අසම සම
ශාස්තෘවරයාණෝ
ගීතාන් රංගන හෙට්ටිආරච්චි
කලින් කලට ලෝකයේ බලවත් වූ අධිරාජ්‍යයන් හා ශිෂ්ටාචාරයන්ද සමඟම එම
ශිෂ්ටාචාරය තුල මුල් බැස ගෙන තිබූ ආගම් දර්ශනයන්ද ඒ හා සම්බන්ධ විවිධ
වූ සංස්කෘතින්ද බලවත් වී ව්‍යාප්ත වීමද සිදුවිය. අශෝක අධිරාජ්‍යය සමයේ
ලෝකයේ විවිධ ප්‍රදේශ නවයකට බුදුදහමේ පණිවුඩය රැගත් ධර්ම දූතයන් යැවීම
ඊට එක් නිදසුනකි. පසුගිය සියවස් හතර හමාරක පමණ කාලය තුළ එකිනෙකා
පරයමින් අධිරාජ්‍යය ගොඩනැංවීමට උත්සාහ කළ පෘතුගීසි, ලන්්දේසි,
ඉංගී‍්‍රසි ජාතීන්ගේ ආක්‍රමණත් සමගම කිතු දහම ලොව පුරා ව්‍යාප්ත වීම
තවත් නිදසුනකි. මේ අයුරින් බලන කල ලෝකය පිළිබඳව, ලෝකයේ පැවැත්ම හා
අවසානය පිළිබඳව, මනුෂ්‍ය හා සත්වයන් පිළිබඳව, ඔවුන්ගේ පැවැත්ම හා
අවසානය පිළිබඳව, එකිනෙකාට සපුරා වෙනස් වූ මතවාදයන් දැරූ ආගම් හා
දර්ශනයන් බොහෝ ගණනක් අතීතයේ සිට පැවත එයි. එහෙත් බුදුදහම හැර අනෙකුත්
සෑම ආගමක්ම කර්ම බලයෙන් සියල්ල සිදුවේය, දේව බලයකින් සියල්ල සිදුවේය,
කිසිවෙකුගේ මෙහෙයවීමක් නොමැතිව ඉබේම සියල්ල සිදුවේය යන අදහස් තුනෙන්
එකක් දැරූ බව පැහැදිලි සත්‍යයකි. මෙයට වසර දෙදහස් පන්සිය පනස් එකකට පමණ
පෙර ගෞතම බුදුන් වහන්සේ ඉදිරිපත් කළ දර්ශනය සමකාලීන ඉගැන්වීම් හා
දර්ශනයන් අතර ඉඳුරාම වෙනස් මඟක් ගත් දර්ශනයක් විය.
පන්තිස් වන වියට එළඹි සිදදුහත්වෙසක් හඳීන් ලොව එකලු කළ වෙසක් මස පුන්
පොහෝ දින රාත්‍රී ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඤාණය නම් වූ
සියලු සත්ත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණද, මධ්‍යම යාමේදී
චුතුපපාත ඥාන නම් වූ සියලු සත්ත්වයන්ගේ් චුති උප්පත්ති සිදුවන ආකාරය
දන්නා නුවණ ද, රාත්‍රී පශ්විම යාමේදී ආසවක්‍ය ඤාණ නම් වූ සියලු දෙය ඇති
සැටියෙන් දන්නා නුවණ සමඟම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන
ලෝකෝත්තර මාර්ග ඥාන උපදවා ගයාවේ ඇසතු නම් බෝරුක මුලදී දස කෙලෙස් මරුන්
පරදවා ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. ස්වකීය වීර්යයෙන්ම අවබෝධ
කරගත් ගැඹුරු දහම ලෝ දනන් හට අවබෝධ කළ හැකි දෝයි ඇති වූ සැකය මැඩගෙන
‘සහම්පතී’ බ්‍රහ්ම රාජයාණන් විසින් කළ ආරාධනය ඉවසා වදාරා මංගල ධර්ම
දේශනය පැවැත්වීමට සුදුසු ස්කු ඇද්දැයි සෙවූ සේක. තමන්ට දුෂ්කර ක්‍රියා
සමයෙහි බොහෝ උපකාර කළ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්වග
මහණුන් හට ඉසිපතනේ මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන
සූත්‍ර දේශනාවෙන් ධර්මය දේශනා කොට වදාළ සේක. බුදුරදුන්ගේ ගැඹුරු ධර්මය
අවබෝධ කරගත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ නම් ප්‍රථම මාර්ගඵලලාභියා
ලොවට බිහිවන්නේ් මෙම දේශනාවසානයේදීය. එතැන් සිට පුරා පන්සාළිස් වසක්
මුළුල්ලෙහි බුදුරදුන් අමාදම් බෙරය වයමින්, ගම් දනව් සැරිසරමින්, සසර
සයුරේ ගිලුණ සත්වයින් ඉන් ගලවා ඔවුන්ට විමුක්ති මඟ සරිකර දුන්හ.
