ශෝකය උපදින්නේ
කා තුළ ද?
විශ්‍රාමික ගුරු උපදේශක
ඒ. එම්. පේ‍්‍රමරත්න
භාග්‍යවත් සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතා
ප්‍රාසාදයෙහි හෙවත් පූර්වාරාමයේ ශාන්තව වැඩ සිටිති. හමන මඳ නළ මගින් ගත
සිත දෙකටම ලැබෙන්නේ ද ඉමහත් ශාන්තියකි. ඒ මිගාර මාතාව බුදුරදුන් බැහැ
දකින්නට පැමිණෙන වේලාවයි. දිනපතාම දහවල් කාලයේ නොවරදවාම ඇය බුදුරදුන්
බැහැ දකින්නට පැමිණෙන්නීය.
එදා මිගාර මාතාවගේ හෙවත් විශාඛාවගේ මිණිබිරියක් කලුරිය කළ දවසයි. ඒ
මිණිබිරිය විශාඛාවට ඉතාමත් පි‍්‍රය මනාප වූ සමීප වූ දැරියකි. ඇයගේ
අභාවයෙන් විශාඛාව ඉමහත් ශෝකයට පත් වූවත්, කෙසේ හෝ නියමිත වේලාවට
බුදුරදුන් බැහැදැකීමට යෑමට ඇය අමතක නොකළාය. ඒ නිසා පි‍්‍රය මනාප වූ
ස්වකීය මිණිබිරියගේ අවසන් කටයුතු කල්වේලා ඇතිව නිම කළ විශාඛාව , වහ වහා
ස්නානය කොට, පිරිසුදු වී තෙත් වූ කොණ්ඩය ඇතිව තෙත් වූ වස්ත්‍ර හැඳගෙන,
සුපුරුදු පරිදි දහවල් කාලයේ දී භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට
පූර්වාරාමයට ගියාය.
එකල, මෙකල මෙන් කෙනකු මිය ගිය පසු මහා සංඝරත්නය වැඩමවා පාංශුකූල දීමක්
සිදු වූ බව සඳහන් නොවේ.
විශාඛාවද බුදුරදුන් හමුවට ගියේ, තම මිණිබිරියගේ අවසන් කටයුතු නිම
කිරීමෙන් පසුවය. තව ද එවැනි කටයුත්තකින් පසුව ස්නානය කොට තෙත කොණ්ඩය හා
තෙත ඇඳුම් පිටින්ම සිටීම එකල මව ගේ හෝ මිත්තණිය ගේ චාරිත්‍රයක්ව
පැවතුණා විය හැකිය. නැතහොත් බුදුරදුන් බැහැ දැකීමට නියමිත හෝරාව පැමිණි
නිසා ප්‍රමාද නොවී වහා එහි යෑමට අවශ්‍ය නිසා එසේ ගියා විය හැකිය.
මිගාර මාතාව තමන් වහන්සේ වැඩ සිටි අසපුවට පැමිණෙන බව දුටු භාග්‍යවතුන්
වහන්සේ, ඇය පැමිණෙන තුරු මහා කරුණාවෙන් යුතුව නිහඬව බලා සිටි සේක.
අසළ වැඩ සිටි ආනන්ද හිමියන්ගෙන් බුදුරදුන් බැහැ දැකීමට අවසරය ලබාගත්
විශාඛාව, බුදු හිමියන් වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත්පස්ව වාඩි වූ
වාය.
තෙත් වු කොණ්ඩය ඇතිව, තෙත ඇඳුම් පිටින් සිටි විශාඛාවගෙන් භාග්‍යවතුන්
වහන්සේ උපාසිකාවනි, මේ මහ දවාලේ ඔබ කොහි සිට එන ගමන් ද? ඇයි ඔය තෙත
කොණ්ඩයක් ඇතිව, තෙත් වූ වස්ත්‍ර හැඳගෙන ඉන්නේ ? “ යනුවෙන් විමසූ සේක.
වටිනා ධර්ම සමාගමයක ආරම්භය එසේ විය.
