කේශ ධාතුන් වහන්සේ රුහුණු පුරවරයට වැඩම වූ වගයි
බංග්ලාදේශයේ චිතගොන් විහාරයේ සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට
වැඩම කරවා එහි තැන්පත් කර තිබෙන සර්වඥකේශ ධාතුන් වහන්සේ ඉකුත් දා
ගංගාරාමයේ සිට ජනාධිපති මන්දිරයට වැඩම කිරීමෙන් අනතුරුව ජනාධිපති
මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එම කේශ ධාතුන් වහන්සේ වන්දනා කරන
ලදී.අනතුරුව කළුතර බෝධිය අලුත්ගම කන්දේ විහාරය ගාල්ල ඔස්සේ මාතර බෝධිය
වෙත කේශධාතුන් වහන්සේ රැගත් රථ පෙරහර පැමිණ මහජනයාට වන්දනා කිරීමට යොමු
කළහ.
ඉතිරිය»
ආටානාටිය සූත්‍රායන් කියවෙන්නේ යකුන් එළවීමක් ගැනද ?
එදා මෙන්ම අදත් පිරිත් දේශනා අවස්ථාවලදීී අටානාටිය සූත්‍රය දේශනා
කරන අවස්ථාව කාගේත් විශේෂ අවධානයට භාජනය ලක් වේ. එයට හේතුව බොහෝ පිරිස්
අතර මෙම සූත්‍රය දේශනා කරන විට නිවසේ සිටින අමනුෂ්‍ය කොටස් ගෙන්වා
එළවනවා යැයි මතයක් පැවතීමයි. මේ නිසා කුඩා දරුවන් පමණක් නොව
වැඩිහිටියන් පවා එම වෙලාවේදී එළියට පහළියට බසිනු දක්නට ලැබෙනුයේ ඉතා
කලාතුරකිනි. සැබවින්ම මෙම සූත්‍රය තුළින් කියවෙන්නේ යකුන් එළවීමක් ගැනද
යන්න විමසා බැලීම ඉතා වැදගත් වේ. මෙහිදී මෙම ප්‍රශ්නයට විවිධ විද්වතුන්
දැක්වූ අදහස් මෙහි දැක්වේ.
ඉතිරිය» ධර්ම දේශනාව: මනස සුවපත් කරන විරාගය
කාරුණික පින්වත්නි,
සංයුත්ත නිකායේ ඛන්ධක වර්ගයේ රාධ සංයුත්තයෙහි, පඨම මාර වර්ගයේ ඡන්ද රාග
සූත්‍රයේ සඳහන් උතුම් ධර්ම කොටසක් ඉහත සඳහන් කෙරිණි. තථාගත භාග්‍යවතුන්
වහන්සේ සැවත්නුවරදී රාධ තෙරුන් වහන්සේට මෙම ඡන්දරාග, සූත්‍රය වදාළහ.
“රාධ, රූපයෙහි යම් ඡන්දයෙක්, යම් රාගයෙක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්
ඇත්ද එය දුරු කරවු. මෙසේ එම රූපය සිතින් ඉවත් කිරීමෙන් මුලින්ම උදුරා
දමන ලද හා හිස සුන් තල් ගසක් මෙන් නැවත නොඉපදෙන්නේය. මේ ආකාරයෙන්
වේදනාවේද සඤ්ඤාවේද, සංඛාරයෙහිද, විඤ්ඤාණයෙහි ද ඇලීම හා බැඳීම මතු හට
නොගන්නා ලෙස දුරු කළ යුතු බව මෙම සූත්‍ර දේශනාවෙහි පෙන්වා දී ඇත.
ඉතිරිය»
ලොව පළමු බුද්ධ ප්‍රතිමාව
දෙවැනි සේන රජතුමා (ක්‍රිව 851 -885) සමාධි පිළිම මන්දිරය පිළිසකර කළ
අතර රජබිසව එහි අගනා නිල් පැහැති මේල පළඳනාවක් ප්‍රතිමාවට පූජාකර ඇත.
(මහාවංසය 11 77.78) මෙම සමාධි පිළිමය විවිධ නාම වලින් මූලාශ්‍රවල
හඳුන්වා දී ඇත. එනම් මහා ශිලාපට්මා, ශීල පට්ටා, උරුශිලාපට්ටා, ශීල
සන්ථු, ශීලමය බුද්ධ, ශීලමය මුනින්ද සහ ශීලමය මහේෂි. මේ අන්දමට විස්තර
වන අන් කිසිදු බුද්ධ ප්‍රතිමාවක් අනුරාධපුර, පොළොන්නරුව හෝ මාගම නොතිබූ
බැවින් මෙසේ වංශ කථා මූලාශ්‍ර වල සඳහන් ප්‍රතිමාව සැකයකින් තොරව
ක්‍රි.පූ තෙවැනි සියවස මූර්තිමත් කළ ලොව පළමු බුද්ධ ප්‍රතිමාව වූ
අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාවම වේ. (මහාවංශ
xxxvi 129 -
xxxvii 123 -
xxxviii 61-
xxxix 7 -
xlir 68 -
xli 77 )
ඉතිරිය»
|