උන්වහන්සේ ලොවට දුන් සදහම් පණිවුඩය මැනවින් පසක් කළ ගණනින් ප්‍රමාණ
නොකළ හැකි සත්ත්වයෝ විමුක්ති රසයෙන් ඇලලී සැනසීම ලැබූහ. යම් සේ සෑම
දිශාවකින්ම ගලන ලොකු කුඩා අතු ගංගා අවසානයේ මහ සයුරට එක්ව එකම ලවන
රසයෙන් යුක්ත වන්නා සේ, බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍යය, ක්ෂුද්‍ර ආදී
වූ සමාජයේ විවිධ ස්ථිර නියෝජනය කළ එකල සිටි බොහෝ දෙනා උතුම් වූ ආර්ය
ශීල ප්‍රතිපදාව දරමින් උන්වහන්සේගේ් ශාසනයේ පැවිදිව සංසාර දුක කෙළවර කර
ගත්හ. ආනන්ද, නන්ද, භගු, කිම්භල වැනි ඉසුරුමත් ජීවිත ගත කළ රජදරුවෝ ඒ
අතර වූහ. සාරිපුත්ත, මොග්ගල්ලාන වන්නෝ බමුණු කුලයෙන් පැවිදිව
උන්වහන්සේගේ් ශාසනයෙහි අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබූහ. සුනීත, සෝපාක වැනි
පහත් යැයි සම්මත කුලවල ඉපිද සමාජ අසාධාරණයට ලක් වී සිටි දරුවන්ටත්, තම
පුතු වූ රහල් කුමරුන්ටත් උන්වහන්සේ දැක්වූයේ සමාන කරුණාවකි. තම
සැමියාගේත්, දරුවන්ගේත් වියෝවෙන් උන්මත්තකවූ කිසාගෝතමී, පටාචාරා වැන්නෝ
උන් වහන්සේ නිසා සැනසුම ලැබුවාය. පියාගේ මසුරුකමින් මරාණාසන්නව සිටි
මට්ටකුණ්ඩලී වැන්නෝ සුගතිගාමී වූහ. ගම් දනව් සැරසරමින්, මිනී මරමින්
සිටි අංගුලිමාල නම් මිනීමරුවා ‘මම නැවතී සිටිමි. ඔබත් නවතින්න’ යන
ශාන්ත ප්‍රණීත වචනයෙන් අංගුලිමාල මහරහතන් වහන්සේ බවට පත්විය. වරෙක
දුනුවායන් මෙහෙයවමින්ද වරෙක රා පෙව් ඇතකු මෙහෙයවමින්ද තමන් නසන්නට
උත්සුක වූ දේවදත්තයන් පිළිබඳව උන්වහන්සේ තුළ වූයේ සම සිතකි. සම
කරුණාවකි. බුදුරදුන් කිසි විටෙක අටලෝ දහමෙහි කම්පා නොවූහ. අනේපිඬු
සිටුතුමා, විශාඛා, කොසෙල් රජ වැන්නවුන්ගේ ප්‍රණීත දානයන් සේම දුප්පත්
ගොවියාගේ දානයද උන්වහන්සේ සම සිතින් වැළඳූහ. වරෙක ජේතවනාරාමයේ භික්ෂූ
සංඝයා පිරිවරා හිඳ අග්‍ර උපස්ථායක වූ අනඳ තෙරුන්ගෙන් උපස්ථාන ලබමින්ද,
වරෙක හුදෙකලාවම ඇතුගේ උපස්ථානයෙන් පරිල්‍යෙය වනයේ හිදිමින්ද උන් වහන්සේ
සම සිතින් කල් යැවූහ.