“ ස්වාමීනි ! භාග්‍යවතුන් වහන්ස, අද හරිම ශෝක ජනක සිදුවීමක් වුණානේ “
විශාඛාවනි! කුමක් ද ඒ ශෝකය ඉපද වූ සිද්ධිය ? “ “ ස්වාමීනි! මගේ
මිණිබිරියක් සිටියා. එයා මට හරි පි‍්‍රය මනාපයි. මාත් එයාට හරි පි‍්‍රය
මනාපයි. හරිම සුරතල් දැරියක් , බලාපොරොත්තු නැති විදියට අද ඒ මිණිබිරිය
කලුරිය කළා. හරිම කනගාටුයි. එයාගෙ අවසන් කටයුතු නිම කරලයි, මේ එන්නෙ .
ඒ නිසයි මේ දහවල් කාලෙ තෙත් වූ කොණ්ඩය ඇතිව, තෙත් වූ වස්ත්‍ර පිටින්ම
ඔබ වහන්සේ බැහැ දකින්නට ආවෙ “.
තොල්ගට මඳ සිනහවක් නගා ගත් අමා මෑණි බුදු පියාණන් වහන්සේ, විශාඛාවගේ
බුද්ධිය අවදි කිරීමට එය ඉතා උචිත අවස්ථාවක් බව දැන, මෙසේ වදාළ සේක.
“ උපාසිකාවනි, ඔබ මුණුබුරු මිණිබිරියන්ට බොහොම පි‍්‍රය මනාපයි වගේ නේ
ද? “ “ එහෙමයි ස්වාමීනි, මං බොහොම කැමැතියි”
විශාඛාවනි! මේ සැවැත් නුවර බොහෝ මිනිසුන් ඉන්නවනෙ. ඔබ කැමැති ද ඒ තරමටම
ඔබට ඔය වගේ දූ දරුවො, මුණුබුරු මිණිබිරියො ඉන්නව නම් ? “ “අනේ කොච්චර
එකක්ද ස්වාමීනි ? මේ සැවැත් නුවර ඉන්න මිනිසුන් ගණනට දූ දරුවො,
මුණුබුරු - මිණිබිරියො ඉන්නව නම් මං කොච්චර වාසනාවන්තද? මං හරිම
කැමැතියි ස්වාමීනි” . “ හොඳයි විශාඛාවනි, මේකත් කියන්න .
මේ සැවැත් නුවර එක දවසකට මිනිස්සු කීයක් විතර මිය යනවද?”
“ අනේ ස්වාමීනි, කවුරු හරි නොමැරෙන දවසක් නම් ඇත්තේම නැහැ. අටක් දහයක්
මැරෙන දවසුත් තියෙනවා. හතරක් පහක් මැරෙන දවසුත් තියෙනවා. අඩු ගානෙ එක්
කෙනෙක්වත් දවසකට මැරෙනවමයි, ස්වාමීනි ,”
“ එහෙම නම් විශාඛාවනි, ඔබ කීවනෙ මේ සැවැත් නුවර ඉන්න මිනිසුන් ගණනට ඔබට
දූ - දරුවො, මුණුබුරු - මිණිබිරියො ඉන්නවා නම් ගොඩක් පි‍්‍රයයි,
කැමැතියි කියලානේද? “
“ එහෙමයි ස්වාමීනි”
“ ඉතින් විශාඛාවනි, දවසකට අඩුම ගානෙ එක්කෙනෙක් වත් මැරෙනව කියලත් කීවනෙ
? එහෙම නම් ඔබට කවදාවත් පුළුවන් වෙයි ද තෙත නැති කොණ්ඩයක් නැතිව, තෙත
නැති වස්ත්‍ර හැඳගෙන ඉන්න ? හැමදාම ඉන්ඩ වෙන්නෙ දැන් ඔය ඉන්න විදිහටම
නේද? කොහොමද ඔබ මේ ගැන සිතන්නෙ ?”
බුද්ධිය අවදි වූ විශාඛාවෝ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණහ.
