ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
උපදෙස් පරිදි කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති
උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා
පරිදි කොළඹ කුරුණෑගල පාරේ ජයසුන්දර මාවතේ පිහිටි දහම්
මැදුර ධර්මායතනයේ අධිපතිනි ස්වර්ණා ගුණරත්න සිල්මැණියන්ගේ
හා දායක දායිකාවන්ගේ සහයෝගය ඇතිව යුධ හමුදාවේ ද
අනුග්‍රහයෙන් කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේට දෙවැනි රන්වැටක්
ඉදිකර පූජා කිරීම නොබෝදා සිදුකරන ලදී. එම අවස්ථාවට ඌව
විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා
විහාරාධිපති උපාධ්‍යාය රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ
සංඝනායක අලුත්වැව සෝරත නාහිමි කතරගම ශ්‍රී
අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාඋයනේ
අරියධම්ම යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ හා කතරගම
ප්‍රාදේශීය ලේකම්, ටී.බී.එම්. අතපත්තු මහතා ඇතුළු ප්‍රභූන්
රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කතරගම අෂ්ඨඵල බෝධීන්
වහන්සේ වටා ඉදිකර ඇති දෙවැනි රන්වැට නිරාවරණය කිරීමේ
උත්සවයට වැඩමකළ ගරුතර මහා සංඝරත්නය අනුශාසනා පැවැත් වූ
අයුරු.
ඊ.එච්.සෝමපාල කතරගම විශේෂ |