උන් වහන්සේ දත යුතු සියල්ල දැනගත් සේක. අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ
කළහ. එමෙන්ම කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව සකල ලෝක සත්ත්වයා හට
අනුකම්පාවෙන් දේශනා කළ යුතු සියල්ල දේශනා කළහ. උන්වහන්සේ සර්වඥ වූ සේක.
මිනිස් ලෝ වැසි දනන් සේම, සදෙව් ලෝක වාසී වූ දෙවියෝද, රූප අරූප තලවල
සිටි බ්‍රහ්මයෝද, විවිධ පැන විසදාා ගැනීමට උන්වහන්සේ කරා අවේ ගුරුවරයකු
ලෙස සලකමිනි. අරි අටඟි මඟ හා චතුස්සන්‍ය පාදක කරගත් උන්වහන්සේගේ
ගැඹුරු දහම ප්‍රතිවේද කර නිවන් පුර දොරටු ඇරගත් අරහත් ධජය දැරුවෝ දහස්
ගණනකි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ආදී වූ අවශේෂ මාර්ග ඵලයන්ට පැමිණි
ගණනින් ප්‍රමාණ කළ හැකි නොවීය. මෙලොව උපන් සෑම සත්වයකුටම උරුම වන ජාති,
ජරා, මරණ යන මේ විපරිණාමය උන්වහන්සේටද හිමිව තිබිණි. පන්සාළිස් වසක්
පුරා ලෝක සත්ත්වයා සංසාර සාගරයෙන් එතෙර කරවමින් බුද්ධ කෘත්‍ය සම්පූර්ණ
කර සිටි උන්වහන්සේ ඒ වන විට අසූවන වියට එළඹ සිටියහ. ‘මහණෙනි, ඔබ හැමට
කරුණාවෙන් කියමි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. නොපමාව කුසලයෙහි
හැසිරෙව්’ යන්න උන් වහන්සේගේ අවසන් බුදු වදන විය. උන් වහන්සේ එහි පනවා
තිබූ පිරිනිවන් මංචකයෙහි වැඩ හිඳ පිළිවෙළින් ප්‍රථම ධ්‍යානය සිට චතුර්ථ
ධ්‍යානය දක්වාත්, චතුර්ථ ධාන්‍යයේ සිට ප්‍රථම ධ්‍යානය දක්වාත්, අනුලෝම
ප්‍රතිලෝම වශයෙන් සමවැදී ඉන් නැගී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන්
පිරිනිවන් පා වදාළ සේක. පන්සාළිස් වසක් පුරා තුන් ලෝ එකලු කළ සම්බුදු
පහන නිවී ගියේය.
ගිණිය නොහැකි තරම් වූ අති දීර්ඝ කාල පරාසයක් දැක්වීමට බුදුහු කල්පය යන
සංකල්පය භාවිත කළහ. යමෙකු දිග, පළල, උස, යොදුන බැගින් වූ භාජනයක් ගෙන
ඊට අබ පුරවා වර්ෂ සීයකට වරක් එක අබ ඇටයක් බැගින් ඉවත් කර භාජනයේ අබ
අවසන් වුවද කල්පය ශේෂව පවත්නා බව උන්වහන්සේ වදාළ සේක. අන්තඞ කල්පය,
අසංඛ්‍ය කල්පය, මහා කල්පය, යැයි කල්ප තුනකි. අසංඛ්‍ය කල්පයක ප්‍රමාණය
අන්තඞ කල්ප විස්සකි. සංවර්ථය, සංවර්ථස්ථායි විවර්ථය, විවර්ථස්ථායි යයි
අසංඛ්‍ය කල්ප හතරකි. ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ අති දීර්ඝ
කාලයකට වරක් මේ මහා පොලොව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍රහ්ම ලෝකත් සමඟ විනාශ
වෙයි. ලෝකය වරක් විනාශ වී යෑමටත් අති දීර්ඝ කාලයක් ගතවේ. ලෝකය නැසෙමින්
පවත්නා කාලය සංවර්ත කල්ප නම් වේ. ලෝකය විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගත
වූ කාලය තරම් කාලයක් හිිස්ව පවතී. ඒ කාලය සංවර්තස්ථායි කල්ප නම් වේ.