“ ඇත්ත තමයි ස්වාමීනි, ඇත්ත තමයි . අපොයි එච්චර ගොඩක් මට දරු මුණුබුරු
මිණිබිරියො හිටය නම් මට සැමදාම මෙහෙම තමයි ඉන්ඩ වෙන්නෙ, මට වැටහුනා
ස්වාමීනි, එච්චර ගොඩක් දරු මුණුබුරු මිණිබිරියන්ගෙන් මට වැඩක් නෑ මයි”
“ පින්වත් විශාඛාවනි, හොඳින් සවන් දෙන්න. හොඳින් වටහා ගන්න. යම් කෙනකුට
පි‍්‍රය මනාප දේ සියයක් තිබුණොත් එයාට දුක් සන්තාප සියයක් උපදිනවා.
පි‍්‍රය දේ අනූවක් තිබුණොත් එයාට දුක් සන්තාප අනූවක් උපදිනව. පි‍්‍රය
දේ අසූවකින් දුක් අසූවකින් දුක් අසූවක් , හැත්තෑවකින් දුක් හැත්තෑවක් ,
හැටකින් හැටක් ඔය විදිහට පි‍්‍රය මනාප දේ දහයකින් දුක් සන්තාප දහයක්
උපදිනව. පි‍්‍රය දේ නවයක් තිබුණොත් දුක් නවයක්. අටක් තිබුණොත් අටක් .
ඔය විදිහට පි‍්‍රය මනාප දේ එකක්වත් තිබුණොත් ඒ අයට දුක් සන්තාප එකක්වත්
ඇතිවෙනවාමයි”
“ උපාසිකාවනි, අවබෝධ කරගන්න. මේ සසර දුක් ඇතිවන හැටි ඔහොමයි. යමක්
පි‍්‍රය මනාප ලෙසින් අල්ල ගන්නව නම් එතැන තමා දුකේ උපත . ඉතින් යම්
කෙනෙක් ඉන්නව නම් පි‍්‍රය මනාප දේ එකක්වත් නැතිව අන්න එයාට දුක්
එකක්වත් නැහැ. එයාට ශෝක සන්තාප උපදින්නේ නැහැ. කෙළෙස් දූවිලි නැති එයා
තමයි කරදර වලින් තොරව, දුක් ශෝක සන්තාප නැතිව, සැනසීමෙන් ඉන්නෙ. දුක
ඇතිවන්නෙ පි‍්‍රය මනාප නිසා මයි. ඒ මොකද ඔය පි‍්‍රය මනාප දේ වලින් කොයි
මොහොතෙ හරි අපට වෙන් වන්නට සිදුවන නිසා.’
“ ඒ නිසා යම් කෙනකුට දුක් - ශෝක - සන්තාප නැතිව, සතුටින් සැප සේ වාසය
කරන්න අවශ්‍ය නම්, එයා දුක් උපදවන දේ වලට පි‍්‍රය නොකර - ඒවාට නොඇලී
ඉන්න ඕනෑ. නොයෙකුත් දේ කොච්චර තිබුණත් කමක් නැහැ. දුක් සන්තාප පවතින්නේ
ඒවායේ නොවෙයි. ඒවා පි‍්‍රය මනාප වශයෙන් භාරගත්තමයි දුක උපදින්නෙ,
තමන්ගෙම දූ - දරු , මුණුබුරු - මිණිබිරියො කෙරෙහි වුණත් පවතින්න ඕනෑ ,
එහෙමයි. “ “ ආශ්චර්යයි, භාග්‍යවතුන් වහන්ස! ආශ්චර්යයි! යටිකුරු කළ
බඳුනක් උඩුකුරු කළ සේ මට කාරණ වැටහුණා ස්වාමීනි! “
දැල් වූ පහනකින් එතෙක් පැවැති අඳුර පහ වී ගියා සේ, බුදුරදුන්ගේ ධර්ම
සංග්‍රහයෙන් විශාඛාව තුළ එතෙක් පැවැති අනවබෝධයෝ අඳුර පහවී ගියේය .
බුදුරදුන්ට වැඳ නමස්කාර කළ විශාඛාවෝ , පහන් වූ සිතින් යුතු ව අවදි වූ
මනසින් යුතු ව පිරුණු අවබෝධයෙන් යුතු ව පූර්වාරාමයෙන් නික්ම ගියාය.
(ඛුද්දක නිකායේ
විශාඛා සූත්‍රය ඇසුරෙනි ) |