හද සුවපත් කරවාලමින්
ගලා යන යුරු අසිරිමත් වේ ම ය සැබැවින්
කටු අනින සීතල ගලා එන බව කියා පාමින්
සිසිල් සුළඟක් හමා යයි
වයස් ගත වී බෙලහීන වූ හිරු එබෙයි
සිහිල් වූ රුක්ගොමු අතරතින්
මණ්ඩාවල පඤ්ඤාවංස හිමි
පැරිසියේ සිට
****
ආපසු බැලීමි
වැටී වැටී ආ මඟ
ගිරග මුදුනට
රංචුවෙන් මිදී
එකලා ව ම
ඔටුනු දරන තණ්හාවෙන්
දුක් ම විඳ
මගේම කඳුළු දහඩියෙන්
තැනූ සිරගෙය තුළ හිඳ
පැලඳ ගත් සිනාවෙන්
ආචාර කරමි
ගිරි පාමුල වෙත
මහා තනිකම ගැන
පැවසිය හැකි ද කා හට
බොහෝ අය තරණය කරන්නට
තැත් දරති ගිරි හිස
ඔවුන් දන්නවා නම්
ගිරග තනිකම
කිත්සිරි කොතලාවල
****
වෙන්වීම
වසත් සුළඟින් සැලී
කෝපි මල් ඇස් හරින හැම දා ම
උයන් තෙර සක්මනෙහි
මුණ ගැසෙයි ඔබ මට
සිනිඳු පෙති විසුරන
සරත් කල දැඩි සුළගේ
ඔබ දකිනු රිසියෙමි
ඒ උයන් තෙර කොතැන හෝ
වසත් සුළඟට අමතක
පිපී මැලැවුණු මල් පෙති
සෝ බර ව තණ පත් වැලැඳ ගෙන
ඒ උයනෙහි ඔබ නැත
සුධර්මා සුභාෂිණී
****
එදා සිනමාසල තිබුණු බිම ...
එදා සිනමාසලෙක නටබුන්
මදින් මද මතුවන බිමෙකි ඒ
ශෘංගාර හාස්‍යාදි නව රස
විසුළ තැන අද නිවුණු අරණෙකි
පැතිරි මඳ අඳුරට මුසුව ගිය
අනෙක අනුරා රැඟුම් ඇර පෑ
එ බිම අද වනපස කුසුම් රැස
මැලැවෙමිනි දෙන ඉඟිය විමසමි
නො එක නළු නිළි කැලන් මතු වී
සියලු රුපුනො’ද බිඳැර වැළැඳූ
දිවි පලය මියුරු දැයි විමසන
දාගැඹුරු ම හුදෙකලාවෙකි එහි
හිරු එළිය, වැසි පිනි ද පවන ද
උරා බී සඳකැනෙහි සිහිල ද
රිසි විලස නෙදිසා බලා නැ¼ගි
නිලන අතුපතරෙහි ශාන්තිය
වොරැඳී සිනමාගාරයෙකි එහි!
නන්දන වීරසිංහ
****
හොර ගසේ පාඩම
අර බලන් පිය බද
කීන දොඹ නා තුරු මැද
බ ැදි උඩු වියන් නුබ ගැබ
තුංග හොර ගස් පෙළ
උපද්දා නව බිජුවට
ලබා දී අත්තටු
වනඳුරෙන් මිදෙන්නට
උගන්වා දරු පරපුරට
පාව ගොස් උඩු සුළගේ
අලුත් බිම් කඩක
රෝපණය වන්නට
ලබා දී ඇති නිදහස
රංජිත් මල්ලියාවඩු
****
දුම්
හිරු
මිය ගොස් තිබිණ
හමාර ව
මෙහෙවර
ආදාහනාගාරයේ
දුම් රොටු
නැෙ¼ගත්
ඉහළට
ඉහළට
කෙමෙන්
මුසු වී
වා ගැබට
සැණෙන්
නො පෙනී
යයි
නිරෝෂ කරුණාරත්න
****
ධන කුවේරයකුට
මහලින්
මහල
ඉදි කරයි
ඔබ
නිවස
පහත මාලයටත්
යට
කොතැනක හෝ
ඇති
ඔබට
හිමි
සිවු රියන
වසන්ත පි‍්‍රයංකර - නිවුන් හැල්ල
|