නැවත ලෝකය මදින් මද හැදෙන්නට පටන් ගනී. ලෝකය හැදී සම්පූර්ණ වීමට ගතවන
කාලය විවර්ත කල්ප නම් වේ. ලෝකය සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන්
ගැනීම දක්වා පවතින කාලය විවර්තස්ථායි නම් වේ. අසංඛ්‍ය කල්ප සතර එක් මහා
කල්පයකි. (උපුටා ගැනීම අභිධර්ම මාර්ගය - රේරුකානේ චන්දවිමල හිමි)
සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ මින් විවර්තස්ථාය නම් අවස්ථාවේ
පමණක් බව දැක්වේ. එක් මහා කල්පයක සාමාන්‍යයෙන් පහළ වන්නේ බුදුවරයින්
සතර නමක් වුවත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරයන් වහන්සේලා
පහළ වූ අනාගතයේ මෛත්‍රීය නම් බුදු කෙනෙකුන් පහළ වන්නා වූ මෙම කල්පය මහා
භද්‍ර කල්ප නම් වූ සුවිශේෂි කල්පයකි. ගත වී ගිය අතීත කල්පවල ගිණිය
නොහැකි තරම් බුදුවරු පහළ වී සිටියහ. මතු අනාගතයෙහිද පහළ වන්නාහ. මෙම
කල්ප පිළිබඳ හැඳින්වීම මා ඉදිරිපත් කිරීමට අදහස් කළේ වෙනත් වෙනත්
මතවාදයන් හා ආගම් දර්ශනයන් අතර බුදුදහම යනු කොතරම් දුර්ලභ සුවිශේෂ
දර්ශනයක් දැයි ඔබට ඒත්තු ගන්වනු පිණිසය. බුද්ධෝත්පාද කාලයක ඉපිදී
සිටින, බුදුරදුන් ජීවමානව නැතත් ශ්‍රී සද්ධර්මය තවමත් පවත්නා මෙකල
සිටින බොහෝ දෙනෙක් මෙම අතිශයින් දුර්ලභ ගැඹුරු දහමේ වටිනාකම හරිහැටි
අවබෝධ කරගෙන ඇද්දැයි සිතා බැලිය යුතුවේ. චතුරාර්ය සත්‍ය යනු විශ්වයේ
සදාතනිකව පවත්නා සත්‍යයයි. එය බොහෝ කලක් යටපත්ව තිබී වරින් වර
බුදුවරයන් විසින් ස්වකීය ඤාණයෙන්ම අවබෝධ කරගෙන ලොවට දේශනා කරන්නකි.
මෙයින් හැ¼ගී යන්නේ මෙකල සුලභ වුවත්, අතිශයින්ම දුර්ලභව දැන ගන්නට
ලැබෙන මෙම නිර්මල දහම් පණිවුඩය හරිහැටි දකින්නට වටහා ගන්නට අපි වහා වහා
උත්සුක විය යුතු බවයි. බුදුන් අසහාය ශාස්තෘවරයෙකු වන්නේ අතිශයින් දිගු
දුරක් පැමිණෙන තමන් දුටු විමුක්ති මාර්ගය අනන්‍යන්හටද එලෙසම පෙන් වූ
බැවිනි. සුවහසක් ලෝ දනන් හට තමන් වහන්සේ අත්දුටු විමුක්ති රසය
එලෙසින්ම ළඟා කර දුන් බැවිනි.
ආගම් ශාස්තෘවරයකු, එසේත් නැතිනම් නායකයෙකු ලෙස ගත්කල උන්වහන්සේ තුළ වූ
මහා කරුණාව කැටි කර ගත් අති මහත් වූ ගුණ සමුදාය සම කළහැකි අයෙක්
මිහිපිට හෝ තුන්ලොවෙහිම නොවීය. සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා පෙරූ
පාරමී දම් බලෙන් උන් වහන්සේ තුළ වූ කරුණාව අසම සම විය. මහා කරුණා
සමාපත්ති ඤාණ නම් වූ බුදුවරුන්ටම සුවිශේෂ වූ ඤාණ විශේෂයක් ඇත්තේය.
