පිහිට පතයි
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වකුගඩු රෝගියකුට බද්ධ කිරීම සඳහා “ඕ
නෙගටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය වී
ඇතැයි ද එම රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා බද්ධ කිරීමට වකුගඩුවක්
දන්දීමට කැමැති බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් වෙත්නම් දුරකථන අංක
5686595 ට කතා කොට දැනුම් දෙන මෙන් ද ඉල්ලීමක් කැරේ.
එස්.කේ. සිසිරකුමාර, 280/5, ඇල්හේන පාර,
සිද්ධමුල්ල, පිළියන්දල
####################################
වෑබඩ උතුර නො. 443 පදිංචි කේ.එල්.ඒ. ඉන්දික උදය කුමාර (අවු. 33 )
මහතාගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇතැයි කියති. ඔහුට වකුගඩුවක් බද්ධ කළ
යුතු බව කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් “ඕ”
පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය හෙයින් ඒ සඳහා ඔහුට විශාල මුදලක් ද,
වැය වන, අතර ආර්ථික අපහසුතා ද ඇති බැවින් උපකාර අපේක්‍ෂා කැරේ. ලංකා
බැංකුව කඩවත ශාඛාවේ ගිණුම මගින් ඊට (7230715) ආධාර කළ හැකිබවත් ඔහුගේ
බිරිය කියයි.
0112 973174, 0777 105995 දුරකථන අංක වේ. |