එයින් අලුයම නැගිට ලොව බලා වදාරණ උන්වහන්සේගේ කරුණා අසෙහි දැවටුණු යම්
දුකට පත් සත්ත්වයෙකු වේ නම්, ඔහු වෙත එළඹ පිහිට වන සේක. අංගුලිමාල,
මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා වැන්නෝ දිනපතා සිරිතක් වශයෙන් කළ එම කාර්යයෙන්
සැනසුම ලැබූ පිරිසෙන් අතළොස්සකි. රජ, සිටු මැති ඇමැතිවරුන්ටත් වඩා
සොරුන්, දුගීන්, ගණිකාවන්, කසළ ශෝධකයන්, මෙහෙකරුවන් වැනි වූ පරපීඩනයට
ලක්ව සිටි සමාජ කොටස්කරුවෝ බුදු සමයන් නිසිඵල ලැබ ගත්හ. රාගය ප්‍රහීනය
කළ, ද්වේශ ප්‍රහීණ කළ, මෝහය ප්‍රහීනය කළ උන්වහන්සේ තරාතිරමක් නොබලා
සියලු දෙනා හටම දුකට පිහිට වූහ. යමෙක් සසර කතරින් එතෙර වනු පිණිස කුසලය
සම්පූර්ණ කර සිටියේද ඒ තැනැත්තා සොයා රෑ දවල් අව්වැසි නොබලා දුරු කතර
ගෙවා වැඩම කළ සේක.
උරුවෙල කාශ්‍යප හා පිරිස දහමෙහි පහදවා නිවන් පුර දොරටු ඇරගන්නා තෙක්
උන් වහන්සේ සති ගණන් වෙහෙස වූ අයුරු බුදු සිරිතේ සඳහන්ය. අලව් යකු දමනය
කිරීමට උන්වහන්සේට ඔහුගේ බසට අවනත වීමට සිදුවිය. ඒ කිසිදු
අවස්ථාවකදීවත් තම වෙහෙස මහන්සිය නොබලා සත්ත්වයින් හට සම මෙතින්, සම
සිතින් විමුක්තිය උදාකර දුන්හ. උන්වහන්සේ දිනකට සැතපී විවේක ගත්තේ පැය
දෙකක කාලයක් පමණි. දිනයේ ඉතිරි මුළු කාලයම සත්ත්වයින් සොයා ගොස් ඔවුනට
පිහිට වෙමින් ධර්ම දේශනා පවත්වමින්, විවිධ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට
තමන් කරා පැමිණි මිනිස් දෙව්, බඹ සමූහයට අවවාද, අනුශාසනා කරමින්, තමන්
සොයා ගත් සදහම් ඔසුවෙන් සත් හට වන් බව දුකට වෙදැදුරකු සේ වෙදකම් කළහ.
බුදුරදුන් යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී ගුණයෙන් යුතු වූහ. තමන්ට
රහත් බව ඇතැයි කියාගත් ඇතැම් බමුණන් හා විවිධ වූ සිද්ධීන්, ශක්තීන්,
බලයන් ඇති බව පෙන්වමින් අනුගාමිකයන් රඳවා තබා ගත් ඇතැම් තීර්තකයන්ගේ
සැබෑ තත්ත්වය අවබෝධ කරගත් එම අනුගාමිකයන් බුදු සමය වැලඳ ගන්නේ මේ උතුම්
ගුණය නිසාවෙනි. අන්‍ය ශාස්තෘන් වෙත එළඹ සිටි අනුගාමිකයන් උන් වහන්සේගේ්
ගැඹුරු ධර්මයෙහි පැහැද බුදු සව්වෙකු වූවා මිස කිසිම විටෙක ස්වකීය බලය
පෙන්වා තමන් වෙත අන්‍ය ශ්‍රාවකයන් නම්මවා නොගැනීම උන්වහන්සේ තුළ වූ
අද්විතීය ලක්ෂණයක් විය. ‘මේ දර්ශනයම පිළිගත යුතුය, අප හැර අන්
තීර්තකයන්ට හෝ ශාස්තෘන්ට අනුග්‍රහ නොකළ යුතුය’ වැනි වූ අන් සමාජයන්වල
දක්නට ලැබෙන බන්ධන, තහංචි බුදු සමයේ නොවීය. එය පරම අවිහිංසාවාදය පදනම
කරගත්් නිදහස් චින්තනයක්ම විය. කැමති කෙනෙකුට සොයා බලා බුදු සමය පිළිගත
හැකි විය. මේ ලක්ෂණය නිසාම සමකාලීන ශාස්තෘන් වූ පූර්ණ කස්සප, මක්ඛලී
ගෝසාල, අජිත කේෂකම්බලි වැන්නවුන් ඉදිරිපත් කළ නියති වාදය, අමරා
විෙක්‍ඛපවාදය, අකිරිය වාදය වැනි සමයයන් යටපත් කර බුදු දහම නැගී
සිටියේය. එය මුළුමහත් දඹදිව් තලය පුරා වේගයෙන් පැතිර ගියේය. අප විසින්
දෙනු ලබන පූජාවක හෝ දානයක උසස් බව තීරණය වන්නේ් එය පිළිගන්නවුන්ගේ ඇති
සුදුසුකම් වල උස් මිටි බව අනුවය. දක්ෂිණාර්භාවය යැයි හඳුන්වන ලද මේ
ගුණයෙන් බුදුහු අග්‍ර දක්ඛිණ්‍යෙය වූහ. බුදුනට පමණක් නොව බුදු සව්වන්ට
පවා පුදන ලද දක්ෂිණාවල බල මහිමයෙන් මෙලොවදීම එහි ඵල වශයෙන් ලෞකික සැප
සම්පත් විඳ සුගතිගාමි වූවෝ එකල විසූහ.
බුදුරදුන් මඟ පෙන්වන ගුරුවරයෙකු පමණක් වූහ. මේ කුසලය, මේ සුගතියට මගය,
මේ අකුසලය, මේ දුගතියට මගය, මේ නිවනට මගය, යැයි උන්වහන්සේ ඉති
නිවැරැදිව මඟ ෙපන්වා දුන්හ. එය පිළිපැද එහි හැසිර විමුක්තිව සලසා ගැනීම
තම තමන්ගේ කාර්යභාරයකැයි උන් වහන්සේ පැහැදිලිව වදාළහ.
උන් වහන්සේගේ දහම අනිත්‍යය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පදනම් කර
ගත්තක් විය . මේ විශ්වය තුළ නිත්‍ය වූ කිසිවක්, නිත්‍ය වූ නිසා සැප
යැයි ගතහැකි කිසිවක්, ආත්ම යැයි ගත හැති කිසිවක් උන් වහන්සේ නොදුටු
සේක. මේ සදාතන සත්‍යය ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම දැන සිටි උන්වහන්සේ ශීලයෙන්
සමාධියත් සමාධියෙන් ප්‍රඥාවත් වඩා විමුක්තිය හා කර ගත හැකි ආකාරය පහදා
දුන්හ.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත , සම්මා ආජීව,
සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි වශයෙන් දැක්වෙන්නේ ශීලය, සමාධිය,
ප්‍රඥාව වඩවන අංග අටකින් යුතු වූ ආර්ය ශීල ප්‍රතිපදාවයි. ශීලය යනු කය
වචන දෙකෙහි සංවරය ලෙස අර්ථ දැක්වේ. සමාජයේ වෙසෙන්නෝ නොයෙක් දුසිරිත් දෑ
කරති. තමන් ජීවත් වන ලෝකයේම ජීවත් වන අහිංසක තිරිසන් සතුන් මරා මස්කර
ආහාරයට ගනිති. සොරකම් කරති. බොරු කියති. කේලාම් කියා එකිනෙකා විඳවති.
පරුෂ වචනයෙන් බැන වදිති. හිස් වචන කියති. පරපුරුෂයන් පර ස්ත්‍රීන්
සේවනය කරති. රහමෙර පානය කර සිහි විකල් කර ගනිති. තවත් කෙනෙක් පර පණ
නැසීම හානිදායකය. සොරකම, බොරුව, කේලම, හිස් වචන කීම, රහමෙර පානය භයානක
ප්‍රතිඵල ගෙන දෙන්නේය සිතා එයින් වැලකිනි. ඉහත සඳහන් කළ නොකල සියලු
ක්‍රියා කායකර්ම, වචීකර්ම , මනංකර්ම ලෙස වර්ග තුනකට බෙදිය හැකිය. එහෙත්
අවසානයේ මෙම කර්ම සියල්ලම මනස මුල්වීමෙන් සිදුකරන ක්‍රියා බව පෙනීයයි.
ලෝකය පවතින්නේ අන් කිසි තැනක නොව බඹයක් තරම් වූ තමා තුලම යැයි බුදුන්
වහන්සේ වරෙක වදාළහ. ඒ අනුව බලන කල ලෝකය ගොඩනැගෙන්නේද මනස මුල්වීමෙනි.
ඉහත සඳහන් කළ අවස්ථා දෙක හොඳින් සලකා බැලුවහොත් මෙය එකම සිත දෙයාකාරයකට
ක්‍රියා කිරීමෙන් හටගන්නා හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාවක් බව පැහැදිලි
වේ. ඉහත කී දෙවන ක්‍රමය අනුව මනස සකස්කර ගැනීමට බුදුන් වදාළ ශීල
ගුණයෙහි පිහිටීමත්, පරපණ නොනැසීම, සොරකම් නොකිරීම, කාම මිථ්‍යාචාරයේ
නොයෙදීම , සුරාව සූදුව අත් හැරීම , බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන
නොකීම යන මේවා සම්පූර්ණ වනු සමගම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා
ආජීව, සම්මා සංකප්ප, යනාදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුලත්ව තිබෙන
අංගයෝද එකිනෙක සම්පූර්ණ වෙති. කය වචන දෙක සංවර කරගෙන ශිලයෙන් පිරිසුදු
වූ තැනැත්තාට ජිවිතයේ යථා තත්ත්වය පෙනෙන්නට පටන් ගනී.
ජීවිතයේ දුක හා අනියත බව පිරිසිඳ ජීවිතයේ යථා තත්වය පෙනෙන්නට පටන් ගනී.
ජීවිතයේ දුක හා අනියත බව පිරිසිඳ දැනගන්නා ඔහු ඉන් මිදීමේ මග සොයන්නකු
බවට පත්වේ. ක්‍රමයෙන් තම චිත්තය කෙලෙසුන් කෙරෙන් දුරු කර ගනිත්ම සමාධි
ගත වන සිත ප්‍රඥාවෙන් විමුක්තිය කරා මෙහෙයවීම මෙහි අවසානයයි. මෙසේ වූ
තැනැත්තා හට සක්කාය දිට්ඨි, විචිකිච්චා , සීලබ්බතපරාමාස, කාමරාග ,
පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා යන දස සංයෝජන
බන්ධනයන්ගෙන් මිදී සෝවාන්, සකෘදාගාමි අනාගාමී තත්වයන් පසු කර අරහත්
තත්ත්වයට පත්විය හැකිය. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් යන මාර්ග
ඵලාවබෝධයේදී සිදුවන්නේ යම් ප්‍රත්‍යක්ෂ අවබෝධයකට සිත පත්වීමයි. එම
පත්වීමත් සමගම ඒ දක්වා පැවති කෙලෙසුන් කෙරේ ඇලෙන ගතිය සම්පූර්ණයෙන්ම
දුරුවී සිත ක්ලේශාවරණයෙන් මිදේ. ලෝක සත්වයා වෙලී පැටලී සිටින මේ මහා
බියකරු මායාවෙන් මිදෙන එකම මඟ ඉහත සඳහන් කළ නිවන් මාර්ගයම බව සෑම විටම
උන් වහන්සේ අවධාරණය කළේ එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන සිටි බැවිනි.
විවිධ ගැටලු නිරාකරණය කර ගැනීමට නානාදේශ වලින් නොයෙක් තරාතිරමේ
පුද්ගලයෝ උන් වහන්සේ හමුවීමට පැමිණියහ. ඒ අතර රාජ රාජ මහා අමාත්‍යවරු
සිටියහ. සිටුවරු සිටියහ. දුප්පත් ගොවීන්, සන්නාලියන්, මං පහරන්නන්,
මිනී මරුවන්, සොරුන් ආදි මෙකී නොකී සමාජ ස්ථරයන්ට අයත් වූවෝ වූහ.
බුදුරදුන් කිසිම වෙහෙසක් නොගෙන සමසිතින්, සම මෙතින් ඔවුන්ට ඔවදන්
දුන්හ. තමන් හමුවීමට යම් අයෙක් හෝ පිරිසක් පැමිණි විට ඒ පැමිණි අයගේ
සිතෙහි තත්ත්වය බුදු ඇසින් බලා ඔවුන්නට සරිලන සුදුසු දහමක් දෙසීම
උන්වහන්සේගේ සිරිත වූහ. පළමුව පිළිසඳර කථා කොට දාන කථා , ශීල කථා
ආදියෙන් පසු ක්‍රමයෙන් ගැඹුරු දහම් කරුණු ගෙන හැර පාමින් ධර්මාවබෝධයට
චිත්තය සකස් වූ පසු චතුස්සත්‍යය දේශනා කිරීම උන් වහන්සේගේ දේශනා
ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් වූහ. මේ ක්‍රමයෙන් බොහෝ දෙනකු නිවන් පුර යැවීමට
උන් වහන්සේ සමර්ථ වූහ. නිවන අවබෝධ කර ගැනීමට තරම් කුශලය ද ඤාණයද
නොමේරුවන්ට මතු අත් බවකදී විමුක්තිය ළඟා කර දෙනු පිණිස ඔවුන් අඩුම
තරමින් තෙරුවන් කෙරේ පැහැදවීමටවත් ක්‍රියා කළහ.
බුදුහු තමන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරගත් ධර්මයම ගුරු තන්හි තබා
සැලකූහ.මෙසේ එව, බලව, කියා පෙන්විය හැකි ඉතා පැහැදිලි වූ ක්‍රමික
ශික්ෂා මාර්ගයක් උන් වහන්සේගේ ධර්මයේ වීය.එය අතීත, වර්තමාන, අනාගත යන
කාලත්‍රයටම පොදු අකාලික දහමක් විය. ධර්මය දැන එහි හැසිරෙන අයට කල්
නොයවා විපාක දෙන ගුණයෙන් යුක්තය. උන් වහන්සේගේ දහමෙහි පැහැද බුදු
සව්වන් බවට පත්වූවෝ ගණනින් ප්‍රමාණ කළ නොහැකි විය. ඔවුහුද ශාන්ත විනීත
ගති පැවතුම් ඇති හික්මුණු විමුක්ති රසය වින්දෝ වූහ. උන් වහන්සේ සේම
උන්වහන්සේගේ ශ්‍රාවකයෝද දක්ෂිණාවට සුදුසු වූ, ඍජු ගති පැවතුම් ඇති, ඤාණ
බලයෙන්ද, ශිල ගුණයෙන්ද, අන්‍යයන් අභිභවා ගිය පිරිසක් වූහ. ගසක් මුල
ඉපදී, ගසක් මුලදීම ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කර, ගසක් මුලදීම පිරිනිවූ
මේ අසහාය ශාස්තෘන් වහන්සේ පන්සාළිස් වසක් පුරාවට ලොවට දේශනා කරන්නට
යෙදුනේ විශ්වය නම් වූ කාල අවකාශ පද්ධතියේ තුන් කල්හිම නොනැසී නිරපේක්ෂව
පවත්නා වූ සදාතනික සත්‍යයි. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ සතරක්
වූ ආර්ය සත්‍යයි. මීට වසර දෙදහස් ගණනකට උඩදී ලොවට දැල්වී තිබූ ඒ මහා
සම් බුදු පහන නිවී ගියේවී නමුදු තව බොහෝ කලක් යන තුරු ඒ පහන් ආලෝකය
මිනිස් චිත්ත සන්තාන ආලෝකවත් කරනු ු නිසැක ය. |